TT Ads

බ්‍රිතාන්‍ය රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන අයිමේ ගූල්ඩ් (Aimée Goold ) නම් හෙදිය  සිය ෆේස්බුක් ගිණුමේ ඇගේ අනුකම්පා උපදවන සුළු දුක්ඛිත රූපය පලකරමින් මෙසේ සටහන් තබා තිබුණාය. ඇය එය සටහන් කර තිබුනේ එළඹෙන පාස්කු උත්සවයට බ්‍රිතාන්‍ය ඡනතාව පිටතට නොයා සිය නිවෙස් තුලම රදවා ගැනීමෙි අහිංසක අරමුණෙනි.ඇය තබා තිබූ මෙම සටහන ගැන මේවනවිට ලොවපුරා බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.
.
ඔබ මෙම පාස්කු ඉරිදා පිටතට යාමට පෙළඹෙන විට, මෙම මුහුණ මතක තබා ගන්න.
====
මෙය දැඩි සත්කාර ඒකකයේ හෙදියකගේ මුහුණයි.
මාසයකට ආසන්න කාලයක් තමන්ගේ පවුල දැක නැති කෙනෙකුගේ මුහුණ මෙයයි.
පසුගිය දින හය තුළ පැය 65 ක් වැඩ කළ මුහුණ මෙයයි.
දිනකට පැය 13 කට ආසන්න කාලයක් මුහුණු ආවරණ පැළඳීමෙන් ඇතිවු පීඩනයෙන් හානිවූ මුහුණයි මෙි.
.යථාර්ථයේ මුහුණ මෙයයි
නිරය හරහා යන මුහුණ මෙයයි.
ඇගේ සියලු සගයන් හා ඔවුනගේ සෞඛ්‍යයද වර්තමානය හා අනාගතය යන දෙකටම බිය වන කෙනෙකුගේ මුහුණ මෙයයි.
ඔබගේ මියයන පවුලේ සාමාජිකයාගේ අත අල්ලාගෙන සිටින ඔවුන් කිසි විටෙකත් තනි නොකරන මුහුණ මෙයයි.
ඔබේ පවුලේ අය වෙනුවෙන් යමෙකු තම ජීවිතය සකස් කර ගැනීමේ මුහුණ මෙයයි.
වෙහෙසට පත්ව සිටින , නමුත් දිගටම කොවිඩ් -19 සමඟ සටන් කරන කුමක් වුවත් ඉදිරියට යන කෙනෙකුගේ මුහුණ මෙයයි.
සියලුම ප්‍රධාන සෞඛ්‍ය සේවකයින් සමඟ පෙරමුණ ගැනීමට ලැබීම ගැන ආඩම්බර වන . රටෙි අගුලු දැමීම අවසන් කිරීමට අවශ්‍ය කෙනෙකුගේ මුහුණ මෙයයි.
සමාජ දුරස්ථ නීති රීති පිළිපදින්නැයි ඔබෙන් ඉල්ලා සිටින මුහුණ මෙයයි.
මෙම පාස්කු සති අන්තයේ පිටතට නොයන ලෙස ඔබෙන් අයදින මුහුණ මෙයයි.
නිවෙස් ඇතුලත රැඳී සිටීමින්, ඔබව ආරක්ෂා කිරීමට, ඡාතික සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමට සහ වෙනත් ජීවිත බේරා ගැනීමට අපට උදව් කරන්නැයි .ඔබෙන් අයැද සිටින දැඩි සත්කාර ඒකකයේ හෙදියක්ගේ මුහුණ මෙයයි.

උපාලි ජයසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>