TT Ads

ශීතකරණය කියන්නේ ඔබේ ආහාර සුරැුකිව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම උපකරණයක්. එ්ත් අතට හසුවන සෑම දෙයක්ම ශීතකරණයක බහාලීම නුවණට හුරු නැහැ. ඇතැම් ආහාර එසේ ශීතකරණයක් තුළ බහාලීමෙන් එහි ගුණාත්මක බව විනාශ වෙනවා. මේ අප ශීතකරණ තුළ බහාලීමට පුරුදුව සිටින නමුත් එසේ කිරීමට සුදුසු නොවන ආහාර ගැන සටහනක්.
අලිගැටපේර – අලිගැටපේර කියන්නේ හැසිරවීමට ඉතා අපහසු පලතුරු විශේෂයක්. එ්වා ශීතකරණ තුළ බහාලීමෙන් එය ඉදීමට පත්වීමේ ක‍්‍රියාවලිය නතර වෙනවා. එ් නිසා ඉදවිය යුතු අලිගැට පේර ශීතකරණ තුළ බහාලීම සුදුසු නැහැ. එ්වා කාමර උෂ්ණත්වයේ තැබිය යුතුයි. එ් වගේම ඉදුණු විගසම එ්වා ආහාරයට ගත යුතුයි. එසේම අලිගැටපේර ඉදවීම සඳහා ඇපල් හෝ කෙසෙල් සමග බ‍්‍රවුන් පේපර් බෑගයක බහා තැබීම සුදුසුයි. ඇපල් සහ කෙසෙල් වලින් අලිගැටපේර වඩාත් ඉක්මනින් ඉදීමට හේතුවන එතිලීන් වායුව නිකුත් වෙනවා.
ඩෝනට් – ඩෝනට් වැනි ආහාර ශීතකරණ තුළ බහාලීමෙන් එ්වා නරක්වීමට සහ පෙඟීමට ලක් වෙනවා. එබැවින් එ්වා ආවරණය කොට හැකි තරම් කාමර උෂ්ණත්වයේ තබා ඉක්මනින් ආහාරයට ගත යුතුයි. නැවුම් ඩෝනට් තබාගත හැක්කේ උපරිම දින 2ක කාලයක් පමණයි.
අර්තපල් – අර්තපල් ශීතකරණවල බහාලීමෙන් එහි අඩංගු පිෂ්ඨය ඉක්මනින්ම සීනි බවට හැරෙනවා. එබැවින් අර්තපල් තැබීම වඩාත් සුදුසු වන්නේ අධික උෂ්ණත්වයෙන් ඈත් කොට පෑන්ටි‍්‍රයේමයි. කෙසේ වුවද අර්තපල් පිස ආහාරයට ගත් පසු ඉතිරිය ඉක්මනින්ම ශීතකරණයක් තුළ බහාලන්න. බේක් කරන ලද අර්තපල් ඇලූමීනියම් දවටන වල ඔතා කාමර උෂ්ණත්වයේ තැබීමෙන් එ්වා විෂ විය හැකි බව මතක තබා ගන්න.
සුදු ලූනු – බික් පිටින් නම් සුදු ලූනු අසුරා තැබිය යුත්තේ පෑන්ටි‍්‍රයේ සිසිල්, වියලි ස්ථානයකයි. එය හොඳින් වාතාශ‍්‍රය සහිත ඇසුරුමක බහා තබන්න. වාතාශ‍්‍රය නොලැබෙන ඇසුරුම්වල බහාලීමෙන් එ්වා ශීඝ‍්‍රයෙන් නරක් විය හැකියි.
ලූනු – සම්පූර්ණ වශයෙන් ඇති, නොකපන ලද ලූනු ගෙඩි ශීතකරණ තුළ බහාලීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඉතා ඉක්මනින් ලූනු පෙෙඟනසුළු බවට පත් වෙනවා. ශීතකරණය තුළ පවතින තෙතමනය ලූනු ඉතා ඉක්මනින් නරක් වීමට හේතුවක්. එ් වගේම ලූනු අධික ශීතලට ලක් කිරීමෙන් එහි පිෂ්ඨය සීනී බවට හැරෙනවා. ලූනු තැබිය යුත්තේ එ්වා මිලදී ගන්නා විට ලැබෙන දැල් සහිත බෑගයේ හෝ හොඳින් වාතාශ‍්‍රය ලැබෙන ඇසුරුමක බහා සිසිල්, වියලි ස්ථානයකයි.
