TT Ads

මේ සතියේ ඔබ ඉගෙන ගන්න සූදානම් වන්නේ ස්මොකිං මෝස්තරයක් කිරීමට පෙර රෙදි සකස් කරගන්නා ආකාරයයි.

ඔබේ බිලිඳු දියණියගේ ගවුමට ඔබේම අතින් ස්මෝකිං මෝස්තරයක් කිරීමට අවශ්‍ය නම් මුලින්ම ඔබ රූපයේ දැක්වෙන ආකාරයට ගවුමේ සාය කොටස අඟල් 2 පමණ ඉඩ තබා, අඟල් 3/4 ප්‍රමාණයක් එක සමානව නූල් ඇදීම කළ යුතුය. මෙහිදී රෙද්දේ මුලු පළලම එක සමානව නූල් ඇද ගන්න. එය සිදු කර ගන්නා ආකාරය ඔබට 1 රූප සටහන අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය.


ඉන්පසු වාටිය කොටස ඇඹරුම් වාටියෙන් හැඩ කර ගත යුතුය. එය කැරළි නූල් පාට දෙකකින් කිරීමෙන් වඩාත් අලංකාර කරගත හැකිය. අඟල් කාලක් පමණ ඉඩ තබා ඔබ පළමුවෙන්ම කුඩා මෝස්තරයක් කළ යුතුය. (ඒ සඳහා පළමු රූපය බලන්න) ඉන්පසු මෝස්තරය පෙර එකට වඩා විශාල කර මසාගත හැකිය.

මෙලෙස රූප සටහන් අධ්‍යයනය කරමින් ඔබට සොඳුරු නිර්මාණයක් බිහි කර ගත හැකිය. මෙවැනි නිර්මාණ සකස් කර ගන්නා ආකාරය පියවරෙන් පියවර ඉදිරි සතිවලදී ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.

නිර්මාණ උපදෙස් සහ  ඡායාරූප අත්කම් සහ රූපලාවන්‍ය උපදේශිකා
කුමුදි නෙත්තසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>