TT Ads

ගතට සිසිල දෙන කෝමාරිකාවලට ආහාර ජීර්ණය පහසුකරවන සහ ආහාර රුචිකත්වය වැඩිකරන කුරුම්බා එක්කර පිළියෙල කරන මේ රසම රස අතුරුපස ගුණයෙන් වගේම රසයෙනුත් ඉහළයි. ගුණදායී ආහාර කන්න මැළිවෙන පොඩිත්තන්ට මේ මැජික් එක කදිමයි

 

අපි මුලින්ම කුරුම්බා පැනාකොටා එකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාදැයි බලමු

  • කුරුම්බා වතුර මිලි ලීටර් 500ක්
  • ෆ්‍රෙෂ් ක්‍රීම් මිලි ලීටර් 500ක්
  • සීනි ග්‍රෑම් 200ක්
  • ජෙලටින් ග්‍රෑම් 20
  • කුරුම්බා මද කෝප්ප 01ක්

 

කෝමාරිකා ජෙලි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි ග්‍රෑම් 100ක්
  • අගාර් අගාර් පවුඩර් ග්‍රෑම් 8ක් හෝ ජෙලටින් ග්‍රෑම් 8ක් හෝ 10ක්
  • දෙහි යුෂ මේස හැඳි 2ක්
  • කොළ පැහැති ආහාර වර්ණක ස්වල්පයක්

 

සාදා ගන්නා ආකාරය

 

අපි මුලින්ම කුරුම්බා පැනාකොටා එක සාදා ගනිමු. කුරුම්බා වතුර සමග ෆ්‍රෙෂ් ක්‍රීම් භාජනයකට දමා එයටම සීනි එකතුකර මඳ වේලාවක් රත්කරන්න. ඉන්පසු වතුර ස්වල්පයකට ජෙලටින් එකතු කර හොඳින් දියකර කුරුම්බා වතුර මිශ්‍රණයට එක්කර මඳවේලාවකින් ළිප නිවාගන්න. පසුව එයට කුරුම්බා මද දමා කළවම් කරගන්න.

අපි දැන් කෝමාරිකා ජෙලි එක සාදා ගනිමු. මුලින්ම වතුර මිලි ලීටර් 500ක ප්‍රමාණයක් භාජනයකට දමා රත්කරන්න. පසුව එයට සීනි හා අගාර් අගාර් පවුඩර් හෝ ජෙලටින් එක්කර හොඳින් දියවූ පසු ළිප නිවාගන්න. පසුව කෝමාරිකා සහ දෙහි යුෂ එකතු කරන්න. අවසානයේ අවශ්‍ය පමණට කොළ පැහැති ආහාර වර්ණක එක්කර වෙන වෙනම හෝ එකටම වීදුරුවලට දමා පිළිගන්වන්න.

 

උපදෙස් ප්‍රවීණ සූපවේදී, අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>