TT Ads

වයස අවුරුදු 70 කට ළං වෙලා හිටියත් ආසියාවේ වැඩිම මිලක් අය කරන සිනමා රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නමට කලින් ඉන්නේ ජැකී චෑන් විතරයි කියලා ඔහු කියන්නේ ආඩම්බරයෙන්. ඔහු තමයි දකුණු ඉන්දීය සිනමා රංගන ශිල්පී සහ සිනමා නිෂ්පාදක රැුජිනිකාන්ත්. ඔහු අවසාන වරට රංගනයෙන් දායක වුණු ඡුැඑඒ චිත‍්‍රපටය 2019 අවුරුද්දේ ප‍්‍රදර්ශණයට නිකුත් වුණු වෙලාවේ ඔහුත් එක්ක කතාබහ කළ ”මුම්බායි සිනමා” වෙබ් අඩෙවිය මේ ලිපිය පළ කරලා තිබුණා.

ඔබ කියන්නේ ආසියාවෙන් ඔබ දෙවෙනි වෙන්නේ ජැකී චෑන්ගේ රංගනයට විතරයි කියලද?
මම කිසිම කෙනෙකුට දෙවෙනි වෙන්න ර`ගපාන්නේ නැහැ. හැබැයි මම අය කරන්නේ ජැකීට වඩා අඩු මුදලක්.
ඇයි ඔබ එචච්ර මුදලක් අය කරන්නේ? ඔබට වඩා දක්ෂයින් නැද්ද ඔබට වඩා අඩුවෙන් අය කරන?
ඒක අහන්න ඕනෙ නිෂ්පාදකවරුන්ගෙන්. මට වඩා අඩුවෙන් අය කරන දක්ෂයින් හිටියත් ඒ ”රැුජිනිකාන්ත්ලා” නෙවෙයිනෙ. පේ‍්‍රක්ෂකයන්ට ඕනෙ අඩුවෙන් අය කරන දක්ෂයින් නෙවෙයි ”රැුජිනිකාන්ත්ව”.
ඔබේ ප‍්‍රසිද්ධිය ඔබේ බිරිඳ ලතා රැුජිනිකාන්ත්ව නීතියේ රැහැනින් මුදවා ගන්න යොදා ගත් එක හරි කියලද ඔබ කියන්නේ?
එහෙම දෙයක් වුණේ නැහැ. ඇගේ ප‍්‍රශ්නයට අදාල නඩු තාමත් උසාවියේ කතා කරනවා. නීතිය තීරණය කරාවි ඇය හරිද වැරදිද කියලා.
ඔබේ තීරණය මොකක්ද ඇගේ නිවැරදි භාවය ගැන?
මම දන්නෙත් ඇය කියන දේවල් සහ අගතියට පත් වූ අය කියන දේවල් විතරනෙ. ඒ නිසා ඒ වැඬේ හරියට කරන්න අපි භාරදීලා තියෙන්නේ ඒ වැඬේට විශේෂඥ දැනුමක් තියන නීතීඥවරුන්ට. ඔවුන් සාක්ෂි කැඳවලා එහෙන් මෙහෙන් කරකවමින් ප‍්‍රශ්න අහලා මදුරාසි මහාධිකරණය අපිට දෙන තීන්දුව අපි භාර ගන්නවා. එච්චරයි.
ඔබ හිතන විදියට මොකක්ද වෙලා තියෙන්නේ?
නිෂ්පාදකවරයාගේ අනුදැනුමෙන් තොරව ණදජය්ා්සසහ්බ චිත‍්‍රපටයේ පිටපත් විකිණීම සහ මාධ්‍යයට මුදා හැරීම තමයි ප‍්‍රධාන වශයෙන්ම වරද විදියට සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඇය නිෂ්පාදකයා දැනුවත් කළා කියලා තමයි ඇය නම් කියන්නේ.
බිරිඳගේ මේ සිදුවීම ඔබේ කලා ජීවිතයට බලපෑවේ කොහොමද?
