TT Ads

මේ දවස්වල දිවා කාලයේ පරිසරයේ පවතින උණුසුම දරා ගන්න බැරි තරම්. උදේ කාලයේ ශීතලත් එක්ක ශරීරයේ වියළි ගතිය වැඩි වෙනවා. ඒ වගේම තමයි දැනෙන පිපාසයෙත් සීමාවක් නැහැ. මේ ගිනි ගහන පරිසරයේ උණුසුම දාහය නිවා ගන්න හැකි තරම් ද්‍රව ජාති පානය කරන්න කියලයි වෛද්‍යවරු කියන්නේ. වතුර බීම බොහොම හොඳ වුණාට, දහදියත් එක්ක ඛනිජ ලවණ වර්ගත් පිට වෙන නිසා යන්තමට ලුණු, සීනි අඩංගු පානයක් ගන්න පුළුවන්නම් තමයි වඩාත් හොඳ. ශරීරයේ ඛනිජ ලවණ අඩුවෙන කොට අධික විඩාබර කෙඩෙත්තු ගති, නිදිමත, හිසරදය වගේ රෝග ලක්ෂණ පහල වෙන්න පුළුවනි. ඒ හින්ද මේ දවස්වල වඩාත් ප්‍රාණවත්ව නිරෝගීව ඉන්න මේ වගේ පානය බීලා බලමුද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • කොළපාට ගර්කින් ගෙඩි 3ක්
  • මී කිරි අඩුකෝප්ප 2
  • ප්‍රෙෂ් මිල්ක් අඬු කෝප්ප 2
  • වතුර අඬු කෝප්ප 4ක්
  • ලුණු ස්වල්පයක්
  • සීනි ස්වල්පයක්
  • අයිස් කැට අවශ්‍ය තරමට

 

සාදන ආකාරය:-

මුලින්ම ගර්කින් සෝදා කුඩාවට කපා, එයට වතුර දමා බ්ලෙන්ඩර් කර, පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්න. දැන් එයට ලුණු, සීනි, මීකිරි දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් වීදුරුවලට දමා අයිස් කැට එකතු කර බීමට ගන්න.

ප්‍රධාන විධායක සූපවේදී විමල් නාගොඩවිතාන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>