TT Ads

මෑත කාලයේ අපේ රටේ බොහොමයක් විද්වතුන් අතර ඇතිවුණු මතයක් තමයි අතීත රජ කාලෙ මී ගසට ලබා දී තිබූ වටිනාකම නැවතත් එයට ලබා දිය යුතුයි කියන කාරණය. ඒ වගේම ලංකාව පුරා මී ගස් දසදහසක් පැල කිරීමේ ව්‍යාපෘතියක් ගැනත් කතාබහට ලක් වුණා. මේ තරම් කතා කරන්න තරම් මී ගසේ තියෙන වැදගත්කම මොකක්ද? අතීත රජ කාලෙ මී ගහට ලැබුණු වටිනාකම මොකක්ද?
මී ගහ ගැන අපිට දැනගන්න තියෙන වැදගත්ම අතීත තොරතුර තමයි දේවානම්පියතිස්ස රජ සමය. දේවානම්පියතිස්ස රජතුමා රටවැසියන්ට පනවා තිබුණු අණපනත් අතර වෘක්ෂ වර්ග දෙකක් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එකක් තමයි බෝ ගස. කාටහරි මොකක් හෝ හේතුවක් නිසා බෝ ගහක් කපන්න ඕනෙ නම් එයට හේතුව පැහැදිලි කරලා රජතුමාගෙන් ඒ සඳහා අවසර ගන්න ඕනෙ කියලා තමයි පළමු නීතිය පනවලා තිබුණේ. හේතුව සාධාරණ නම් බෝ ගහ කපන්න අවසර ලැබුණා. බෝ ගහ කියන්නේ බුදු දහම නිසා අපේ රටේ වන්දනාවට ලක් වූ ගසක් නිසයි ඒ නීතිය පනවා තිබුණේ. ඊළ`ග නීතිය පනවලා තිබුණේ මී ගස සම්බන්ධයෙනුයි. මී ගස කියන්නේ කිසිසේත්ම කපා දැමීම තහනම් වූ ශාකයක්. කවුරුන් හෝ මී ගසක් කපලා අහු වුණොත් ලැබුණේ මරණ ද`ඩුවම. මී ගහක් කපන්න කිසිම සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැහැ. කාගෙ හරි ගෙදරකට මී ගහක් කඩා වැටෙන්න අතු බර වෙලා තියනවා නම් ඒ ගෙදර අයට රජතුමා විසින් වෙනත් තැනකින් ගෙයක් හදලා දුන්නා මිස මී ගස කපන්න අවසර ලැබුණේ නැහැ. ඒ ගහ ආරක්ෂා කර ගන්න උපක‍්‍රම යෙදුවා. දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් අපේ සිංහල රජවරු මී ගස් ආරක්ෂා කරලා තිබුණේ එහෙමයි.
නමුත් 1833 අවුරුද්දේ කෝල්බෘක් ප‍්‍රතිසංස්කරණය ආවට පස්සේ මී ගස් කැපීම සම්බන්ධයෙන් පනවා තිබුණු නීති ඉවත් කෙරුණා. ඕනෙම කෙනෙකුට ඕනෙම විදියකට මී ගස් ඕනෙ තරම් කපන්න අවසර ලැබුණා. කෝල්බෘක් පාලනය යටතේ පාලම් හදන්න යොදා ගත්තේ මී ගහේ අරටුව. දැන් ප‍්‍රශ්නයක් මතු වෙනවා රජවරුන් ඔච්චරම ආරක්ෂා කරපු, සුද්දන් ඔචච්රම කපා දමපු මී ගස කියන්නේ මොකක්ද කියලා.
