TT Ads

බෝංචි කිරට කාලම ඇති වෙලා නේද? ඉඳලා හිටලා බෝංචි තෙල් දැම්මත් කෑමවේලට ලොකු වෙනසක් නම් ඇති වෙන්නෙ නැති තරම්. ඒ නිසා අද අප ඔබට කියාදෙන්නේ බෝංචි අලුත් තාලෙට හදන අපූරු ක්‍රමයකුයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් බෝංචි කරල් 10ක් 15ක් පමණ
  • බිත්තර 01ක්
  • කෝන්පිටි මේස හැඳි 2ක්
  • පාන්පිටි මේස හැඳි 2ක්
  • සිහින්ව කුඩුකරගත් උම්බලකඩ කුඩු
  • තේ හැඳි 01ක්
  • ලුණු අවශ්‍ය පමණට
  • කහකුඩු තේ හැඳි 1/4ක්
  • කැබැලි මිරිස් තේ හැඳි 1/2ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2ක්
  • බැදගැනීමට අවශ්‍ය තරම් තෙල්

සාදා ගන්නා ආකාරය

බෝල් එකකට බිත්තරය දමා මදක් තට්ටු කර ගන්න. එයට මිරිස් කැබැලි, ගම්මිරිස්, උම්බලකඩ කුඩු, ලුණු, කහකුඩු එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් අනතුරුව එයට කෝන්පිටි හා පාන්පිටි එක්කර ඝන බැටරයක් සාදා ගන්න. හොඳින් සෝදා නූල් ඇරගත් බෝංචි දෙකට කඩා නටන උණුවතුරේ බස්සවා ක්ෂණයෙන් ඉවතට ගෙන ලුණු, ගම්මිරිස් දමා සීසන් කරගන්න. එසේ සීසන් කරගත් බෝංචි බැටරයේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී – සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>