TT Ads

කෑමක නියම රස දැනෙන්න නම් ආහාර ගන්නා විට කිසිම අවහිරතාවයක් ඇති වීම සුදුසු නැහැ. බොහෝ විට දැවිල්ල, කඳුළු ගැලීම, ඇස් රතු වීම ආදී තත්ත්වයනුත් ඒ අවහිරතාවලට අයත්. පිලව්වල රස මිහිර අපි ඔබ සමග බෙදා ගන්නේ ගෑවී නොගෑවී යන පැණි රස නිසයි. මෙය කෑම පෙට්ටියටත් කදිමයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හාල් ග්‍රෑම් 400ක්
  • ගී බටර් ග්‍රෑම් 90ක් (එළඟි තෙල්)
  • සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩි 01ක්
  • එනසාල් ඇට 4ක් හෝ 5ක්
  • සුදුරු කුඩු තේ හැඳි 01ක්
  • රස අනුව ලුණු
  • බේලිව්ස් 01 ක් හෝ 2ක්
  • උණුවතුර හෝ ස්ටොක් වතුර කෝප්ප 4ක්
  • රට ඉඳි (සිහින්ව කපාගත්) ග්‍රෑම් 50ක්
  • බැදගත් කජු අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය

මුලින්ම සහල් ටික සෝදා වතුර ඉවත්වන සේ පැය 1/2ක් පමණ පෙරෙන්නට තබන්න. ඉන්පසු භාජනයක් ළිප තබා එයට එළඟිතෙල් එක්කරගන්න. එළඟි තෙල් රත්වූ පසු බී ලූනු, එනසාල්, සූදුරු ඇට, ගම්මිරිස් ඇට, කහ කුඩු, සූදුරු කුඩු, කජු, ලුනු ආදි සියල්ලම තෙම්පරාදු වූ පසු හාල් එකතු කර විනාඩි 3ක් බැදෙන්නට හැර එයට ස්ටොක් වතුර එකතු කරන්න. ස්ටොක් වතුර එක්කර විනාඩි 8ක් හෝ 10ක් ගියවිට ගින්දර අඩුකර ඉතිරි වූ සියලු කළමනා එකතු කර හොඳින් කලවම් කර ගන්න.

උපදෙස් –
ලැවීනියා කේටරර්ස් හි ප්‍රධාන සූපවේදී
ප්‍රියාල් පෙරේරා

සූපවේදී – ටිරාන් ජයශ්‍රී

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>