TT Ads

කෝවිඞ් 19 නිසා චීනය වගේම මේ වෙද්දි ඉතාලියේ නගර කීපයකුත් ලොක්ඞ් ඩවුන් කරලා. ඒ කියන්නේ ඒ නගරවල ඉන්න අයට ඉන් පිට වෙන්නත් ඒ නගරවලට ඇතුළු වෙන්නත් බැහැ. මේ වෙද්දි ඉතාලි රාජ්‍යයේ කෝවිඞ් 19 නිසා මිය ගිය පිරිස 4000 ක් විතර වෙනවා. තත්වය මෙහෙම තියෙද්දී ඉතාලි වැසියන්ගේ වගේම ලෝක නායකයන් බොහොමයක් දෙනා මේ තත්වයේ වගකීම පටවන්නේ ඉතාලි ජනපති සර්ජියෝ මැටරෙල්ලාට. මේ නිසාම ඔහු සමග ANSA.it වෙබ් අඩවිය පසුගියදා කතාබහක නිරත වුණා.
කෝවිඞ් 19 ආසාදිත මරණවලට සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ ඔබ කියලා මුළු ලෝකෙම කියනවා?
එහෙම කියන්න පුළුවන් මම මේ වසංගතය ව්‍යාප්ත වෙන්න පහසු වෙන විදියේ මොනවා හරි දෙයක් කරලා තියනවා නම්.
නමුත් ඔබ මේ වසංගතය රට තුළට පැමිණීම නතර කරන්න ගත යුතු පියවර ගත්තේ නැහැ?
ඔබට බැහැ එහෙම කියන්න. ඒ වෙනුවෙන් ගත යුතු මූලික පියවර සියල්ලම අරන් තියෙන්නේ.
මොනවද ඔය කියන පියවර?
මේ වෙද්දි මිලානෝ නගරය සම්පුර්ණයෙන්ම ලොක් ඩවුන් කරලා තියෙන්නේ. ඒ වගේම කිසිම කෙනෙකුට ඕනෙ ඕනෙ විදියට පාරේ යන්න බැහැ කියලා නීති පනවලා තියෙන්නේ. පාසල්, රජයේ සහ පෞද්ගලික ආයතන සියල්ල වසා දමලා අවසන්. ගුවන් ගමන් සියල්ල නතර කර දමා තිබෙනවා. රජයකට ගන්න පුළුවන් මූලික පියවර මේ වෙද්දි අරගෙනයි තියෙන්නේ.
මීට සති දෙකකට කලින් ගන්න තිබුණු පියවර තමයි ඔබ ඔය දැන් අරන් තියෙන්නේ. පහුගිය සති දෙක තුළ මේවා කළා නම් මිය ගිය අය තාමත් ජීවත් වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
එක රෝගියෙක් දෙන්නෙක් සොයා ගත්තා කියලා රට තුළ පවතින් සියළුම ක‍්‍රියාවලීන් එකපාර නතර කර දමන්න බැහැ. ඒකට ක‍්‍රමවේදයක් තියනවා. ඒ ක‍්‍රමවේදය අනුව තමයි රජය ක‍්‍රියා කළේ.
ඒ ක‍්‍රමවේදය අනුව ක‍්‍රියා කරද්දි ජීවිත 1000 කට වඩා නැතිවෙලා?
ඒ අය ගැන අවංකවම කණගාටුයි. නමුත් අපි රජයක් විදියට ඉතාම හොඳින් කටයුතු කළා සහ කරමින් ඉන්නවා.
ඔබේ රජය මේ රෝගී තත්වය ඒ තරම් ගණන් ගත්තේ නැහැ කියලා මම කිව්වොත්?
එහෙම කියන්න බැහැ. චීනයේ තත්වය අපි හැමෝම දැක්කා. අපිත් හැකිතාක් උත්සාහා කළේ සහ කරන්නේ එය පාලනය කරන්නයි.
මේ වෙද්දි ඉතාලියේ කිසිදු ආයතනයක් විවෘතව නැහැ කියලා ද ඔබ කියන්නේ?