විශේෂ බලපෑමක් නැහැ. ඒක වුණේ 2015-2016 කාලෙ. මගේ කබාලි චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තෙත් ඒ කාලෙ. මගේ රසිකයන් මේ දෙක පටලවා ගත්තේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි. එහෙම වුණා නම් කබාලි පාඩු වෙන්න තිබුණනේ. හැබැයි කබාලි නිෂ්පාදනය සඳහා වැය වූ මුදල පළමු සතිය තුළම කවර් කර ගන්න පුවළුන් වුණා. ඉතින් තව මොනවද?
ඔබේ බිරිඳ මේ දක්වාත් වෘත්තීය පසුබිම් ගායිකාවක් ද?
ඔව්. ඒ වගේම චිත‍්‍රපට නිෂ්පාදනයේ දී ත් ඇය මට වඩා ඉදිරියෙන් ඉන්නවා.
ඒ කියන්නේ ඇය හොඳ රසකාමී හදවතක් තියන කෙනෙක්?
එහෙම නැත්නම් ඇය මම වගේ කෙනෙක්ව සැමියා කරගනී ද?
ඔබ ප‍්‍රසිද්ධිය පසුපස යන කෙනෙක් විදියට ප‍්‍රසිද්ධයි. ඇයත් එහෙම ද?
ප‍්‍රසිද්ධිය පසුපස යන කෙනෙක් වුණා නම් මම අවුරුද්දට චිත‍්‍රපට තුන හතරක් වත් කරලා තියෙන්න ඕනෙ නෙ. ඒ නිසා ඔබ කී කාරණය මට අදාල නැහැ. ලතා ගැන කියනවා නම් මොන ගැහැණිය ද ප‍්‍රසිද්ධියට අකැමති?
අවුරුදු 39 ක විවාහ ජීවිතය ගැන මොකද හිතන්නේ?
ඒක ආදරය සහ රණ්ඩු මැදින් ඔහේ ගෙවිලා යනවා. ඉදිරියටත් ඒ විදියටම තියේවි.
විවාහය සඳහා ඔබේ තේරීම හරියටම හරි ද?
හරි නැත්නම් අවුරුදු 39 ක් ඉන්න පුළුවන් වෙන්නේ නැහැනෙ නේද? අනිත් එක තමයි ලතා කියන්නේ මගේ ගතිපැවතුම්වලට හොඳට නම්‍යශීලී වෙන්න පුළුවන් කෙනෙක්. ඒක වෙන්න ඇති අපි අදටත් මේ විදියට ඉන්නේ.
ඔබව ඉන්ටවීව් කරන්න එන හැම ගෑණු ළමයෙක්ගෙන්ම ඔබ කසාද බඳින්න අහනවාද?
එහෙම වුණා නම් අද මම දාස් ගාණක් බැඳලා ඉන්න ඕනෙ නෙ. මොකෝ කවුද මට අකැමති වෙන්නේ? ඔබ ඔය අහන්නේ 1980 දි මාව ඉන්ටවීව් කරන්න ආපු ලතාගෙන් මම කසාද බඳින්න අහපු එක ගැනනෙ. ඇය කැමති වුණාට පස්සේ මම කාගෙන්වත් ආයෙත් එහෙම අහලා නෑ. අහන්න ඕනෙ වුණෙත් නෑ.
ඒ ඉන්ටවීව් එක ජීවිතයේ හොඳම ඉන්ටවීව් එක වෙන්න ඇති.
එදා පටන් ගත්තු ඉන්ටවීව් එක තාම ඉවර නෑ. තාමත් එයා මාව ඉන්ටවීව් කරකරයි ඉන්නේ. හැබැයි ඒ මාධ්‍යයට නෙවෙයි, එයාගෙ පෞද්ගලික දැන ගැනීමට. මාත් ඉතින් ඒ ඉන්ටවීව් එකට ඉතාම හොඳට මුහුණ දෙනවා.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>