TT Ads

කෙටි සහ දිගු සිරුරක් ඇති මෙම සුරතල් සුනඛ වර්ගය ලොව පුරා කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රියය. ජර්මනියේ සම්භවය ලැබූ ඩැක්ස්හුන්ඞ් (DACHSHUND) අතීතයේදී යොදා ගත්තේ ඊ්ෘඨෑඍ නම් ගුල් තුළ වෙසෙන ගොවිපළවලට ඉතා කරදරකාරී සත්ව විශේෂයක් දඩයම් කිරීමටය. ඩැක්ස්හුන්ඞ් සුනඛයන්ගේ කෙටි දිගු සිරුර නිසා BADGER සතුන් සිටින ගුල් ඇතුළටම ගොස් දඩයම් කිරීමට දක්‍ෂය. දඩයම සඳහාම යොදාගත් නිසා උපතින්ම ඉතා හොඳ ඉවක් ලැබී තිබේ.

අප රටේ බොහෝ දෙනෙකු ඩැෂ්හවුන්ඞ්, ඩැච්ෂුන්ඞ් ලෙස මොවුන් හඳුන්වයි. නමුත් නිවැරදිම උච්චාරණය ඩැක්ස්න්ඞ් නොහොත් ඩැක්ස්හුන්ඞ් යනුවෙන් විය යුතුය.

ශරීර ප්‍රමාණ 2කින් දැකගැනීමට හැකි MINIATURE DACHSHUND බර 7නට -15නට පමණද උස අඟල් 8”- 10” පමණද වෙයි. STANDARD DACHSHUND බර 3නට – 5නට පමණද උස අඟල් 5”- 8” පමණද වෙයි. මෙම වර්ගයේ උස ලෙස සලකනු ලබන්නේ පොළොවේ සිට සතාගේ උරහිස තෙක් උසය.

ඩැක්ස්හුන්ඞ් වර්ගය ලෝම අනුව ආකාර 3කට බෙදා ඇති අතර ඉන් කෙටි ලෝම සහිත ඩැක්ස්හුන්ඞ් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබේ. ඊට අමතරව ළා දුඹුරු, රතට හුරු තද දුඹුරු, දුඹුර සහ තද කළු යන වර්ගවලින් දැක්නට හැක. කැරලි ගැසුණු ලොම් සහිත ඩැක්ස්හුන්ඞ් හා දිගු ලොම් සහිත ඩැක්ස්හුන්ඞ් ශ්‍රී ලංකාව් කලාතුරකින් දැකිය හැක. විදේශීය රටවල බහුලව කැරලි ගැසුණ ලොම් සහිත ඩැක්ස්හුන්ඞ් අළු පැහැයට හුරු කළු වර්ණයෙන්ද එම වර්ණයේ සංයෝජනවලින්ද දැකගැනීමට හැකිය.

මෙම සුනඛ වර්ගයේ ප්‍රජනනය වසරකට දෙවරක් සිදුකරනු ලබන අතර ගැබ් කාලය දින 57-63 අතර වෙයි. වරකට පැටවුන් 6-8 ප්‍රමාණයක් බිහිකිරීමේ හැකියාවක්ද මොවුන් සතුව ඇති විශේෂ ලක්‍ෂණයකි.
ශරීර ප්‍රමාණය කුඩා වුවත් ඉතා නිර්භීත අලංකාර සුනඛ වර්ගයක් වන මොවුන් වර්තමානයේ අප නිවෙස්වල මුරකරුවන් හැටියටද සුරතලුන් හැටියටද දක්නට ලැබේ. ගෙදරට අමුත්තෙකු පැමිණි විට මොවුන් දිවයන්නේ විදුලි වේගයෙන් තදින් බිරීමක්ද ඇතිවය.

ඩැක්ස්හුන්ඞ් තමන්ගේ ස්වාමියාටත් පවුලේ සියලු දෙනාටත් බෙහෙවින් ආදරය දක්වන අතර පවුල තුළ පවුලේම සාමාජිකයෙකු ලෙස කැපී පෙනීමට බොහෝ කැමැත්තක් දක්වයි. නිතරම පොළොව හැරීමටද කුඩා සතුන් පසුපස එළවීමටද, සෙල්ලම්බඩු වැනි දේවල් සපමින් කාලය ගත කිරීමටද, පුටුවක් වැනි උස් අසුනක් මත හිඳ අවට සිදුවන දේවල් ගැන විමසිලිමත් වීමටද බොහෝ කැමැත්තක් දක්වයි. නිතරම පොළොව හෑරීම නිසා මැක්කන් හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගේ ග්‍රහණයට ගොදුරු වන බැවින් එවැනි පරපෝෂිතයන් පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුය. පාලනයකින් තොරව අධික ලෙස ආහාර ලබා දීම නිසා අධික තරබාරු වීමටද ඉඩ ඇත. එසේ වුවහොත් කොඳු ඇට පෙළේ ආබාධ ඇති වීමටද හැකි බැවින් ව්‍යායාම කෙරෙහි උනන්දු කළ යුතුය.

වෙනත් සුනඛ වර්ග ගැන සලකා බැලීමේදී ඩැක්ස්හුන්ඞ් වර්ගය ඉතා හොඳ නිරෝගී සුනඛ වර්ගයක් වන අතර අවුරුදු 12-14 වැනි හොඳ ආයු කාලයක් ජීවත් වීමේ හැකියාවක්ද ඇත.

මෙම වර්ගයට අයත් නිරෝගී සුනඛ පැටවකු රුපියල් 10,000 සිට 15,000දක්වා මුදලකට මිලදී ගැනීමට පුළුවන.

ඇම්. රොෂාන් පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>