TT Ads

 

දේශීය පාරිභෝගික නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් සමාගමේ තවත් සුවිශේෂ සමාජ සත්කාරයක් වන බේබි ෂෙරමි දරු පැටියාගේ ලෝකය වැඩසටහන දියත් කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා (22) කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි.
සමාජයක මනා පෞරුෂයෙන් හෙබි සාර්ථක මෙන්ම යහපත් දරුවන් පිරිසක් බිහිවන්නේ ඔවුන්ගේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය නිසි ලෙස සිදුවුවහොත් පමණක් බව මනාව වටහාගත් ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, විශිෂ්ට දරු පරපුරක් බිහි කිරීමේ උදාර අරමුණින් යුතුව මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලාංකීය දෙමාපියන් හට පුළුල් අධ්‍යාපනයක් ලබා දීම සඳහා බේබි ෂෙරමි දරු පැටියාගේ ලෝකය නමින් අගනා වැඩසටහනක් නිර්මාණය කර තිබේ.
මේවන විට සිදුව ඇති සමාජ පරිවර්තන සහ එමගින් දෙමාපියන්ට ඇති බලපෑම විශ්ලේෂණය කිරීමෙන් පසුව, මෙම අධ්‍යාපනික ක්‍රමවේදය තවදුරටත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් හේමාස් සමාගම, මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික අංගයන් නව්‍යකරණය කර තිබේ.

රාකේෂ් කෝස්ලා ( කළමනාකාර අධ්‍යක්ෂ – හේමාස් FMCG )

බේබි ෂෙරමි අනුග්‍රහය යටතේ බේබි ෂෙරමි දරු පැටියාගේ ලෝකය වැඩසටහන ඔස්සේ මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් රූපවාහිනී, මාධ්‍ය, ගුවන්විදුලි, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තල ඔස්සේ දියත් කිරීමට සැලසුම් කර තිබේ.
ගර්භණී මව්වරුන් සෘජුවම සම්බන්ධ කර ගනිමින් ඉදිරි මාස කිහිපය තුළ මෙම වැඩසටන් පානදුර, වාද්දූව, හොරණ, බණ්ඩාරගම, බුලත්සිංහල, මතුගම සහ fදාඩන්ගොඩ යන නගර ආවරණය වන පරිදි කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.
හේමාස් සමූහ ව්‍යාපාරය වසර 2002 සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා ළමා ලේකම් කාර්යාලය සමග සමීපව කටයුතු කරන අතර, සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය (ECCD) වැඩසටහන් සඳහා අමාත්‍යංශය ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දී ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>