TT Ads

ආහාර පිළියෙළ කිරීමේදී එදිනෙදා අමුමිරිස් අවශ්‍යතාවය සපුරා ගැනීමටත්, අමතර නිෂ්පාදනයෙන් වියළි මිරිස් සකසා ගැනීමටත්, බදුන් පෝච්චි හෝ වගා මළු තුළ වගා කිරීමේ තාක්ෂණය යොදා ගත හැක. ගෙවත්තේ ඉඩ පහසුකම් ඇති ස්ථානද, බොරළු සහිත නිසරු ඉඩම්ද, තට්ටු නිවාසවල කොන්ක‍්‍රීට් වහළයන්ද මේ සදහා යොදා ගැනීමට පුඵවන.

දේශගුණීක අවශ්‍යතා

අමු මිරිස් අපේ රටේ ඕනෑම ප‍්‍රදේශයක වැවිය හැකි වුවත්, වියළි මිරිස් සදහා වඩාත්ම යෝග්‍ය වන්නේ වියළි හා අතරමැදි කලාපයන්ය. වියළි මිරිස් නිෂ්පාදනයේ අස්වනු නෙළන විට වියළි කාලගුණයක් තිබීම වැදගත් වේ. බදුන්ගත වගාවේදී වගා බිම එතරම් වැදගත් නොවුන ද වගා මාධ්‍ය පිරවූ බදුන් හොදින් ජලය බැසයන හිරු එළිය වැටෙන ස්ථානයක තිබීම වැදගත්ය. කෙසේ වුවද අධික උණුසුම සහ අධික වර්ෂාව මිරිස් වගාවට හිතකර නොවේ.

මිරිස් වගාවට සුදුසු කාලය

මිරිස් බෝගය වසර පුරාම කළ හැකි නිසා බදුන්ගත මිරිස් වගාවේදී වගා කරන කාලය අපගේ අවශ්‍යතාවය පරිදී ගලපා ගත හැක. සාමාන්‍යයෙන් පැල සිටුවා මාස දෙක හමාරකින් පමණ අස්වනු නෙලිය හැකි බැවින් සැලසුම් ගත වගාවකදී මෙම ක‍්‍රමය වැදගත් වේ. එහෙත් ජූනි සිට අගෝස්තු මැද දක්වා කාලය තුළ පවතින අධික උෂ්ණත්වය මිරිස් වගාවේදී පළිබෝධ හානි උග‍්‍ර කරන හෙයින් ඒ වනවිට ශාකයේ වර්ධක අවධිය පසුකර තිබීම හෝ අධික උණුසුම පාලනය කිරීම අවශ්‍ය වේ. පැළ සිටුවීමට නියමිත දිනට දින 25-30 කට කලින් බීජ තවාන් කොට නිරෝගී පැල සාදා ගැනීම අවශ්‍යවේ.

නිරෝගී පැල ලබා ගැනීම

බදුන්ගත වගාවකට අවශ්‍ය පැල ලබා ගැනීම සදහා බදුන් තවාන් යොදා ගැනීම යෝග්‍යය. මේ සදහා අගල් 2 පළල, අගල් 4 උස පොලිතීන් බදුන්වල හෝ තවාන් තැටිවල සාදාගත් පැළ සුදුසුය.

වගා මාධ්‍ය සකස්කර ගැනීම

කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් ගැඹුරු ලොම පස මිරිස් වගාවට ඉතා සුදුසුය. බදුන්වල වගා කිරීමේදී මතුපිට පස් හා කොම්පෝස්ට් සමව මිශ‍්‍රකර බදුන් මිශ‍්‍රණය සකස් කර ගැනීම වැදගත්වේ. මේ සදහා දහයියා අගුරු කොටස් භාගයක්ද එක් කර ගැනීමෙන් වගා මාධ්‍යයේ ගුණාත්මක භාවය වැඩිකර ගත හැකිවේ. මිරිස් ශාකයේ මුල් තරමක් ගැඹුරට වැඩෙන නිසා වගා බදුන්වල ප‍්‍රමාණය ඊට සරිලන උසකින් තිබීම වැදගත්ය.

පැළ සිටුවීම

දින 25-30 වයසැති පත‍්‍ර 5-6 ඇති හා අගල් 6 පමණ උස නිරෝගී පැල සුදුසුය. පැළ සිටුවන අවස්ථාවේදී පසෙහි ප‍්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුවේ. එක් ස්ථානයකට පැළ දෙකක් ප‍්‍රමාණවත් වන අතර සිටුවීමේදී මුල් හොදින් තදවනයේ පැළය සිටුවා ගැනීමට මතක තබා ගත යුතුය. පැල සිටුවීම සදහා සවස් කාලය යෝග්‍ය වන අතර, සිටුවීමෙන් පසු ජල සම්පාදනය කිරීමෙන් හා සෙවන යෙදීමෙන් පැළ මැරීයාම පාලනය කරගත හැක.

ජල සම්පාදනය

වගා බදුන්වල දී පැළය සමග පවතින පාංශු පරිසරය සීමා සහිත බැවින් හා බදුන් වලදී හොදින් ජල වහනය සිදුවන බැවින් මූල මණ්ඩය අවට ප‍්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය. මේ සදහා බිංදු ජල සැපයුමක් ලබාදිය හැකිනම් ඉතා සුදුසුය.

