TT Ads

මෙහි දැක්වෙන කෑම වර්ග නූතන සමාජයේ වැඩි දෙනෙක් අසාවත් නොතිබෙන්නට පුළුවන. මේවා පහසුවෙන් සකසා ගත හැකි අතර ඉතා ගුණදායක රසවත් ආහාර වේ.

කොමළවටා

සීනි හොඳින් උණු කොට ගාන ලද පොල්, ඇති පදමට සීනි මිශ‍්‍රණයට දමා හොඳින් මිශ‍්‍රකර ළිපේ තබා රත් කරන්න. මේවා අතේ ගුළි කර ගත හැකි තරමට උකු බවට පත් වූ පසු ළිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල් පැණි මිශ‍්‍රණය මෙයට මුහුකොට යළිත් ළිප තබා රත්කර ගෙන අග්ගලා මෙන් ගුළි වශයෙන් සාදා ආහාරයට ගන්න.

ලාළු

තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටි කර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනා ගන්න.
ඉන්පසු හිල් කළ පොල්කටුවක් ගෙන මෙම පිටි මිශ‍්‍රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තද කර වත් කර ගන්න. ඉන්පසුව මේවා එකිනෙක වණ්ඩුවේ තම්බා, තැම්බුණ පසු අව්වේ තබා වේලා ගන්න. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ‍්‍රකර ආහාරයට ගන්න.

දොහොයි

නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමග උඳු පිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගන්න. ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ”දොහොයි” තැටියක දමා ළිපේ තබා රත්කර රොටියක් මෙන් දෙපැත්ත පෙරළා හොඳින් පිළිස්සුණ පසු තැටියෙන් ඉවත් කර ගන්න. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට කමත් බිම්මල් වැනි ව්‍යංජනයක් වඩාත් සුදුසුය.

වෙල්ලවැහුම්

කැකුළු හාල් පිටිවලට වතුර හා ලූණු මිශ‍්‍ර කර කුඩුදවුලා (දවුල් කුරුඳු* වැනි නානු ඇති යුෂ වර්ගයක්ද යොදා පිටි මිශ‍්‍රණය සාදා කබලට දමා තැම්බුණ පසු කබලෙන් ගලවා බා ගෙන මැදට පැණිපොල් තබා රවුම් කරගන්න.

කීරොටි

රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට උණුවතුර පදමට දමා පොල්වතුරෙන් අනා මුහුන් මිශ‍්‍ර කර පිපෙන්නට තබන්න. පිටි මිශ‍්‍රණය පිපුණ පසු ආප්ප පිසින පිළිවෙලට කීරොටි සාදා ගන්න. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගත යුතුය. පොල්කිරි, පොල් පැණි හෝ මී පැණි, හාල්පිටි, ලූණුවතුර පදමට ගෙන මිශ‍්‍රකර ළිපේ තබා උතුරවන්න. ඉන්පසු කලින් සෑ¥ කීරොටි මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටිවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.

කිරිවැදෑනි

කිරිවැදෑනිද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සහ මුහුන් දමා අනා පිපෙන්නට තබන්න. මේ පිටි පිපුණ පසු ආප්ප පිසින ආකාරයට මඳක් ඝනකමට සාදන්න. මේවා මුදවන ලද කිරි සහ පැණි සමග මිශ‍්‍ර කොට ආහාරයට ගන්න.

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>