කෝපි – කෝපි හෝ කෝපි ඇට ශීතකරණය තුළ බහාලීමෙන් වළකින්න. එතුළ වැඩි තෙතමනය හේතුවෙන් කෝපිවල සුවඳ සහ රස හීන වෙනවා.එනිසා නිතරම කෝපි මිලදී ගැනීමේදී අවශ්‍ය තරමට වඩා මිලදී ගැනීමෙන් වළකින්න.
මී පැණි – මී පැණි ශීතකරණය තුළ තැබීමෙන් කැටි ගැසෙනවා. එ්වා තැබිය යුත්තේ අධික උෂ්ණත්වයෙන් බැහැර සිසිල් ස්ථානයකයි. මී පැණි මාස 12ට අඩු දරුවන් සඳහා දීම නුසුදුසු බවද සඳහන් වෙනවා.
බටර් – බටර් ශීතකරණය තුළ බහාලීමෙන් එය ආහාර මත තැවරීම ඉතා අපහසු වෙනවා. ඇත්තෙන්ම බටර් තැබීම වඩාත් සුදුසු වන්නේ හොඳින් ආවරණය කොට කෙලින්ම ඉර එළිය නොවැටෙන ලෙස සිසිල් ස්ථානකයි. බටර් පැස්ටරීකරණයට ලක්කොට සහ ලූනු එක්කෙට ඇති නිසා ඉන්මනින් නරක් වන්නේත් නැහැ. කෙසේ වුවද ඔබ අධික උණුසුම් කලාපයක ජීවත් වන්නේනම් එය ශීතකරණයක බහාලීම ගැටළුවක් නොවේ.
කොමඩු – කාමර උෂ්ණත්වයේ තබන කොමඩුවල ප‍්‍රනීත ගතිය සහ යුෂ ගතිය ඉතා වැඩියි. එසේම කාමර උෂ්ණත්වයේදී එහි ප‍්‍රතිඔක්සීකරණ ගුණය, රසය සහ පෝෂණ ගුණය විනාශ වන්නේත් නැහැ. කොමඩු කැපීමෙන් අනතුරුව ආහාර ඔතන විනිවිද පෙනෙන ඇසුරුමක ඔතා ශීතකරණයේ තබන්න. එ්ත් දින තුනකට වඩා එසේ තැබීම සුදුසු නොවේ.
ඔලිව් තෙල් – ඔලිව් තෙල් ශීතකරණ තුළ තැබීමෙන් එහි ස්වභාවික රසයට හානි සිදුවිය හැකියි. එය කබඞ් එකේ අඳුරු මුල්ලක රඳවා තබන්න. විවර නොකළ ඔලිව් තෙල් වසර දෙකක පමණ කාලයක් කිසිදු හානියක් නොමැතිව තබාගත හැකියි.
විනාකිරි – විනාකිරි තැබිය යුත්තේ කෙලින්ම හිරු එළිය නොවැටෙන සිසිල්, අඳුරු ස්ථානයකයි. කෙසේ වුවද කුලූ බඩු ආදිය එක්කොට නිපදවන ලද විනාකිරි ශීතකරණයක තැබීම වඩාත් සුදුසුයි.
අබ – ආම්ලික ගුණයක් සහිත අබ ශීතකරණයක දැමිය යුතු නොවේ. එමගින් එහි ස්වභාවික රසය හීන විය හැකියි.
තක්කාලි – ඔබ අනිවාර්යයෙන්ම ශීතකරණයක නොදැමිය යුතු තවත් ආහාරයක් වන්නේ තක්කාලියි. එසේ වුවහොත් එහි රසය උද්දීපනය කරන ෙසෙල විනාශයට පත් වෙනවා.
කෙසෙල් – නොඉදුනු කෙසෙල් අනිවාර්යයෙන්ම අසුරා තැබිය යුත්තේ ශීතකරණයෙන් පිටතයි. ඉදුනු කෙසෙල් තව දුරටත් ඉදීම වළක්වා ගැනීම සඳහා ශීතකරණයක තැබිය හැකියි. කෙසේ වුවද ඉක්මනින් ඉදවිය යුතු නැති සෙසු එලවලූ හා පලතුරු ආසන්නයේ කෙසෙල් තැබීම නුවණට හුරු නැහැ.
පිපිඤ්ඤ – පිපිඤ්ඤ කාමර උෂ්ණත්වයේ අසුරා තැබූ විට එහි රසය වැඩිවෙනවා. පිපිඤ්ඤ කියන්නේ දිගු ආයු කාලයක් ඇති එලවලූ වර්ගයක්. මේවා කාමර උෂ්ණත්වයේ ඇපල් සහ කෙසෙල් වලින් ඈත් කොට අසුරා තබන්න.
අසේල කරුණාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>