TT Ads

මුහුණේ කොතරම් සොඳුරු බවක් පැවැතියද සිරුර ස්ථුලභාවයෙන් යුතු නම් එය මුහුණේ සුන්දරත්වයටද බලවත් හානියක් බව ඔබ දනී. වර්තමානයේ බොහෝ කාන්තාවන් පෙළෙන ගැටලුව වන්නේද එයමයි. අද අප කතා කරන පාද හස්තාසය සිරුරේ අනවශ්‍ය මේද සංචිතය දිය කර හරිමින් ඔබට හැඩකාර සිරුරක් උරුමකර දෙයි. පාද හස්තාසනයේ නිතර රැඳී සිටින ඔබගේ උසද වර්ධනය වේ. මීට පෙරදී අප ඉගෙන ගත් පශ්චිමොත්තාසනයේ ප්‍රතිඵල එලෙසම ලබා දෙමින් ඊට අමතරව පහත සඳහන් ප්‍රතිලාභද ඔබට ළඟා කර දෙයි.

නළල දණ මත ස්පර්ශ කිරීම අර්ථ ගැන්වෙන පාද හස්තාසනයේ
තවත් සුවිශේෂි ප්‍රතිලාභ

■ මානසික පීඩන දුරු කරමින් මනස සැහැල්ලු කරවන අතරේ කයටද මනා සුවයක් ළඟා කර දෙයි.
■ කොඳු ඇට පෙළ ශක්තිමත් කරවයි.
■ මුහුණට හොඳ රුධිර සැපයුමක් ලබා දෙමින් මුහුණේ සුන්දරත්වයද වර්ධනය කරයි.
■ ස්නායු පද්ධතිය බල සම්පන්න කරයි.
■ දෙදණ ශක්තිමත් කරයි.
■ නහර ගැට ගැසීම වළකාලයි.
■ දෑත් සහ කලවා මස්පිඬු වර්ධනය කරවයි.
■ හිසේ කරකැවිල්ල, ක්ලාන්තය වැනි හිස ආශ්‍රිත රෝග සමනය කරයි.

පාද හස්තාසනයට පිවිසෙන ආකාරය

■ තඩාසනයේ සිට ගන්න (දෙපාලංකාර අත් දෙක ඉඟ දෙපසින් පහතට යොමු වන සේ සෘජුව සිට ගැනීම)
■ දෑත් ඉහළට ඔසමින් හුස්මක් ගන්න.
■ එම හුස්ම පිට කරන ගමන් අත් දෙකද හිසද බිමට යොමු කර දෙදණ නොනමා පාදයේ මාපටැඟිලි අල්ලා ගන්න. (වම් අතින් වම් පාදයේ මහපටැඟිල්ලද දකුණු අතින් දකුණුපාදයේ මහපටැඟිල්ලද අල්ලා ගන්නා විට ඔබේ අත් බාහු දෙකත් ස්පර්ශව පැවැතිය යුතුවේ. එහෙත් ඔබ ආධුනිකයෙකු නම් හෝ තරබාරු බවෙන් යුතු අයෙකු නම් දණහිස් මදක් නමා හෝ අභ්‍යාසයේ යෙදෙන්න. ඉඟ ප්‍රදේශය නම්‍යශීලි බවෙන් අඩු නම් හෝ දෑත් දිගින් අඩු නම් පාද මහපටැඟිලි වෙනුවට බත්කෙණ්ඩා ප්‍රදේශය අල්ලමින් අභ්‍යාසය ප්‍රගුණ කරන්න)
■ ඉරියව්වේ තත්පර කිහිපයක් රැඳී සිටිමින් නැවත අත්දෙකද කඳද ඔසවා පෙර ඉරියව්වට පැමිණෙන්න.
■ හිස සහ දෑත් ඉහළට ඔසවන විටදී හුස්ම ගනිමින් හා නැවත සිරුර පහළට යොමු කරවන විටදී හුස්ම හෙළමින් නැවත නැවත අභ්‍යාසයේ යෙදෙන්න.

ප්‍රවීණ යෝගා උපදේශිකා රේකී ආචාරිනී ආර්යා ෆ්ලෝලීච්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>