TT Ads

කොවිඞ් 19 වසංගතය පැතිරීමත් සමග ලොව පුරා ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වුණා. කාර්යාල වැසුණා. පාසල් වැසුණා. කොටින්ම කීවොත් මුළු රටම වැසුණා. ඒ අතරේ තමයි නිවසේ සිට වැඩ කරන සංස්කෘතියක් බිහිවෙන්න පටන් ගත්තේ. ඒ වගේම නිවසේ සිට පාසල් අධ්‍යාපනික වැඩකටයුතු කරන ක්‍රමවේදයනුත් බිහිවෙන්න පටන් ගත්තා. විවිධ අය මේ සඳහා විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කරද්දී තමයි බොහෝ දෙනෙක් අතර zoom කියන මෘදුකාංගය ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. මේ වන විට මෙරට බොහෝදෙනා මෙය භාවිත කරනවා. කාර්යාලවල සේවය මේ වන විට ආරම්භ කොට තිබුණත්, පාසල් තවමත් විවෘත කොට නැති නිසා අධ්‍යාපනික වැඩකටයුතු සඳහා තවමත් මෙය භාවිත වෙනවා. බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. නමුත් ඇතැම් අයට තවමත් මේ ගැන හරිහැටි පැහැදිලි අවබෝධයක් නැති බව නම් පෙනෙන්නට තියෙනවා.
පරිගණක හෝ ස්මාර්ට් දුරකතන මාර්ගයෙන් තවත් අය කිහිප දෙනෙක් සමග එකවර කතා බහ කරන්න පුළුවන් ඇප් බොහොමයක් තියෙනවා. මේවාට අපි කියන්නේ conferencing app කියලයි. ඒ කියන්නේ රැස්වීම් පැවැත්වීම සඳහා භාවිත කරන ඇප්. zoom ඇරුණාම Google Meet” GoToMeeting” join.me වැනි නම්වලින් හඳුන්වන තවත් මෙවැනි ඇප් බොහොමයක් තියෙනවා. නමුත් මෑතකදී බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ zoom කියන ඇප් එකයි. www.zoom.us   කියන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ ඇප් එක ඔබේ පරිගණකයට හෝ ස්මාර්ට් දුරකතනයට බාගත කරගන්න පුළුවන්.
මෙය අපට නොමිලයේ හෝ මුදල් ගෙවා හෝ ලබා ගන්න පුළුවන්. නොමිලේ ලබා ගත්තොත් මේ ඇප් එක හරහා සම්බන්ධ කරගන්න පුළුවන් පිරිස 100 කට සීමා වෙනවා. ඒ වගේම එකදිගට භාවිත කළ හැකි කාලයත් මිනිත්තු 40 කට සීමා වෙනවා. සාමාන්‍යයෙන් පාසලක පන්ති කාමරයක කාල පරිච්ඡේදයකට සමාන කාලයක් නොමිලේ භාවිත කළ හැකි වීමත් 100 දෙනෙක් සහභාගී කර ගැනීමට ඇති හැකියාවත් ඉතා පහසුවෙන් මෙය ස්ථාපනය කර ගත හැකි විමත් නිසා අධ්‍යාපනික කටයුතු සඳහා මෙය අපේ රටේ වේගයෙන් ජනප්‍රිය වෙන්නට ඒවා හේතු වුණා විය හැකියි. මෙය යම් කෙනෙක් මුදල් ගෙවන සැලසුම් ඔස්සේ ලබා ගත්තොත් එහිදී මෙය භාවිත කළ හැකි කාල සීමාව වගේම සහභාගී කරවා ගන්නා පිරිසත් තවත් වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. නමුත් අපට දැනට අවශ්‍යතාවන් සියල්ලම නොමිලේ ලබාදෙන විකල්පය ඔස්සේ සපුරාගත හැකි නිසා දැනට මුදල් ගෙවා ලබාගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම දෙකක් ඔස්සේයි. එකක් තමයි host කියන එක. අනෙක තමයි participants කියන එක. යදිඑ කියන්නේ මේ ඇප් එක ක්‍රියාත්මක කරන්නට මූලික වෙන තැනැත්තාගේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකතනයයි. ඒ තැනැත්තා බොහෝ විට ආයතනයක ප්‍රධානියා හෝ පාසලක නම් ගුරුවරයා වෙනවා. participants කියන්නේ එක්කෝ ආයතනයේ සේවය කරන සේවකයන්. පාසලක නම් සිසුන්. host තමයි මෙහි මුලින්ම ස්ථාපනය කොට, අවශ්‍ය සැකසීම් සිදුකොට අනෙක් අයට මේ සඳහා සහභාගී වන්නට අවශ්‍ය කරන පහසුකම සකස් කරන්නේ.
