TT Ads

 

“රයිගම් ටෙලීස්” සම්මාන උළෙල 16වැනි වරටත් 2020 මාර්තු 21 වැනිදා කොළඹ, නෙළුම පොකුණ රඟහලේදී පැවැත්වේ. උළෙලට පෙර සංවිධානය කරනු ලබන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2020 පෙබරවාරි 28 වැනි දින කොළඹ, කිංස්බරි හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙවර රයිගම් ටෙලීස් උළෙලේ තේමාව වනුයේ “නිදහසේ 16” යන්න වන අතර ඉන් කියැවෙන්නේ කිසිදු බලපෑමකින් හෝ බැඳීමකින් තොරව නිදහසේ පැවැත්වෙන මෙම උළෙල 16 වැනි පියවර තබන බවය. උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ දැන් භාර ගැනේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
රයිගම් ටෙලීස්, ටෙලිවිෂන් මාධ්‍යයේ සියලු අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍රවෘත්ති, වාර්තා, රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්‍ෂණ අංශ ඇතුළත් වේ. පසුගිය වර්ෂවලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කෙරෙනු ඇත.
රූපවාහිනී මාධ්‍ය අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා. සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමේ (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසාද පිරිනමනු ඇත.
මෙවරද තමන් සිත් ගත් ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.
ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැකිය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>