TT Ads

වන්දි නඩුව පැවැරීම සඳහා අවශ්‍ය වන ලියකියවිලි

  • රිය ධාවනය කළ පුද්ගලයාගේ නම,
  • ලිපිනය,
  • අනතුර සිදුවන අවස්ථාවේ වාහන ලියාපදිංචිය තිබුණේ කාගේ නමටද? (වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ නම)
  • ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය,
  • වාහන රක්‍ෂණය කර තිබෙන සමාගම සහ රක්‍ෂණ ඔප්පුවේ අංකය.
  • රිය අනතුරට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ හෝ මරණයට පත්වූ පුද්ගලයාගේ රැකියාව සහ වැටුප පිළිබඳ විස්තර,
  • ඔහු මරණය පත් නොවී ආබාධිත තත්ත්වයට පත් වූයේ නම් තවදුරටත් එම රැකියාවෙහි යෙදීමට ඇති නොහැකියාව සනාථ කරන වෛද්‍ය වාර්තා,
  • එවැනි පුද්ගලයකුට ඉදිරියේදී උසස් වීම් ලැබීමට අවකාශ තිබිණිද? එසේ නම් එවිට ඔහුගේ වැටුප් වර්ධක කොපමණ වේද?
  • ඔහු අනතුරට ලක්වන කාල සීමාව වනවිට රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග තිබුණේ නම් ඒවායින් කොපමණ මුදලක් උපයා ගත්තේද යන්න සනාථ කිරීමට අදාළ ලියකියවිලි වැනි කරුණු වැදගත්.
  • ඒ වගේම අනතුරින් සදාකාලික ආබාධිත වුණි නම් ඔහුගේ
    • වෛද්‍ය වාර්තා,
    • රෝහල් ගාස්තු ගෙවූ බිල්පත්,
    • ප්‍රතිකාර සඳහා වැය වූ මුදල සනාථ කිරීමට අදාළ බිල්පත්,
    • ඉදිරියට ප්‍රතිකාර සඳහා වැය කරන්නට සිදුවේ නම් දළ වශයෙන් කොපමණ වේද යන්න වන්දි නඩුවකදී සලකා බලනවා.

අනතුර සිදුකළ පුද්ගලයාගේ නම, ලිපිනය, රක්‍ෂණ සමාගම්වල විස්තර ආදී තොරතුරු කොහොමද සොයා ගන්නේ ?

මෙහිදී රියැදුරුගේ නම, ලිපිනය, රක්‍ෂණ සමාගම, රක්‍ෂණ ඔප්පු අංක වැනි තොරතුරු අදාළ රථවාහන පොලීසියෙන් ලබාගන්න පුළුවන්. මෝටර් රථ වාහන ආඥා පනත අනුව පොලිස් නිලධාරියකු ඉල්ලා සිටි විට එකී තොරතුරු පොලීසියට ලබා දීමට රියැදුරන් නීතියෙන් බැඳී සිටිනවා. රථය එවකට ලියාපදිංචි කර තිබෙන්නේ කාගේ නමින්ද යන්න දැන ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙතින් ලියාපදිංචි සහතිකයේ පිටපතක් නීතිඥවරයාගේ ලිපියක් මාර්ගයෙන් ඉල්ලා සිටිය හැකියි.

රැකියාවට අදාළ තොරතුරු රැකියාව කරන ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. අමතර ආදායම් මගින් ඉපයූ මුදල් සම්බන්ධයෙනුත් ඊට අදාළව ලියකියවිලි ඉදිරිපත් කළ යුතුයි. ස්වයං රැකියාවක් ව්‍යාපාරයක් වැනි දෙයක් පවත්වාගෙන ගිය අයෙක් නම් ආදායම් බදු සම්බන්ධ ලිපි ලේඛන, ග්‍රාමසේවකගෙන් ලිපියක් වැනි දෑ ඉදිරිපත් කරන්න පුළුවන්. කුලී වැඩකළ කෙනෙක් නම් ඒ කුලී වැඩ කළ ස්ථානවලින් හෝ ලියුම් ගෙන ඉදිරිපත් කර ඉපයූ ආදායම පිළිබඳ සනාථ කිරීමට හැකියාව ලැබෙනවා.

උපදෙස් – ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>