TT Ads

ඔප්පුවක මුල් පිටපත නැති වුණොත් කරන්න ඕන මොකක්ද සහ අලු‍ත් පිටපතක් ලබා ගන්න හැටි සහ වියදම ගැන මේ ලිපියෙන් ඔබට.

1.සාමාන්‍යයෙන් ඔප්පුවක පිටපත් 3 ක් තියෙනවා,

A  මුල් පිටපත = ලියාපදිංචි කිරීම සඳහා ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියට යවන එක. (ඔප්පු හිමිකරුට දෙන්නේ මේක තමා.)

B .දෙවන පිටපත = මුද්දර ගහලා ඔප්පු ලියන “‍නොතාරිස්වරයා දෙවන පිටපත් භාර දෙන කච්චේරියට ඊළඟ මාසෙ 15 දින හෝ ඊට පෙර භාර දෙන එක”‍.

C .නොතාරිස් පිටපත = ඔප්පුව ලියන නොතාරිස් ගාව හැමදාම තියා ගන්න එක.

2.දැන් ඉහත කියපු එකේ “‍මුල් පිටපත ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියට යැව්වාම ඊට අදාළ පත් ඉරුවේ එය ලියාපදිංචි කරනවා.

3.ඉන් පස්සේ ඔප්පුව ලියපු නොතාරිස්වරයා මේ මුල් පිටපත කච්චේරියෙන් අරන් එය හිමිකරුට ලබා දෙනවා.

4. අර දෙවන පිටපත කියපු එක “‍ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියේ නෙමේ තියෙන්නේ”‍.

5. ඒ දෙවන පිටපත තියෙන්නේ ‍ඔප්පුව ලියන නොතාරිස්වරයා තමන්ගේ දෙවන පිටපත් භාර දෙන කච්චේරියේ තමයි”,
නිදසුන =“අවිස්සාවේල්ලේ”‍ තිබෙන ඉඩමක් ගැන ඔප්පුවක් “‍ගාල්ල”‍ මහාධිකරණ බල ප්‍රදේශයේ සේවය කරන නොතාරිස්වරයෙක් ලිව්වහම එම ඔප්පුවෙ දෙවන පිටපතක් ගන්න වෙන්නේ ඉඩම තියෙන අවිස්සාවේල්ල කච්චේරියෙන් නෙමේ “ගාල්ල”‍ කච්චේරියෙන් (දෙවන පිටපත ගාල්ලේ නොතාරිස්වරයා භාර දෙන්නේ ගාල්ල කච්චේරියට හින්දා) (නමුත් සමහර අවස්ථාවල අවිස්සාවේල්ල කච්චේරියට පිටපතක් එවලා තිබුණොත් ඒකෙන් පිටපතක් අවිස්සාවේල්ලෙන් ගන්න පොඩි ඉඩකඩක් තියෙනවා).

6. අර කලින් කියපු විදිහට ඔප්පුව ලියන නොතාරිස්වරයා ළඟ හැමදාම පිටපතක් තියෙන හින්දා එම නොතාරිස්වරයා හමුවී පිටපතක් ගන්නත් ඔබට පුළු‍වන්.

7. කොහොම වුණත් මුල් ඔප්පුව නැති වෙලානම් ඔබ කරන්න ඕන හොඳම දේවල් විදිහට මේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්.

A. කච්චේරියෙන් සහතික කරන ලද ඔප්පු පිටපතක් ලබා ගැනීම. (වියදම රු.500-1000 අතර)
B. එම ඉඩම ලියාපදිංචිවී ඇති පත් ඉරුවේ පිටපතක් කච්චේරියෙන් ලබා ගැනීම.(ඔප්පුව ලියලා තියෙන පිටුව).(වියදම රු.100-200 අතර).
C. මොනව හරි සැක කටයුතු ගනුදෙනුවක් නම් ඔප්පුව ලියන ලද නොතාරිස්වරයා වෙතින්ද ඔහුගේ ළඟ හැමදාම තියෙන පිටපතෙන් ඔබ පිටපතක් ලබා ගන්න (පොඩි මුදලක් ගෙවන්න වේවි).(රුපියල්.1000 ක් ප්‍රමාණවත්)

8. මුල් ඔප්පුව නැතිවෙලා තිබෙන අවස්ථාවක “‍ඔබ ඒ ඉඩම මිලට ගන්නවා නම්, මුල් ඔප්පුව හිමිව තිබූ අයගෙන් එම මුල් ඔප්පුව නැතිවීම ගැන සඳහන් කරලා දිවුරුම් ප්‍රකාශයක් ගත්ත නම් හොඳයි කියලා මට නම් හිතෙනවා”‍

9. මේ ඔක්කොම කියලා අන්තිමට ඔබට කියන්න තියෙන්නේ “‍මුල් පිටපත නැති වුණා කියලා ඔබේ ඉඩමට තියන අයිතියවත් එම ඉඩමේ වටිනාකමවත් නැතිවෙන්නේ නෑ කියලා තමා”‍.

10. ඒ හින්දා හොඳම දේ ඔබට හිමි ඉඩමකට අදාළ මුල් ඔප්පු ප්‍රවේශම් කර ගන්න එක තමා. සමහර වෙලාවට විකිණීමේ අවස්ථාවකදී ගන්න කෙනා “‍මුල් ඔප්පුවක් මේ ඉඩමට නෑ කියලා ගාණ අඩු කරන්න බලයි,අහුවෙන්න එපා”‍.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>