මේ ඔස්සේ පවත්වන හමුවීම් සඳහා හඳුනාගැනීමේ නමක් (user name)සහ මුර පදයක් ( චpassword) අවශ්‍ය වෙනවා. යදිඑ කරන තැනැත්තා මේවා සකස් කළාට පසුව මෙය හා සම්බන්ධ විය හැකි සබැඳියක් (link) එකක් ඔහුට ලැබෙනවා. ඔහු එය මෙයට සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන අයට එය ලබා දෙනවා. ඒ සඳහා ඊමේල්, සමාජ ජාල ආදිය භාවිත කළ හැකියි. හමුවීම ආරම්භ කරන වෙලාවත් එහිදී ලබා දෙනවා. ඉන්පසුව මෙයට සහභාගී වන්නන් ද සිය පරිගණකවල හෝ ස්මාර්ට් දුරකතනවල මෙය ස්ථාපනය කරගෙන හඳුනාගැනීමේ නම සහ මුරපදය ලබාදීමෙන් මෙයට සම්බන්ධ වෙනවා.
මෙයට සහභාගී වන්නන් දැකිය යුත්තේ මොනවාද කියන එක තීරණය කිරීමේ හැකියාව ඇත්තේ යදිඑ කරන තැනැත්තාටයි. ඔහුට අවශ්‍ය නම් තමා මෙහි නොපෙනී සිටිමින් අවශ්‍ය කරන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමාගේ පරිගණකයේ තිරය මෙයට සහභාගී වන්නන්ට පෙනෙන සේ සකස් කළ හැකියි. ඒ වගේම අයසඑැඉද්රා එකක් පෙනෙන සේ සකස් කිරීමේ හැකියාවක් ද තියෙනවා. එහිදී අවශ්‍ය කරන කරුණු ලියා දැක්වීමේ හැකියාව ලැබෙනවා. අධ්‍යාපනික හමුවක් පවත්වනවා නම් එය සැබෑ පන්ති කාමරයකදී ලැබෙන අත්දැකීමකට බොහෝ සෙයින් සමාන වෙනවා. යම් කරුණකට කැමැත්ත පළකිරීම හෝ යම් කරුණක් දන්නා බව හැඟවීම සඳහා අප අත එසවීමක් සිදු කරනවා. මේ සඳහා අවස්ථාවක් zoom ඇප් එකට ඇතුළත් කොට තිබීම විශේෂත්වයක්.
මෙයට සහභාගී වන්නන්ට සිය අදහස් වාචිකව හෝ ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාව ද මෙහිදී ලැබෙනවා. අධ්‍යාපනික හමුවක් නම් සිසුනට තමාට ඇතිවෙන ගැටලු ඉදිරිපත් කරන්නට මේ පහසුකම යොදා ගන්න පුළුවන්.
මෙය අපේ රටේ අතිශය ජනප්‍රිය වී ඇති නිසාම මේ සම්බන්ධව සිංහල බසින් සකස් කළ යූටියුබ් වීඩියෝ වැඩසටහන් බොහොමයක් තිබෙනවා. ඒවා නැරඹීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉතා පැහැදිලිව දැනගැනීමට හැකියාව තිබෙනවා.
– නිරංජන් චාමින්ද කරුණාතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>