TT Ads

මේ දවස්වල පරිසරයේ උෂ්ණත්වය බොහොම වැඩියි. ඒ නිසාම මිනිස්සුන්ගේ සම වේලෙනවා. ඒ වගේම සම කසනවා. කට පැලීම්, දහදිය බිබිලි, විසර ගෙඩි ගැන මැසිවිලි නගන අයත් සුලබයි. මේ ඇඟ නිවන ගුණ සහිත ඔබට ඉතා පහසුවෙන් සාදා ගත හැකි රුලං කැඳ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • රුලං අඬු කෝප්ප 1
  • නැවුම් කිරි අඬු කෝප්ප 5
  • සීනි ග්‍රෑම් 50
  • ලුණු ස්වල්පයක්
  • කරදමුංගු ඇට 2-3ක්

 

සාදන ආකාරය

 

රුලං වලට වතුර ටිකක්, ලුණු, එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. දැන් එය හොඳින් තැම්බුනු පසු සීනි, කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. නටන විට බිමට බා බීමට ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී විමල් නාගොඩවිතාන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>