ලෝකයේ මී ගස් විශේෂ 7 ක් තියනවා. ඉන් 4 ක් ම ලංකාවට ආවේණිකයි. ඵ්ායමජ් කදබටසදෙකස් කියන විද්‍යාත්මක නමින් හඳුන්වන මී ගස තමයි අපේ රටේ බහුලවම තිබෙන්නේ. සාමාන්‍යයෙන් මී ගසක කඳ මීටර් 20 ක් විතර උස යනවා. ලපටි නොමේරු කොල බූව සහිත රතු පැහැයෙනුත් මේරූ කොල ලා කොල පැහැයෙනුත් තමයි තියෙන්නේ. ජුනි, ජුලි මාසවල හට ගන්න මී මල් ලා කහ පාටයි. ලා කොල, කහ වගේ පැහැයන්වලින් යුතු මී ගෙඩි ඇතුළේ තමයි මී ඇට තියෙන්නේ. මී මල් පිපෙන කාලෙට වවුලන්ගෙන් නම් බේරෙන්න බෑ. වවුලන්ගේ ප‍්‍රියතම ආහාරය තමයි මී මල් සහ ගෙඩි. මේවා කන වවුලන් තැන්තැන්වල වසුරු හෙලනවා. ඉන්දියානු පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කරපු පර්යේෂණයකින් හෙලි වුණු කාරණයක් තමයි වවුලන් වැඩිපුර ගැවසෙන තැන්වල පස පුදුමාකාර විදියට සාරවත් කියන එක. එ් ගැන වැඩිදුර පරීක්ෂා කළාම සොයා ගන්න ලැබුණු දේ තමයි මේ සාරවත් බවට හේතුව වවුල් වසුරුවල ඇති ජීර්ණය වූ මී ඇට කියන කාරණය. හරියටම කියනවා නම් මී ඇට ආහාරයට ගත් වවුලන් හෙලන වසුරු පුංචි ගිනි පෙට්ටි පියනක් විතර වූ ප‍්‍රමාණයක යූරියා කිලෝ 3 ක විතර රසායනික සංඝටක අඩංගු වෙනවා. ඒ වගේම ඒ වවුල් වසුරුවල කිසිම බැරලෝහයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පස සාරවත් වෙන්නේ. මේක මී ගසේ ප‍්‍රයෝජනවලින් සියයට දශමයක ප‍්‍රමාණයක් විතරයි. ඊට අමතරව මී ගසේ සෑම කොටසක්ම හිතන්නේ නැති තරම් ගුණ ගෙන දෙන ඖෂධීය ගුණයන් සහිත වෙනවා.
දැනට අවුරුදු කීපයක ඉඳලා කතාබහ කරන අපේ රටේ තියන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි හඳුනා නොගත් වකුගඩු රෝගය. ඒකට ක්‍ණෘම කියලා කියනවා. ඒ කියන්නේ ක්‍යරදබසජ්කකහ ණසාබැහ ෘසිැ්ිැ ඹබනබදඅබ. මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල. මේ රෝගයට ඹබනබදඅබ කියලා වචනයක් එකතු වෙලා තියෙන්නේ ඒ රෝගයට හේතුව තවම පර්යේෂණාත්මකව හොයාගෙන නැති නිසා. නමුත් වකුගඩු නරක් වෙන්න බලපාන පළවෙනි හේතුව තමයි බැරලෝහ සහිත ජලය පානය කිරීම. අපේ රටේ ගංගාවලට බැරලෝහ කොහෙන්ද? ඒවා එන්නේ කෘෂිකර්මාන්තයෙදි යොදන රසායනික පොහොරවලින්. එහෙනම් කෘෂිකාර්මික ප‍්‍රදේශවල මේ රෝගය ව්‍යාප්ත වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එතකොට මේ කාරණයට මී ගහ සම්බන්ධ වෙන්නේ කොහොමද? ජීර්ණය වූ මී ඇට සහිත වවුල් වසුරුවල කිසිම බැරලෝහයක් නැහැ කියලත් ඒවා ඉතාම සාර්ථක කාබනික පොහොරක් කියලත් කලින් කිව්වා. එහෙනම් කෘෂිකර්මාන්තයෙදි රසායනික පොහොර වෙනුවට මී ගස්වලින් පොහොර ලබා ගන්න පුළුවන්.
දැන් බලමු ඇයි කෝල්බෘක් ප‍්‍රතිසංස්කරණය යටතේ මී ගස් කපන්න අවසර ලැබුණේ කියලා. සාමාන්‍යයෙන් රසායනික පොහොර වර්ග සියල්ලම වගේ විදෙස් නිෂ්පාදන. මේ පොහොර විදෙස්වලින් මිලදී ගන්න නම් අපේ පසේ සාරවත් බව නැති වෙන්න ඕනෙ. මී ගස් තියනකන් ඒක කරන්න බැහැ. හොඳම විසඳුම තමයි මී ගස් කපන්න අවසර ලැබීම. එතකොට කාලයක් යද්දි කෘෂිකර්මාන්තය අඩාල වෙලා ගොවීන් රසායනික පොහොර භාවිත කරන්න පටන් ගන්නවා. ඉතින් කෝල්බෘක් පාලන කාලෙ මී ගස් විශාල ප‍්‍රමාණවලින් කපා දැමුණා. රට සංවර්ධනය කරන්න කියලා හදපු දැවැන්ත පාලම් ඉදිවුණේ මී ගසේ අරටුවෙන්. එය ඉතාමත් ශක්තිමත් අරටුවක්. ඔය විදියට තමයි මේ වෙද්දි මී ගස දුර්ලභ ශාකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මී ගස් වැඩිපුර වගා කරලා ක‍්‍රමයෙන් රසායනික පොහොර පාවිච්චිය නතර කරලා දැම්මා නම් කෘෂිකර්මාන්තයට ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ, මින් ඉදිරියට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් අඩු කර ගන්න පුළුවන් කියලා විද්වතුන් කියනවා. ඒ නිසා තමයි මී ගස් වැඩිපුර සිටුවන්න කියලා මේ වෙද්දි ව්‍යාපෘතීන් දියත් කරන්න යන්නේ.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>