TT Ads

ජලභීතිකාව බෝවන්නේ “රැබ්ඩෝ” (Rabdo) වෛරසයෙනි. මෙම වෛරසය බෝවන්නේ ජලභීතිකා රෝගියාගේ රුධිරය හෝ කෙළ මගිනි.

■ ජලභීතිකාව වැළඳීම නිසා දිනකට ලෝක ජනගහනයෙන් මියයන සංඛ්‍යාව 161 දෙනෙකි.
■ වාර්ෂික ජලභීතිකාවෙන් මියයන පිරිස 59000 ක් පමණ වේ. ඉන්දියාවේ පමණක් 22000       පමණ  ජලභීතිකා රෝගීන් වාර්ෂිකව මරණයට පත්වේ.

ජලභීතිකාව බෝ කරන සතුන්
අපට ජලභීතිකාව ප්‍රධාන වශයෙන්ම බෝවන්නේ නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාගෙනි. එමෙන්ම බළලා, නරියා, වඳුරා, රිළවා, දඬුලේනා, ඌරා, උගුඩුවා, ගවයා, එළුවා, පුංචි ලේනා ආදි සතුන්ට ද ජලභීතිකාව වැළඳේ. ජලභීතිකාව වැළඳුණු සතෙකුගේ සපාකෑමකින් හෝ කෙළ ශරීරගත වීමෙන් දින 9-10 ක් ඇතුළත පහත සඳහන් රෝග ලක්ෂණ මතුවේ නම් ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි නිගමනය කළ හැක.

මූලික ජල භීතිකා රෝග ලක්ෂණ
■ බැස නොයන උණ
■ නොනවත්වා පවතින හිසරදය හා අධික තෙහෙට්ටුව
■ තද සුළඟ සහිත සීතල
අසාමාන්‍ය ලෙස දරා ගැනීමට නොහැකියාව වර්ධනය වීම.
■ ආලෝකය මෙන්ම ශබ්දය දරා ගැනීමේ හැකියාව නැතිව යාම.
■ ස්වසන වේගය වැඩි වී පේශී සංකෝචනය වීම (හුස්ම හිර කිරීම)
■ රෝගියා තුළ සැර පරුෂ බව කේන්තිය හා සංකාව මතු වීම.
■ රෝගියා නිතරම අධික බියට පත්වීම.
■ උගුරේ මංශ පේශි
සංකෝචනය වීම නිසා ජලය පානය කිරීමේ අපහසුතාවය ඇති වීම. (ජලයට බියක් දැක්වීම     ලෙස මෙම තත්ත්වයට සමාජයේ වැරදි අර්ථකථන පවතී)
■ මුඛයෙන් කෙළ වැගිරීම.

රෝගියාගේ ඉරණම
මෙවන් රෝග ලක්ෂණ පහළ කරන රෝගියෙකු කලාතුරකින් සතියක් හෝ දින තුන හතරක් ජීවත් විය හැකි අතර මෙවන් රෝගී ලක්ෂණ පහළ වේ නම් බොහෝවිට එම රෝගියා ජීවත්වන්නේ දින දෙකක් හෝ තුනක් වැනි කාලයක් පමණි.

ජලභීතිකාව වැළඳීම වළකන එන්නත
මෙම එන්නත හඳුන්වන්නේ “ඇන්ටි රේබීස් එන්නත” (ARV) නමිනි. මෙම එන්නත ජලභීතිකාව වැළඳීමට එරෙහිව එන්නත් කරන ප්‍රතිශක්තීකරණ ඖෂධයකි. මෙම ප්‍රති ඖෂධය එන්නත් නොකළ අයෙකුගේ සිරුරට රේබීස් වෛරසය ඇතුළු වුවහොත් රෝගය වැළඳුණු පසු රෝගය සුවකළ හැකි එන්නතක් මේ වනතුරු සොයා ගෙන නැත. එබැවින් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීමට අප කළ යුතු හොඳම පිළියම වන්නේ රෝගය වැළඳීමට පෙර (ARV) එන්නත ලබා ගැනීමයි.

නිවසේ ඇති කරන සුරතලාටත් ජලභීතිකා එන්නත ලබා දීම අනිවාර්ය වේ.
(ARV) එන්නත නිවසේ ඇති කරන බල්ලාට හෝ බළලාට වයස මාස එකහමාරේදීත් වයස මාස හයේදීත් මුලින්ම ලබා දිය යුතු අතර ඉන් පසු සෑම වසර දෙකකට වරක් නොවරදවාම
(ARV) එන්නත ලබා දිය යුතුය. යම් හෙයකින් වසර දෙකෙන් පසු කිසියම් හෝ කාලයක
(ARV) එන්නත ලබා දීම නතර කළේ නම් එම සතාට ජලභීතිකාව වැළඳීමට සම්පූර්ණ ඉඩ කඩ ඇති බව සිහිතබා ගත යුතුය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>