TT Ads

බිරියානි එක්ක මින්චි සම්බෝලයක් වරදින්නේම නැහැ. ඒ වගේම තෝසෙ ඉට්ලි කන්නත් මින්චි සම්බෝලය කදිමට ගැළපෙනවා. එය රසවත් ආහාරයක් වගේම ආහාර දිරවීම පහසු කරන්නත් ආහාර අරුචිය නැති කරන්නත් උදව්වෙන ඖෂධයක්. ඒ රස උතුරන මින්චි සම්බෝලය හදා ගන්නේ මෙන්න මෙහෙමයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • මින්චිකොළ ග්‍රෑම් 200ක්
  • ගාගත් පොල් ග්‍රෑම් 50ක්
  • ලියාගත් රතු ලූනු ග්‍රෑම් 30ක්
  • ලියාගත් සුදු ලූනු තේ හැඳි 01ක් කපාගත් අමු මිරිස් කරල් 4ක්
  • අඹරාගත් ඉඟුරු තේ හැඳි 1/2ක්
  • සූදුරු කුඩු තේ හැඳි 01ක්
  • රස අනුව ලුණු තේ හැඳි 01ක්
  • දෙහි යුෂ තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය:-

දෙහි හැර අන් සියල්ල බ්ලෙන්ඩර් කර හෝ අඹරා අවසානයේ දෙහි යුෂ එක් කරන්න.

උපදෙස්
ගල්කිස්ස මහා හෝටලයේ ප්‍රධාන සූපවේදී
ආචාර්ය පබ්ලිස් සිල්වා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>