TT Ads

නිවාස ණය පහසුකම් සැපයීමට ආරම්භ වූ රාජ්‍ය ආයතනයක් ලෙස HDFC බැංකුව සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරමින් පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය විසඳුම් මේ වන විට හඳුන්වා දී තිබේ. ්‍යෘත්‍ක්‍ රන් ණය සේවාව එ් අතරින් ගනුදෙනුකරුවන් වෙත ඉහළම මට්ටමේ සේවාවක් හිමිවන මූල්‍ය විසඳුමකි. HDFC රන් ණය සේවාව පිළිබඳ අදහස් දැක්වීම සඳහා මෙලෙස සංවාදයට එක් වූයේ HDFC බැංකුවේ රන් ණය කළමනාකරු වන ටී.බී.කරුණාබන්දු මහතාය.

 නිවාස ණය පහසුකම් සපයන ප‍්‍රමුඛතම බැංකුවක් වන HDFCබැංකුව රන් ණය උකස් සේවාව සඳහා අවතීර්ණ වූයේ කෙසේද?
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, නොඑසේනම්  HDFC බැංකුව පිහිටු වූයේ මීට දශක තුනකට අධික කාලයකට පෙර, එනම් 1984 වසරේදීයි. එ් ජාතියේ නිවාස අවශ්‍යතාවය සඳහා නිවාස ණය පහසුකම් සපයන රාජ්‍ය ආයතනයක් ලෙසින් HDFC බැංකුව අදටත් ඉතා සාර්ථක ලෙස එම කාර්යභාරයෙහි නියැළෙමින් රාජ්‍ය බැංකුවක් ලෙස නිවාස ණය ක්ෂේත‍්‍රයේ සුවිශේෂී නාමයක් දිනාගෙන සිටිනවා. නිවාස ණය ක්ෂේත‍්‍රයේ අත්පත් කරගත් සාර්ථකත්වයෙන් නොනැවතී, නිෂ්පාදන
විවිධාංගීකරණය යටතේ යමින් HDFC බැංකුවල පසු කාලීනව නිවාස ණය පහසුකම්වලට අමතරව කල්බදු පහසුකම්, වැඩිහිටි හා ළමා ඉතුරුම් ගිණුම්, ආයෝජන සැලසුම්, ආයතනික සහ සංවර්ධන ණය, අධ්‍යාපන ණය පහසුකම් යනාදි වශයෙන් මූල්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ අවශ්‍යතා සඳහා පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හඳුන්වාදෙනු ලැබුවා. මෙවැනි එක් මූල්‍ය විසඳුමක් ලෙසයි 2012 වසරේදී HDFC රන් ණය සේවාව හඳුන්වා දෙනු ලැබුවේ.


 HDFC රන් ණය සේවාව මගින් මේ වන විට සපයනු ලබන සේවාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකිද?
සාමාන්‍යයෙන් සියලූම බැංකු සහ මූල්‍ය ආයතන ජනතාවගේ ක්ෂණික මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහායි රන් ණය උකස් සේවා පහසුකම පිරිනමනු ලබන්නේ. රන් ණයක් ගැනීමේදී ගනුදෙනුකරුවන් ප‍්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් ගැන සැලකිලිමත් වෙනවා. එ්, ක්ෂණිකව ණය ලබා ගත හැකිවීම, සේවාව සපයන ආයතනය පිළිබඳ තෘප්තිමත් බව සහ විශ්වසනීයත්වයයි. රාජ්‍ය බැංකුවක් ලෙස HDFC බැංකුව මෙම කාරණා සියල්ල උපරිමයෙන් ඉටු කරනවා. ්‍යෘත්‍ක්‍ බැංකුව වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ රන්භාණ්ඩ සඳහා ක්ෂණිකව ණය මුදලක් ලබා ගන්න පුළුවන්. මෙහිදී අනෙකුත් රාජ්‍ය බැංකුවලින් පිරිනමන ආකාරයේ ඉහළම රන් ණය අත්තිකාරමක්ද, වෙනත් රාජ්‍ය බැංකුවලට සමානුපාතිකව තරගකාරී පොළි අනුපාතිකයක්ද ඊට හිමි වෙනවා. ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්භාවය උදෙසා නවීනතම තාක්ෂණික උපකරණ උපයෝගිකරගෙනයි රන් භාණ්ඩ පරීක්ෂා කිරීම සිදුවන්නේ. රාජ්‍ය බැංකුවක් ලෙස එම රන් භාණ්ඩවල සුරක්ෂිතතාවය HDFC බැංකුව උපරිමයෙන් ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් රන් ණයක් සඳහා වන කාලසීමාව වසරකට සීමා වෙනවා. එම ණය මුදල කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම සලසා දෙන අතරම, පෙර දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක තම රන්භාණ්ඩ බේරා ගැනීමේ හැකියාවද  HDFC බැංකුව ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබනවා. ණය මුදල ගෙවීම සඳහා හිමිවන වසරක කාලයට අමතරව අවශ්‍ය නම් මාස තුනක සහන කාලයක්ද පිරිනමන බැවින් රන් භාණ්ඩ පිළිබඳ කිසිදු බියක් ඇතිකරගත යුතු නැහැ.
රන් ණයක් ලබාගැනීමේදී එහි රහස්‍යභාවය ගැන ගනුදෙනුකරුවන් බොහෝසෙයින් සැලකිලිමත් වෙනවා. HDFC බැංකුවෙන් රන් ණය සේවාව ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය පිළිබඳ බැංකුවට සහතික විය හැකිද?
HDFC බැංකුවට උකස් ණය පහසුකම් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂා වෙන බවට අපට සහතික විය හැකියි. රන් ණය සේවාව දිවයින පුරා පිහිටි HDFC බැංකුවේ ශාඛා 39 හරහාම ක‍්‍රියාත්මක වෙනවා. ඕනෑම තරාතිරමක ගනුදෙනු කරුවකුගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි එම ශාඛා සියල්ලේම රන් ණය සේවාව ලබා දීමට වෙනමම කලාපයක් වෙන් කර තිබෙනවා.
 රන් ණය සේවාව යටතේ වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතනවලින් නොලැබෙන යම් විශේෂිත පහසුකමක් HDFC බැංකුව විසින් පිරිනමනවාද?
ඇත්තෙන්ම ඔව්. රන් ණය සේවාව සඳහා ක‍්‍රියාත්මක කරන ”පාම් ටොප්” සේවාව ්‍යෘත්‍ක්‍ බැංකුවට පමණක්ම සුවිශේෂි වූවක්. දිවයින පුරා සියලූම HDFC බැංකු ශාඛාවලට සම්බන්ධ ජංගම බැංකු නිලධාරින් මෙහිදී ගනුදෙනුකරුවන් ළඟටම පැමිණ ඔවුන්ගේ ගෙවීම් එක් රැුස් කිරීම සිදු කරනවා. එ් ඔවුන් සතුව තිබෙන නවීනතම ජංගම දුරකථනයක් භාවිතා කරමින්. මේ නිසා බැංකුව වෙත යාමෙන් තොරව, තමන්ගේ ගෙවීම් කිරීමේ පහසුකම ගනුදෙනුකරුවන්ට උදා වී තිබෙනවා.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>