TT Ads

මඤ්ඤොක්කා කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:-

 මඤ්ඤොක්කා ග්‍රෑම් 500
 රට ලූනු ග්‍රෑම් 50
 සුදු ලූනු බික් 4
 අබ ඇට තේ හැඳි ½
 ගම්මිරිස් තේ හැඳි 1
 මිරිස් කුඩු තේ හැඳි 1
 තුනපහ කුඩු තේ හැඳි 1
 කබලේ බැදගත් පොල් ග්‍රෑම් 100
 රසට අනුව ලුණු
 මිටිකිරි අඬුකෝප්ප 1
 රම්පේ කැබැල්ලක්
 කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය:-

මඤ්ඤොක්කා ටික ලෙලි හැර සෝදා ගන්න. තරමක කැබැලි කපා පියන හැර තම්බා දිය බේරා ගන්න. දැන් තම්බාගත් මඤ්ඤොක්කා කැබැලි ඇතිළියකට දමන්න. රට ලූනු, සුදු ලූනු, රම්පේ, කරපිංචා සහ තුනපහ වර්ග සියල්ලද සමග කබලේ බැදගත් පොල් ගලක ගුලියක් ලෙස අඹරා ගන්න. දැන් මේ ගුලිය පොල්කිරි වල දිය කර ගන්න. පදමට ලුණුද, තුනපහ මිශ්‍ර පොල් කිරිද දමා හොඳින් මිශ්‍ර කර ළිප තබා නටවා ගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>