TT Ads

මීට කලින් සතියක අපි තිර රෙදිවලට යොදන රැලි වර්ග කිහිපයක් ඉදිරිපත් කළෙමු. එහි තවත් දිගුවක් අද මෙසේ දිග හැරේ.

 

Roller Pleat (රෝලර් ප්ලීට් – ගොබ්ලට් ප්ලීට්)
ඔබ සාදාගත් One Pleat එකේ පරිදි යටින් ප්ලීට් 2 හෝ 3 සිටින සේ අතින් හදාගෙන මසා ගන්න. එවිට උඩ ප්ලීට් එකේ උඩින් විවරව පවතී. එයට පැඩින් පුරවා ගන්න. රවුමට කපා ගත් රෙදි රවුමක් උඩින් තබා වටේ නවා අතින් මසාගන්න. ඉතාම අලංකාර මෝස්තරයකි.

 

රේලින් සවි කර ගන්නා ආකාරය ඉහත රූප සටහන් බලා වටහා ගන්න.

තනි තිරයට එක රේලිනයක්ද තිර දෙකට රේලින් 2ක්ද සවි කරගන්න. අවශ්‍ය දිගට රේලින් කපා ගන්න. දෙපස මිම්මට වඩා අඟල් 2ක් පමණ ඇතුළතින් ඩි්‍රල් එකකින් විද ගන්න. රෝල් ප්ලග් ඇතුළු කර ඒ මත බ්‍රැකට් සවි කර ගන්න. අඩියකට රනර්ස් 5-6 පමණ වැටෙන සේ රේලින් ඇතුළු කර දෙපසින් එම් කැප් සවි කර ගන්න.

තිර රෙදි සඳහා පෝල්ස් භාවිත කරන විට පෝල්ස් වර්ග රාශියක් ඇත. ලී, යකඩ, තඹ, පිත්තල, ප්ලාස්ටික් ආදියෙන් විවිධ මෝස්තර වලට ඔබට වෙළෙඳ පළෙන් ලබා ගත හැක.

 

සවි කිරීම


ජනේලයේ සිට ඉහළට 2” ක්ද දෙපසට 2” බැගින් මැන බ්‍රැකට් දෙකක් දෙපසින් බිත්තියට සවි කර ගන්න. පළල වැඩිනම් මැදටත් බ්‍රැකට්ස් සවි කළ යුතුය.

රින්ස් දමාගත් පෝල්ස් බ්‍රැකට්ස් මත රඳවා තිරය කර්ටන් හුක්ස් මගින් රඳවා ගත හැක. පෝල්ස් අඩියට රින්ස් 3ක් දමා ගන්න.

 

පෝල්ස් භාවිත කරන තිර රෙදි මෝස්තර

අයිලට් ක්‍රමය
රෙදි ප්‍රමාණය
උස +11
පළල x 3
අයිලට් සඳහා සකස් කළ 5” පළල ස්ටිප් පටි අයිලට් සමග වෙළෙඳ පළෙන් අවශ්‍ය පළලට මිලදී ගන්න.
One Pleat ක්‍රමයට රෙද්දේ ඉහළ නොපිටින් ස්ටිප් පටිය අල්ලා ගන්න. අයිලට් අල්ලන ස්ථානවල රෙදි කොටස් ඉවත් කර අයිලට් පියන් දෙක සවි කර ගන්න. වාටි මසා ගන්න. අයිලට් අතරින් පෝල් එක යවා එම් කැප් සවිකර බ්‍රැකට්ස් මත රඳවා ගන්න.

 

2 ක්‍රමය

රෙදි ප්‍රමාණය
උස + 11
පළල x 2

දෙපස සහ ඉහළ 1” බැගින් වාටිය මසා ගන්න. පෝල් එක ඇතුළු කිරීමට හැකි ප්‍රමාණයට පළල වෙනත් රෙදි පටියක් රූප සටහනේ මෙන් උඩින් 2½” පහළින් අල්ලා ගන්න.
පෝල් එක දමා අවශ්‍ය පළලට රැලි කර ගන්න. වාටිය 5” මසාගන්න

3 ක්‍රමය

රෙදි ප්‍රමාණය
උස+ 6
පළල x 2
අඟල් 15 බැගින් පරතරය ලකුණු කර කුඩා ලූප්ස් අල්ලා ගන්න. හුක්ස් මගින් රින්ස් වල එල්ලා ගන්න.

 

4 ක්‍රමය

රෙදි පටි මගින් සකසා ගන්නා ක්‍රමයක්

රෙදි ඉහත ප්‍රමාණයටම ලකුණු කර අඟල් 1 පළල රෙදි පටි අල්ලා ගන්න.
නිර්මාණශීලී ඔබට තවත් ක්‍රම සකසා ගත හැක.

බණ්ඩාරගම – එම්.එස්.පී. මැහුම් පාසලේ උපදේශිකා ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම ඩිප්ලෝමාධාරිනී මානෙල් ප්‍රේමතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>