TT Ads

බිලිඳු ඇඳුම් වගේම නැපි, කොට් ෂීට්, බිලිඳු යට ඇඳුම් වැනි දේවල් මසා අලෙවි කිරීම ලාභදායී ව්‍යාපාරයක්. මේවා මැසීමට ගත වන කාලය අඩුයි. ඒ නිසා වැය වන ශ්‍රමයත් අඩුයි. මෙවැනි ස්වයං රැකියාවක යෙදීමට කැමති නම් මෙය ඔබට මහඟු අත්වැලක් වේවි.

 

නැපිය

1. නැපි සඳහා මල් පීස් රෙදි 20”x 20” කපා ගෙන වටේ හීනියට වාටි මසා ගන්න. නැතිනම් ඕවර්ලොක් කරන්න.

බිලිඳා ඔතන රෙද්ද

මේ සඳහා මල්පීස් රෙදි 36” x 36” කොටස් 2ක් අවශ්‍යයි. හොඳපිට දෙක එකට තබා වටේ මසා (පොඩි ඉඩක් තබා) හරවා ගන්න. නැතිනම් නොපිට දෙක එකට තබා වටේ ඕවර්ලොක් කරගන්න පයිපින් කරගන්නත් පුළුවන්. තනිපාට මල් පීස් රෙදි ගන්නවා නම් වෙළෙඳ පළේ ඇති අයන් කර මුද්‍රණය කරගත හැකි මල් හෝ සුරතල් සතුන්ගේ රූපයකින් අලංකාර කරගන්න.

 

කොට් ෂීට්

3. කොට් ෂීට් සඳහා ගන්නා ජලය උරා නොගන්නා රෙක්සින් වැනි රෙදි තිබෙනවා. එවැනි රෙදි කොටස් 1යි. පැඩින් ෂීට් එකයි. ලයිනින් සඳහා පොප්ලින් කොටස් 1යි.

*  එකට තබා රූපයේ පරිදි ක්වීල්ට් කර ගන්න. වටේ ගැළපෙන පාටකින් පයිපින් කරගන්න. වෙළෙඳ පළේ මිලෙන් භාගයකට ඔබට මේවා නිවසේදීම සකස් කරගත හැක.

 

බිලිඳු කලිසම්

බිලිඳාගේ වයස මාස 5කට පමණ පසු මෙය ඇන්ද විය හැකි පහසු කලිසමකි මේ.

ඉහත මිමි අනුව A රූප සටහන වටහාගෙන පතරොම සකස් කරගන්න. මල්පීස් රෙදි වලින් ඩබල් දමා වටේ පයිපින් කර ගන්න. B රූපය බලන්න. දිග කොටස් දෙක පිටු පස පලුවයි ඒ කොන් දෙකට වෙල්ත්‍රෝ කැබලි හෝ බොත්තම් අල්ලා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරගන්න. ඇන්දවීමට පහසු නිසා මෙය බිලිඳාට මනාව ගැළපේවී.

 

බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාසලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී
මැහුම් ඩිප්ලෝමාධාරිනී මානෙල් ප්‍රේමතිලක
0779621306

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>