TT Ads

රූපලාවන්‍ය ලෙස වර්තමානයේ බොහෝ යුවතියන් හඳුනාගෙන සිටින්නේ මේකප් කිරීම, බ්ලීචිං ක්‍රීම් භාවිතයෙන් සම සුදු කරගැනීම, කොණ්ඩය වර්ණ ගැන්වීම සහ විවිධ අයුරින් කැපීම හා විලාසිතා කිරීම යනාදී කරුණු කාරණා කිහිපයක් පමණි. නමුදු සැබෑ අංගාරවේදියෙක් රූපලාවන්‍ය ලෙස දකින්නේ ශිල්පීය ක්‍රම පමණක් නොවේ. මිනිස් ශරීරයේ ස්වාභාවිකත්වය රකිමින් බාහිර තත්ත්වය සහ පෙනුම උසස් කිරීමත් ඊට අයත්ය.

රූපලාවන්‍ය පිළිබඳ දැනුම ප්‍රගුණ කළද ඔබ මනා පෞරුෂයකින් යුතු රූපලාවන්‍ය ශිල්පියෙක් බවට පත් වීමට නම් ඔබ මෙම ලක්‍ෂණවලින්ද හෙබි විය යුතුය.

1. නියමිත වේලාවට වැඩ කිරීමේ ගුණාංගය

2. දිනපතා පිරිසිදුව සිටීම (පෞද්ගලික ස්වස්තාව)

3. අඳින ඇඳුම් පිරිසිදු සහ ප්‍රසන්න වීම (මෙහිදී මිල අධික හෝ නවීනතම මෝස්තරවලින් සැරසීම අත්‍යවශ්‍ය නැත)

4. ඉවසීම (තම සේවාදායකයාගේ මත ඉවසීම සහ සාවධානයෙන් සිටීම සහ සුහදශීලී බව)

5. සමබල ආහාර වේලක් ගැනීම

6. ව්‍යායාම්වල නිරතවීම.

එසේම රූපලාවන්‍යාගාරයක් මනා ලෙස පවත්වාගෙන යාමට තමන් මනා පෞරුෂයකින් සහ මනා කළමනාකාරීත්වයකින් යුක්ත විය යුතුය.

වර්තමානයේ මෙම වටිනා රූපලාවන්‍ය වෘත්තීය නොයෙකුත් ජාවාරම්කරුවන්ගේ විකෘතියක් බවට පත්ව තිබීම, දැනුමෙන් හෙබි සැබැවින්ම රූපලාවන්‍යය වෘත්තීයට ගෞරවධෑය ලෙස සලකන වෘත්තිකයන්ගේ වේදනාවට කරුණක් වී තිබේ. ජාවාරම්කරුවන් තමන්ගේ නිරුවත වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් ලෙස මෙම වටිනා වෘත්තීය බාල්දු කරමින් සිටීම කනගාටුවට කරුණකි.

 

කුමුදි නෙත්තසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>