TT Ads

 

මේ දවස්වල හැමෝම ඉන්නේ ගෙවල්වල. ඇදිරිනීතිය නිසා ගමන් බිමන් යන්නත් බැරි නිසා වෙලාවක් අවේලාවක් නැතුව කෑම කාල ඇගත් ටිකක් වැඩි වෙලා ඇති. මේ නිසා නිවසේ ගතකරන කාලයෙන් වෙලාවක් වෙන් කරගෙන ව්‍යායාම් ටිකක් කරන්න හිතුවොත් හොදයි නේද? නැත්නම් ඇදිරි නීතිය ඉවරවෙලා වැඩට යනකොට සීනි, කොලෙස්ටරෝල් වැඩිවෙලා කලින් ඇදපු ඇදුම් හිරවෙන්න වුනත් පුඵවන්.
ව්‍යායාම් ආරම්භ කිරීමට ප‍්‍රථම ඒ සදහා සිරුර සූදානම් කිරීම පිණිස ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම්වල යෙදීම අත්‍යාවශ්‍යයි. මෙසේ සිරුර උණුසුම් කිරීම මාංශපේෂීන්වල කි‍්‍රයාකාරීත්වයට පෙර සූදානම් කිරීමක් වෙනවා. ඉන් පසුව තමන් තෝරා ගත් ව්‍යායාම්වල යෙදිය හැකියි. ව්‍යයාම් කිිරීමෙන් අනතුරුව එක්වරම නතර කිරීමත් අනතුරුදායකයි. මේනිසා ව්‍යායාම් ඇරඹීම මෙන්ම ව්‍යායාම් නතර කිරීමද ක‍්‍රමාණුකූලව පියවරෙන් සිදු කළ යුතුයි.
ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම්වලින් ආරම්භ වී අනිකුත් ව්‍යායාම්වල නිරතවීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ මට්ටමකට පත්වෙනවා. නමුත් නියමිත ව්‍යායාම් කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ව්‍යායාම් නතර කිරීමෙන් ඉතා පහසුවෙන් මාංශපේෂීන් ආබාධයන්ට ලක්විය හැකියි. මේනිසා ව්‍යායාම් නතර කිරීම ඉතා ක‍්‍රමාණුකූලව සිරුරේ උෂ්ණත්වය අඩුවන පරිද්දෙන් සිදුකිරීමට කටයුතුකළ යුතුයි.
ඒ සදහා සුදුසුවන ව්‍යායාම් අතරින් ක‍්‍රමයෙන් වේගය අඩුවන පරිදී ඇවිදීම, එකතැන දිවීම, ඉන් පසුව එක තැන නතරවී ගැඹුරින් හුස්ම ගැනීම හා ඇගිලි වලින් ඉස්සීම වැනි සරල ව්‍යායම් වල නිරතවෙමින් ව්‍යායාම් කිරීම අවසන් කළ හැකියි.
ව්‍යායාම්වල යෙදී අවසන් වූ සැනින් ම නෑම, ඇග පිරිසිදු කිරීම තාවකාලිකව සිරුරට සුවයක් ගෙනදෙන කටයුත්තක් වුවත් එය සිරුරට ඔරොත්තු නොදෙන තත්වයක් බවත් වටහා ගතයුතුයි. අධිකව රත් වූ යකඩයකට සීතල වතුර දැමීම තුළින් සිදුවන ක‍්‍රියාවලියට සමාන ක‍්‍රියාවලියක් අධික ලෙස සිරුරේ උණුසුම්ව පවතිනවිට නෑම හෝ ඇග සේදීම තුළින් සිදුවෙනවා. එනිසා ක්ෂණිකව සිරුරේ උෂ්ණත්වය වෙනස් කිරීම තුළින් මාංශපේෂීන්වල පටකවලට දැඩි හානි සිදුවීමේ අවධානමක් පවතින බව මතක තබාගත යුතුයි.
මේ නිසා ව්‍යායාම් කිරීමෙන් අනතුරුව ක‍්‍රමාණුකූලව සිරුර සිසිල් කර තමන්ට පහසු ඉරියව්වක දහඩිය හොඳින් පිටවන තුරු මද වේලාවක් සිටීමෙන් අනතුරුව නෑම හෝ ඇග සේදීම කළ හැකියි. ව්‍යායාම් කරන අතරතුර අධික වශයෙන් සිිරුර වෙහෙසට පත්වන නිසා දහඩිය පිටවන ප‍්‍රමාණයද ඉහළයි.
මේ නිසා අධික පිපාසයක් දැනීම ස්වාභාවිකයි. නමුත් ව්‍යායාම් කරන අතරතුර පිපාසය සන්සිෙදනතුරු බඩපිරෙන්නට වතුර බීමත් එතරම් සුදුසු දෙයක් නොවෙයි. අධික පිපාසයක් දැනේ නම් වතුර උගුරක්වත් පානය නොකරන්නැයි මෙයින් අදහස් කරන්නේ නැහැ.කෙසේ වෙතත් ව්‍යායාම් කරන අතරතුර සිසිල් කළ ජලය පානය කිරීම නම් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.
අඛණ්ඩව ව්‍යායාම් වල යෙදුණු කෙනෙක් හදිසියේ ඇතිවන විවිධ හේතු නිසා ව්‍යායාම් කිරීම සම්පූර්ණයෙන් නතර කරන අවස්ථා ද තිබෙනවා. මේ තුළින්ද විවිධ සංකූලතා හට ගැනිය හැකියි. විශේෂයෙන් මාංශ පේෂීන්වල ඇතිවන වේදනාව මේ අතරින් ප‍්‍රධානයි. මේ නිසා ව්‍යායාම් නතර කිරීමට අවශ්‍ය නම් ක‍්‍රමාණුකූලව ව්‍යායම් අඩු කිරීමට කටයුතු කළ යුතුයි.
ස්ථුලභාවය අඩුකර ගැනීම සදහාත්, කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහාත් වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම්වල යෙදෙන පිරිස් අප අතර ඉන්නවා. මෙවැනි අය තම රෝග තත්වයන් යහපත් අතට හැරුණුවිට ව්‍යායාම් නතර කරන අවස්ථා සුලභයි. නමුත් වෛද්‍ය උපදෙස් නොතකා මෙසේ ව්‍යායාම් නතර කිරීමෙන් පෙර පැවති රෝග තත්වයන් නැවත ඉස්මතුවීමේ අවධානමක් පවතිනවා. මේ නිසා එවැනි අය කළ යුත්තේ අවම ප‍්‍රමාණයකින් හෝ නියමිත ව්‍යායාම් දිගටම කරගෙන යාමයි. මේ ස`දහා කාලවේලාවක් වෙන් කර ගැනීම තම තමන්ගේ රාජකාරීමය ස්වභාවයන් අනුව තෝරා ගත හැකියි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෞත චිකිත්සක
උදය පී. චන්ද්‍රසේන
සටහන
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>