TT Ads

 

 

රොෂාන් සහ කුෂ්ලානි රණවන යුවළගෙන් කලක පටන් බොහෝ දෙනා අහපු ප්‍රශ්නයක් තමයි දරු පැටියෙක් ගැන හිතන්න දැන්ම අදහසක් නැද්ද? කියන කාරණය. ඔන්න දැන් ඔවුන් දෙදෙනාගේ ඒ සිහිනය සැබෑ වෙන දිනය ළං වෙලා.

 

* අලුත් අමුත්තා පිළිගන්න දෙන්නාම දැන් නොඉවසිල්ලෙනුයි ඇත්තේ නේද?

රොෂාන් – ඔව්, ළඟදීම ඒ සතුට අපි දෙන්නාට අත්විඳින්නට ලැබේවි.

කුෂ්ලානි – මව්පිය පදවි කියන්නේ බොහොම උතුම් පදවි දෙකක්. පළමු වතාවට ඒ පදවි ලැබීම ඕනෑම කෙනෙකුට හරිම විශේෂයි. ඉතින් ඒ සුන්දර අත්දැකීම ලබා ගන්න මේ දවස්වල අපි ඇඟිලි ගනිමිනුයි ඉන්නේ.

 

* දරුවෙක් ගැන හිතන්න ටිකක් කල් ගත්තේ ඇයි ?
රොෂාන් – අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා. විවාහ වුණු දවස්වල හුඟක් අය අපෙන් ඇහුවා දැන් දරුවෙක් ගෙදරට ගෙන්න කාලය හරි නේද? කියලා. ඒත් අපි ඒකට හදිසි වුණේ නැහැ. මොකද හදිසි වෙලා ඉපදෙන්න ඉන්න දරුවාට අසාධාරණයක් කරන්න අපට ඕනෑ වුණේ නැහැ.

කුෂ්ලානි – විවාහ වෙච්ච මුල් කාලේ අපි දෙන්නා වෙනුවෙන්ම අපි කාලය වෙන් කර ගත්තා. පසුගිය අවුරුදු පහේ අපි රටවල් තිහක පමණ සංචාරය කළා. අපට ඕනෑ වුණේ දෙමව්පියෝ විදිහට දරුවෝ වෙනුවෙන් අපේ උපරිම දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහේ ස්ථාවරත්වයක් ලබා ගත්තාට පස්සේ දරුවෙක් ගැන හිතන්නයි. ඒ වෙනුවෙන් අපි දෙන්නාටම හොඳ සැලසුමක් තිබුණා.

 

* ඒ කියන්නේ දෙන්නාගේ බැඳීම දැන් තවත් වැඩි වෙලා ඇති නේද?
අපොයි ඔව්. අපි දෙන්නා දෙමව්පියන් වෙන්න යනවා කියලා දැනගත් දවසේ ඉඳන්ම මම වෘත්තීය වැඩ රාජකාරි සීමා කරලා කුෂ්ලානි වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කළා. මොකද මම හිතුවා මේ ගෙවී යන විශේෂ කාලය තුළ ඒ සුන්දර අත්දැකීම ලබා ගත යුතුමයි කියලා. හැබැයි වෘත්තීය කටයුතු පැත්තෙන් කුෂ්ලානි මටත් වඩා කැපකිරීමක් කළා.

කුෂ්ලානි:-
ඔව්, මවු පදවිය ලැබෙන්න එනවා කියලා දැන ගත්තාට පස්සේ මම මගේ රැකියාවෙනුත් ඉවත් වුණා. අවුරුදු 13ක කාලයක් මම රැකියාව කළා. ඒකෙන් මම ඉවත් වුණේ ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් මගේ සම්පූර්ණ කාලයම වෙන් කරන්න ඕන නිසයි.

 

* දෙන්නාගේ වැඩි කැමත්ත දුවෙකුටද? පුතෙකුටද?
රොෂාන් – ඒ අමුත්තා දුවෙක්ද? පුතෙක්ද? කියන එක අපට ගැටලුවක් නෙවෙයි. අපි දෙන්නාටම ඕනෑ කරන්නේ හොඳ දරුවෙක් රටට දායාද කරන්න විතරයි.

කිෂාන් කනංකෙ

 

ඡායාරූප – මංජුල පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>