TT Ads

එක ආහාරවේලකින් කොයිතරම් කෘත්‍රිම රසකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ශරීර ගත වෙනවද කියලා හිතන්නවත් අපට වෙලාව නැති තරම්. නිදන්ගත රෝගවල වැඩි ප්‍රතිශතය වගේම මරණ අනුපාතය ශීඝ්‍රයෙන් වැඩිවීම ඒ ආහාර ශරීරගත වීමේ ප්‍රධාන ප්‍රතිඵලය බව කවුරුත් දන්නා රහසක්. නමුත් ඒ වෙනුවෙන් එදිනෙදා ජීවන චක්‍රය වෙනස් කරන්නට වෙරදරන අය හමුවන්නෙත් ඉතාමත් සීමිතවයි. ඒ නිසාම රසකාරක නැතුව රසට කෑම හදලා බලමු.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • තක්කාලි කිලෝ ග්‍රෑම් 01ක් (හොඳින් ඉදුණු)
  • සීනි ග්‍රෑම් 150ක්
  • සුදුලූනු බික් 2ක් හෝ 3ක්
  • ඉඟුරු කුඩා කැබලි 1ක්
  • ලුණු අවශ්‍ය පමණ

සාදා ගන්නා ආකාරය

මුලින්ම තක්කාලි හොඳින් සෝදා තෙතමාත්තු කර කැබැලිවලට කපා ගන්න. එයට සුදු ලූනු, ඉඟුරු, කුරුඳු පොතු, කරාබුනැටි දමා හොඳින් තම්බා ගන්න. (මෙයට වතුර එකතු කරන්නේ නැත.) තැම්බූ තක්කාලි ටික බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා ගන්න. පෙරාගත් මිශ්‍රණය නැවතත් ළිප තබා එයට සීනි, ලුණු, මිරිස්කුඩු දමා මදගින්නේ ඝනවනතුරු උතුරවා ගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී – ජගත් කටුගම්පල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>