අත්‍යවශ්‍ය සේවා හැර අනිත් සියල්ල වසා දමලයි තියෙන්නේ. සුපිරි වෙළඳ සැල්, ෆාමසි, සෞඛ්‍ය සේවා සපයන ආයතන ආදිය විතරක් විවෘතව පවතිනවා. කිසිම කෙනෙකුට එහෙ මෙහෙ යන්න බැහැ. පාරේ ගමන් කරන්න බලපත‍්‍රයක් නිකුත් කරලයි තියෙන්නේ. එය නොමැතිව ගමන් කිරීමෙන් දඩුවම් විඳින්න සිදු වෙනවා. කවුරු හෝ කෙනෙක් අත්‍යවශ්‍යම කටයුත්තකට පාරේ යනවා නම් ඒ පුද්ගලයා අතේ බලපත‍්‍රයක් තියෙන්නම ඕනෙ.
විවිධ මාධ්‍යවල පළ වෙලා තියනවා ඔබට තාමත් මේ තත්වය ගැන හොඳ අවබෝධයක් නැහැ කියලා?
රටක් තුළ ආසාදිතයන් දහස් ගණනක් ඉද්දි, දහස් ගණනක් මිය ගිහින් ඉද්දි, මුළු රටේම ආර්ථිකය එක තැන නතර වෙලා තියෙද්දි ඒ රටේ ජනපතිට පවතින තත්වය ගැන අවබෝධයක් නැහැ කියලා කොහොමද කියන්නේ.
ඒ කොහොම වුණත් ඔබ වගකීමෙන් ක‍්‍රියා නොකරන නිසා මේ තත්වය වෙනත් රටවලටත් පහසුවෙන් ව්‍යාප්ත වෙන්න ඉඩ තිබෙනවා කියලා විවිධ රාජ්‍ය නායකයන් කියනවා?
ඉතාලියෙන් කිසිම කෙනෙකුට පිටවෙන්නත් බෑ. ඉතාලියට කිසිම කෙනෙකුට ඇතුළු වෙන්නත් බැරි විදියට තත්වය සමනය කරලා තියෙද්දි වගකීමෙන් වැඩ කරන්නේ නැහැ කියලා චෝදනා කිරීම සාධාරණ නැහැ.
ඔවුන් නම් කියන්නේ මේ විදියට තත්වය සමනය කරන්න පියවර ගැන්න ඔබ ගත්තු කාලය වැඩියි කියලා. චීනයේ තත්වයත් ඔබ දැනගෙන හිටියා නම් මේ රෝගයේ ව්‍යාප්තිය ගැන ඔබ මීට වඩා දැනුවත් වෙලා තියෙන්න ඕනෙ කියලා තමයි ඔබට චෝදනා කරන්නේ?
මම නැවතත් කියනවා, ඒක අසාධාරණ චෝදනාවක්.
මේ වෙද්දි මොකක්ද රෝගයේ තත්වය?
ව්‍යාප්තිය පාලනය කිරීමෙන් විතරක් රෝගය වළක්වා ගන්න බැහැ. රෝගීන් සඳහා හොඳ පළපුරුදු වෛද්‍ය කණ්ඩායම් සේවයේ යොදවා තිබෙනවා. හැමෝම කතා කරන්නේ මිය ගිය ගණන ගැන මිස සුව වී රෝහලෙන් පිට වූ ගණන ගැන නෙවෙයි. රෝහල් ගත වූ ආසාදිත පිරිසෙන් සියයට 60 ක් විතර සුව වී පිටව ගොස් තිබෙන බව මාධ්‍යවල වාර්තා කරලා නැහැ.
මේ වගේ තත්වයක් මත ඉදිරියේ දී රජයක් විදියට ගන්නා ක‍්‍රියාමාර්ග ගැනත් යමක් සඳහන් කරන්න පුළුවන් ද?
මේ තත්වය සමනය කරන්න අපිට කාලය අවශ්‍ය වෙනවා. සෞඛ්‍යය සේවයේ මේ සඳහා වන සියළුම පර්යේෂණ කටයුතු වෙනුවෙන් විශාල ප‍්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඉදිරියේ දීත් ඒ සඳහා අවශ්‍ය විදියට බුද්ධිමය ප‍්‍රතිපාදන ලබා දෙමින් තත්වය පාලනය කළ හැකි සෑම පියවරක්ම ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආහාර හිගයක් ඇති නොවන ආකාරයට ක‍්‍රමවේද සකස් කර අවසන්. ඒ නිසා ඒ ගැන බිය විය යුතු නැහැ. තව සති දෙකක් හෝ තුනක් තුළ මේ තත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා සාමාන්‍ය තත්වයට පත් වෙන බව විශ්වාස කරනවා.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>