TT Ads

ඔබට මේ අවස්ථාවේ අතිශයින්ම වැදගත් වන මුහුණු ආවරණයක් එහෙමත් නැත්නම්  ෆේස් මාස්ක් එකක් නිවසේදීම පිරිසිදුව ,සරලව සහ ඉක්මනින් මසාගැනීමට අවශ්‍ය පියවර සදහන් කරන්නේ මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සිතමින්.

ඔබ මේ මොහොතේ දේශිය හො විදේශීය රටක හිටියත් වැඩි පහසුකම් සපයාගත නොහැකි තත්ත්වයක ඉන්නවා විය හැකියි..එහෙයින් අප මෙහිදී භාවිතකරන්නේ ඒ හැමෝටම පහසුවෙන් සපයාගතහැකි සරල අමුද්‍රව්‍යයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය
~~~~~~~~~~~
ෆෙල්ට් රෙද්දක්
ඉදිකටුවක්
නූල්
ඉලාස්ටීක් පටි 2

මා මෙහිදී භාවිතා කළේ   ඝණත්වය වැඩි ෆෙල්ට් රෙද්දක් .

යම්හෙයකින් ඔබට ඒ සමහර අමුද්‍රව්‍ය සොයාගැනීමට අපහසුනම්  කොට්න් රෙදි පටවල් 4 ක් දමා හෝ මේ මුඛ ආවරණය සකසා ගන්න.. ෆේස් මාස්ක් ලැබෙනතුරු මෙය ඔබට සහනයක් වනු ඇත.

පතොරම සැකසීමට 6cm සරල රේඛාවක් ඇද එහි හරි මැද ලකුණු කර එතැන් සිට ඉදිරියට 9 cm ,ක රේඛාවක් අඳින්න ..එයම 12 cm ,දක්වා දිගු කරන්න.9,cm රේඛාව දෙපසට 7 cm දෙපසට ලකුණු කර රේඛාව අඳින්න…පසුව වක්‍රාකාර හැඩය සකසාගන්න.මෙම රූපසටහනේ හැඩය අනුගමනය කරමින් කාඩ්බෝඩ් පතක ඇදගන්න . එය කපා රෙදි මත තබා කොටස් දෙකක් කපාගන්න

ඊළඟ රූපසටහන පරිදි වක්‍ර පැති දෙකේ, හොඳ  පිට එක මත එක තබා 1/2 cm මැහුම් වාසි සහිතව මසාගන්න..මෙය ෆෙල්ට් රෙද්දක් නිසා නූල් ඇදෙන්නේ නැත.එබැවින් වාටි මැසීමක් අවශ්‍ය නොවේ.. ඉන්පසුව දෙපැත්තේ ඉලාස්ටීක් පටි 2 රැදවීමට 1 cm පමණ නවා මසාගන්න . ලොකු වටි සහ ගොරොසු ගතිය පැළදීමේදි අපහසුතා ගෙනදේ. වැසූ වාටිය අතරින් ඉලාස්ටීක් පටි 2 යවා පටි දෙක එක මත එක තබා මැස්මක් ගසන්න.මේ සියල්ල සදහා ප්‍රිස්මේන්තු මැස්ම සහ වාටි මැස්ම පමණක් සෑහේ..එහෙයින් මෙය නිවසේ මසාගැනීමට ලොකු මැහුම් දැනුමක් අවශ්‍ය නැත.

ඔබට මේ නිර්මාණය සම්බන්ධයෙන්   වැඩිදුර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්
0726155434 අංකයෙන් හෝ කුමුදි නෙත්තසිංහ ෆේස්බුක් ගිණුම හරහා විමසන්න.

කුමුදි නෙත්තසිංහ

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>