පොහොර යෙදීම

වෙළදපොළේ ඇති මිරිස් පොහොර හෝ යූරියා ඔීඡු, ඵධඡු පොහොර 3:2:2 අනුපාතයට යොදා සකසාගත් මිශ‍්‍රණයෙන් සති දෙකකට වරක් එක් බදුනකට ග‍්‍රෑම් 5-10ක් (වර්ධන වේගය අනුව) බැගින් යෙදීම අවශ්‍යවේ. පැළවලට තරමක් ඈතින් වනසේ පැළය වටා පොහොර යොදා පසෙන් යට කිරීම අවශ්‍යය.
මිරිස් ශාකයේ වර්ධනයත් මල් කරල් හට ගැනීමත් සමග වගා මාධ්‍යයෙන් ලැබෙන පෝෂක ප‍්‍රමාණවත් නොවන හෙයින් දියර පොහොර ලෙස පත‍්‍ර හරහා අතිරේක පෝෂණයක් ලබාදිය යුතුවේ.

වල් මර්ධනය හා පස් එකතු කිරීම

බදුන් තුළ මෙන්ම බදුන් අවට පරිසරයේ වල් පැල ඉවත් කිරීමත් වගාව අවට රෝග හා පළිබෝධක ධාරක ශාක ඉවත් කිරීමත් අවශ්‍ය වේ. වර්ෂාව සමග මෙන්ම බදුන්වලට ජලය යෙදීමේදී ක‍්‍රමයෙන් බදුනේ වගා මාධ්‍ය තද වීමත්, පස් ඉවත්වීමත් සිදුවන හෙයින් පස බුරුල්කර පොහොර යොදා මාධ්‍යය වරින් වර බදුන් වලට එක් කිරීමත් කළ යුතුය.

රෝ්ග සහ පළිබෝධ

x කොළ කොඩවීම, කරල් විදින දළඹුවන්ගේ හානිය, දිලීර සහ වෛරස් රෝග මිරිස් වගාවේ ප‍්‍රධාන පළිබෝධ හානි වේ.
x පැළ මැක්කා, කුඩිත්තා සහ මයිටාවා යන කුඩා සතුන් ළපටි පත‍්‍රවලින් යුෂ උරා බීම නිසාත් ඇතිවන කොළ කොඩවීම මිරිස් වගාවේදී අත්විදීමට සිදුවන තවත් පළිබෝධ හානියකි.
x ජූලි – අගෝස්තු මාසවල පවතින අධික උණුසුම හා තද සුළං සහිත ස්වභාවය මෙම සතුන්ගේ බෝවීමට ඉතා හිතකරවේ.

කොළ කොඩවීම ඇතිකරන සතුන් සහ හානිය

පැළ මැක්කන්්ගේ හානියෙන් පත‍්‍ර උඩු අතට රෝල් වීම, මයිටාවන්ගේ හානියෙන් පත‍්‍ර යටි අතට රෝල් වී බොකුටු වීම, කුඩිත්තාගේ හානියෙන් පත‍්‍ර බොකුටු ආකාරයට ඉහළට හැකිලීම, වෛරස් හානි නිසා පත‍්‍ර කහ පැහැ වීම, නාරටි පෑදීම හා ශාකය කුරුවීම කොළ කොඩවීම හදුනාගත හැකි සංකීර්ණ ලක්ෂණ වේ.

රෝග හා පළිබෝධ පාලන කි‍්‍රයාමාර්ග

බදුන් ගත වගාවේදී රසායනික පළිබෝධ පමණක් යෙදීම එතරම් ප‍්‍රයෝගික හා ආර්ථිකව ලාබදායි නොවන හෙයින්, ගුණාත්මක බීජවලින් වගාව ආරම්භ කොට තවාන් අවධියේ සිටම සැළකිලිමත්වී ඒකාබද්ධ රෝග හා පළිබෝධ පාලන ක‍්‍රමයක් අනුගමනය කිරීම වැදගත්ය.
x සුළං බාධක ශාක සිටුවීම, පොල් අතු, කෘමි ප‍්‍රතිරෝධ දැල් හෝ වෙනත් ආවරණයක් වගාව වටා යෙදීම.
x නව වගාව ආරම්භ කිරීමට පෙර පැරණි වගාවන් ඉවත් කිරීම
x පැළ අතර පරතරය නිවැරදිව තබා ගැනීම
x අසාදිත කොටස් කඩා ඉවත් කිරීම හා නිසි පරිදී විනාශ කිරීම
x ඉසිනයකින් වැඩි පීඩනයකින් ජලය ඉසීම සහ රෙදි සෝදන කුඩු හෝ සබන් දියර ඉසීම
x කොහොඹ ඇට සාරයෙන් නිෂ්පාදිත පළිබෝධ නාශක සතිපතා යෙදීම
x ගෙවතු වගාවේදී මදුරුතලා, ගදපාන, පොඩිසිංඤෝ මරං, සුදු`ඵෑණු සහ ගොම මිශ‍්‍ර කොට සාදාගත් ද්‍රාවණයක් ඉසීම
x අඵත් පත‍්‍රවල හානිය දක්නට නොලැබෙන තුරු පළිබෝධ නාශක වාර කිහිපයක් දින 7-10 කාලාන්තර වලින් යෙදිය යුතු අතර, ඒ සදහා වඩාත් යෝග්‍ය වනුයේ උදෑසන හෝ සවස් කාලයයි.

අස්වනු නෙළීම

පැළ සිටුවා දින 75-80 කින් අනතුරුව පළමු අමු මිරිස් අස්වැන්න නෙලිය හැක. සතියකට වරක් බැගින් මාස 04-06 ක පමණ කාලයක් අස්වනු ලබාගත හැක.
වියළි මිරිස් සදහා අස්වනු නෙලීමේදී හොදින් රත් පැහැ වූ කරල් පමණක් නෙලා ගැනීම කළ යුතුය.

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>