TT Ads

පුඩිං වර්ග කන්න කොච්චර කැමති වුණත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්න ලොකු අපහසුවක් දරන්න වෙන නිසා වගේම ඒකට ලොකු වියදමක් යන නිසා ගොඩක් දෙනෙක් පුඩිං කන්න තියෙන ආසාව අමතක කරලා. හැබැයි මේ රසම රස පුඩිමට ඕන කරන දේවල් කුස්සියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම හදන්නත් හරිම ලේසියි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • කිතුල් හකුරු ග්‍රෑම් 200ක්
  • වියළි මිදි ස්වල්පයක්
  • කජු ස්වල්පයක්
  • මිටිකිරි මිලි ලීටර් 300ක්
  • ජෙලටීන් ග්‍රෑම් 40ක්
  • එනසාල් ඇට 5ක්
  • තල ඇට ග්‍රෑම් 10ක්

සාදා ගන්නා ආකාරය

මුලින්ම කිතුල් හකුරු හොඳින් පොඩිකර පසෙකින් තබාගන්න. ඉන්පසු පොල්කිරි සමග හකුරු දියවෙන තෙක් මිශ්‍ර කර ගන්න. සාප්පානකට දියකරගත් හකුරු එකතු කර මද ගින්නේ රත්කර ගන්න. එයටම ජෙලටීන් දමා හොඳින් දියකර ගන්න. මෙම මිශ්‍රණය කැමැති හැඩයක් ඇති භාජනයකට දමා නිවෙන්න හැර අධිශීතකරණයේ පැය 1 1/2 ක් පමණ තබන්න, හොඳින් සෙට් වූ හකුරු පුඩිම වියළි මිදි හා කජු වලින් සරසා ගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>