TT Ads

 

මේ දවස්වල වැඩි දෙනෙක් ඉන්නේ ගෙවල්වල . ඒ නිසා ගෙදර දොර වගේම වත්ත පිටයේ වැඩ කරන්නත් බොහෝ දෙනෙක් උනන්දු වෙනවා . හැබැයි ගෙවත්තේ වැඩක් පලක් කිරීමේදී , නිවසේ බඩු එහා මෙහා කරමින් අස්පස් කිරීමේදී මෙන්ම මල් පැළ වලට සාත්තු කිරීමේදී හා ඒවා එහා මෙහා කිරීමෙන් අනතුරුව පහුවදා නැගිටගන්න බැරිතරම් අපහසුතා පැන නගිනවා නේද ? මෙම තත්වයට බොහෝවිට හේතුවන්නේ වැරදි ඉරියව් භාවිතා කිරීම නිසා මාංශ පේෂි අනවශ්‍ය පරිදී ඇදීමට ලක්වීම හා කොදු ඇට පෙළ අනවශ්‍ය පරිදී පීඩනයට පත්වීමයි. නමුත් නිවැරදි ඉරියව් භාවිතා කර මෙම කටයුතුවල නිරත වුනොත් කිසිදු අපහසුතාවයකින් තොරව ඇදිරිනීතිය අවසන් වූ ගමන් රැුකියාවට යන්න පුලූවන්.
මල් පැළවලට සාත්තු කිරීමේදී මෙන්ම එදිනෙදා ගෙවත්තේ සිදු කරන කටයුතු වලදී බොහෝ දෙනෙක් තමන්ට පහසු ඉරියව් භාවිතා කිරීමට හුරුවී ඉන්නවා. කෙනෙක් අස්ථාවරව සිට මෙම කටයුතුවල නිරතවන අතර තවත් අය සිටගෙන කොන්ද නවා මෙවැනි කටයුතුවල යෙදෙනු දැකගත හැකියි. නමුත් එවැනි ඉරියව් වල එක දිගට වැඩ කටයුතුවල යෙදීමෙන් කොදු ඇට පෙළ මෙන්ම මාංශ පේෂීන් ද ඇදීමට ලක්වීමෙන් ඉතා ඉක්මනින් අපහසුතා පැන නැගිය හැකියි .නමුත් එවැනි කටයුතු වල නිරතවීමේදී කොන්ද සෘජුව තිබෙන ලෙස වාඩිවී එක් කකුලක දණහිසට හා විලූඹට බරදී වැඩකටයුතුවල නිරත වීමෙන් ඇතිවිය හැකි ආබාධ බොහොමයක් අවම කරගන්නට පුලූවන් .
බොහෝ දෙනෙකු මෙවැනි හදිසි ආබාධ වලට ලක්වන්නේ මල්පෝච්චි එහා මෙහා කරන්නට යමේදීයි . විශේෂයෙන් තමන්ට දැරිය නොහැකි ප‍්‍රමාණයේ බරක් ඔසවන්නට උත්සාහ කිරීමේදී බොහෝ විට මාංශපේෂීන් ඇදීමකට ලක්වෙනවා. මෙය එතරම් බරපතල තත්වයක් නොවුනත් කොදු ඇට පෙළට අතිරේක පීඩනයක් දරන්නට සිදුවුවහොත් එය බැරෑරුම් ප‍්‍රශ්නයක් විය හැකියි .

 


