TT Ads

වෙජි පීසා, චිකන් පීසා, චීස් පීසා, ගාර්ලික් පීසා වගේ නානාප්‍රකාර නම්වලින් පීසා කෑවත් පොළොස් පීසා නම් තාම රස බලලා නැතුව ඇති. ඉතාලි කෑමක් වුණත් සිංහල ආරෙට කන්නයි අප මේ කියා දෙන්නේ.

අපි මුලින්ම පීසා ඩෝ එක නැත්නම් පීසා රොටියට අවශ්‍ය ද්‍රව්‍ය දැන ගනිමු

  • මේ සඳහා පිටි ග්‍රෑම් 500ක්,
  • ලූනු ග්‍රෑම් 10ක්,
  • ඊස්ට් ග්‍රෑම් 10ක්,
  • ඔලිව් ඔයිල් මිලි ලීටර් 50ක්,
  • ඔරිගානෝ ස්වල්පයක් (මෙය සුපිරි වෙළෙඳසල් වලින් මිලදී ගත හැකියි)
  • වතුර මිලි ලීටර් 100ක් හෝ 50ක් අවශ්‍යයි.

අපි මුලින්ම රොටිය සාදා ගනිමු

පිටි, ලුණු, ඊස්ට්, ඔලිව් තෙල්, ඔරිගානෝ එකතු කර අතේ නොඇලෙන රොටි පදමට පිටි මෝලිය සාදා ගන්න. ඉන්පසු කුඩා බෝලවලට වෙන්කර විනාඩි 20ක් පමණ පිපෙන්න තබන්න.
අනතුරුව අපි පීසා එක සාදා ගැනීමට අවශ්‍ය කොන්කසේ එක සාදා ගනිමු

  • මේ සඳහා සුදු ලූනු බික් 03ක් හෝ 04ක්
  • බී ලූනු ගෙඩි 01ක් (සිහින්ව ලියාගත්)
  • ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් හෝ 3ක්
  • තක්කාලි ගෙඩි 3ක් හෝ 4ක්
  • ලුණු, ගම්මිරිස්
  • ටොමැටෝ පේස්ට් ටිකක් අවශ්‍යයි

මුලින්ම භාජනයක් ළිප තබා ඔලිව්තෙල් එක් කර සුදු ලූනු, බී ලූනු දමා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු තක්කාලි ගෙඩි උණු වතුරෙන් යන්තම් තම්බා පොතු හැර, තෙම්පරාදුවට එක්කරන්න. මේ මිශ්‍රණය උකු කිරීමට ටොමැටෝ පේස්ට් එක දමා ලුණු, ගම්මිරිස් පදමට එක් කරන්න.

දැන් සාදන්නේ පිරවුම සඳහා අවශ්‍යවන පොළොස් කරියයි.

  • මේ සඳහා පොළොස් ගෙඩි 1/2ක්,
  • බැදගත් මිරිස් කුඩු තේ හැඳි 01ක්,
  • බැදගත් තුනපහ කුඩු තේ හැඳි 01ක්,
  • කහ කුඩු තේ හැඳි 1/4ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්,
  • කුරුඳු පොතු කැබැල්ලක්,
  • කරදමුංගු ඇට 02ක්
  • මිටිකිරි කොප්ප 01ක් හා
  • දියකිරි කෝප්ප 1/2ක්,
  • රම්පෙ, කරපිංචා,
  • සුදු ලූනු බික් 03ක් හෝ 04ක්,
  • බී ලූනු ගෙඩි 01ක්,
  • අමු මිරිස් කරල් 01ක් අවශ්‍යයි.

පොළොස් කරිය සාදා ගන්නා ආකාරය

කැබැලි කපාගත් පොළොස්වලට කුළුබඩු සියල්ලම එක්කර දියකිරෙන් ළිප තබා මද ගින්දරේ පිසගන්න. පොළොස් හොඳින් තැම්බුණු පසු මිටිකිරි එක්කර පොළොස් කරිය සාදා ගන්න.

අපි දැන් පීසා එක හදමු

පාන් පිටි මෝලියෙන් අවශ්‍ය ප්‍රමාණයට රොටියක් තුනීකර කලින් සාදා ගැනීමට කියා දුන් කොන්කසේ එකෙන් රොටිය මතුපිට ආවරණය කර ගන්න. ඉන්පසු පොළොස් මිශ්‍රණය අතුරා මොසරැල්ලා චීස් උඩින් දමා ඔරිගානෝ කුඩු උඩින් ඉසින්න. මෙම පීසා එක සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයේ උඩද, යටට සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේද තබා විනාඩි 13ක් හෝ 15ක් බේක් කරගන්න.

ප්‍රවීණ සූපවේදී කෙනත් ක්‍රිෂාන්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>