TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

  • උඳුපියලිය ග්‍රෑ. 500
  • කටු ඉවත් කරගත් කුකුල් මස් ග්‍රෑ. 150
  • ලූනු ගෙඩි 1
  • සුදු ලූනු බික් 3
  • ඉඟුරු කැබලි 1
  • ගම්මිරිස් කුඩු
  • ලුණු අවශ්‍ය පමණට
  • බටර්

 

සාදන ක්‍රමය:-

 

බඳුනකට බටර් ටික දමා රත් කර කුකුල් මස් කුඩා කැබලි වලට කපා මිශ්‍ර කර ගන්න.

එයට සුදු ලූනු, ලූනු, ඉඟුරු, එකතු කර රන්වන් පාට වන තුරු බැඳ ගන්න. එයට සෝදා පොඩියට කපා ගත් උඳුපියලිය ටික එකතුකර වතුර දමා හොඳින් තම්බා ගන්න. තම්බා ගත් මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඞ් කර පෙරා ගන්න. පෙරා ගත් මිශ්‍රණය නැවතත් ළිප තබා ලුණු, ගම්මිරිස් එකතු කර හොඳින් උතුරවා ගන්න. දෙහි ඇඹුල් ටිකක් එකතු කර සුප් එක රස බලන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ජගත් කටුගම්පල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>