මේ නිසා මල්පෝච්චියක් වෙනත් දෙයක් තවත් ස්ථානයකට රැුගෙන යාමට පෙර එනම් තනිව රැුගෙන යාමට හැකිදැයි මුලින් පරීක්ෂාකාරී විය යුතුයි . අපහසුවෙන් තනිව රැුගෙන යනවාට වඩා දෙදෙනෙක් එක්වී එම කාර්යයේ යෙදුනහොත් ආබාධ ඇතිවීම වළක්වා ගතහැකියි .
සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් මල්පෝච්චි එහා මෙහා ගෙන යාමේදී අනුගමනය කරන්නේ ඇෙග් මඩ තැවරෙන නිසා මල්පෝච්චිය සිරුරින් මදක් ඉදිරියෙන් තබාගෙන යාමටයි. ඒ වගේ ම ඇතැම් අය මේ ආකාරයට ඔසවා ගැනීමෙන් අනතුරුවයි තැබිය යුතු ස්ථානය ගැන විපරම් කරන්්නේ. මෙය මාංශපේෂීන්වලට අමතර වෙහෙසක් දැරීමට සිදුවන කාර්යයක් වන බැවින් මාංශ පේෂීන් ඇදීමට ලක්වීම තුළින් පහසුවෙන් ආබාධ හටගත හැකියි. මේ නිසා දැනට ඇති ස්ථානයෙන් මල්පෝච්චිය වෙනත් ස්ථානයකට රැුගෙන යාමට අදහස් කරන්නේ නම් මුලින්ම එය තබන ස්ථානය ගැනත් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා.
මල්පෝච්චියක් එහා මෙහා කිරීමේදී මුලින්ම එය තමන්ට රැුගෙන යාමට හැකිදැයි දැනගත යුතුයි. ඉන්පසුව මල්පෝච්චිය ළ`ග දණ නවා කොන්ද සෘජුව තබාගෙන පහත්වී මල්පෝච්චියේ පතුළ අත්දෙකෙන් හොදින් අල්ලා ගන්න ඕන.ඉන්පසුව දෑතින්ම මල්පෝච්චිය ඔසවා තමන් ළගට ගතයුතුයි. දණහිස් කෙළින් කර නැගිටිය යුත්තේ ඉන්පසුවයි.
මේ අවස්ථාවේ මල් පෝච්චියේ බර අත් දෙකට දැනුනත් සිරුරට ස්පර්ෂ වන ආකාරයට තබා ගැනීම නිසා අනතුරුදායක තත්වය අවමයි. එසේම මේ අවස්ථාවේ වැලමිට හො`දන් දිග හැරී තිබෙන ලෙස මල්පෝච්චිය ඉනට පහළ මට්ටමක තබාගැනීම ගැනත් අවධානය යොමුකළ යුතුවෙනවා . මෙම ක‍්‍රමයට මල්පෝච්චිය ගැනීමේදී කුණු දුහුවිලි තැවරෙන නිසා එම කටයුත්තේ නිරතවීමට සුදුසු ඇ`දුමක් ඇදගත යුතුයි. නැත්නම් ඇදුම බේරාගනිමින් වැඩකටයුතුවල නිරතවීමට උත්සාහ කිරීමෙන් වෙනත් ආබාධ වලට ලක්විය හැකියි. නමුත් මෙවන් අවස්ථාවල බොහෝ දෙනෙක් මල්පෝච්චියේ උඩ දාරයෙන් ඇල්ලීමට හුරුවී සිටින අතර එය නිවැරදි ක‍්‍රමයක් ලෙස සැලකීමට බැහැ.
පලූුදු වූ මල්පෝච්චි එහා මෙහා ගෙනයාමේදීත් ආබාධ වලට ලක්විය හැකියි. එයට හේතුව කැඞීගිය මල්පෝච්චි රැුගෙන යනවිට එකවර කැඞී අතින් ගිලිහී යාමෙන් ක්ෂණිකව කොදුඇට පෙළට හා මාංශපේෂීන් වලට පීඩනයක් ගෙන දිය හැකියි. මේ නිසා පලූදු වූ මල්පෝච්චි එහා මෙහා කිරීමේදී ප‍්‍රවේශම්විය යුතුයි. කෙසේ හෝ ගෙවත්තට මල්පෝච්චි තෝරා ගැනීමේදී පහසුවෙන් හසුරුවා ගත හැකි ප‍්‍රමාණයේ මල්පෝච්චි තෝරා ගැනීම ආබාධ ඇතිවීම වළක්වා ගැනීමට ගතහැකි හොදම පියවර වෙනවා.
මෙහිදී මල්පෝච්චි ප‍්‍රධාන කොට ගනිමින් මෙම කරුණු ඉදිරිපත් කළත් පොදුවේ කිසියම් බරක් එසවීමේදී මෙම කරුණු අදාළ කරගත යුතු අතර ඒ තුළින් දෛනික දිවියේ ඇතිවන අබාධ බොහෝමයක් අඩුකර ගැනීමට අවස්ථාව උදාවෙනවා.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ හෞත චිකිත්සක
උදය පී. චන්ද්‍රසේන

සටහන
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>