TT Ads

ලෝකයේ සෑම රටකම පාහේ බෝ නොවන රෝගවලට බලපාන ප‍්‍රධානතම අවදානම් සාධකය වන්නේ අධිරුධිර පීඩනයයි. ශ‍්‍රී ලංකාවේ මේ තත්ත්වය වැඩිහිටියන්ගෙන් 33% කටම බලපා තිබේ. එනමුත් එ බව දැනුවත් වී ඇත්තේ 50%කටත් අඩු ප‍්‍රතිශතයකි. අධි රුධිර පීඩනය මනාව පාලනය වී ඇත්තේ ඉතා අඩු පිරිසකගේය. එනම් ප‍්‍රතිකාර ලබා ගන්නා පිරිසගෙන් 50%කටත් අඩු සංඛ්‍යාවකටය. එබැවින් අධි රුධිර පීඩනය ගැන මනා දැනුමක් ලබා ගැනීම අද සෑම දෙනාම අත්‍යාවශ්‍යයෙන් කළ යුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පුද්ගලයෙකුට අධික රුධිර පීඩනය ඇති බව නිගමනයකට එළඹෙනුයේ එහි අගය රසදිය මිලිමීටර් 140/90 ඉක්මවූ විටය. සාමාන්‍යයෙන් මෙය මැනිය යුත්තේ ඔහු හෝ ඇය ශාරීරිකව මෙන්ම මානසිකව විවේකයෙන් සිටින විට පමණක් බව අවධාරණය කළ යුතුය. බොහෝ විට වෛද්‍යවරයා හමුවට පැමිණි විගසම මෙය පරීක්ෂා නොකෙරේ. පැමිණ විනාඩි 5, 10 ගතවූ පසුව රුධිර පීඩනය බැලීම ඉතා වැදගත් වේ. සමහර අයට රෝගයක් නැතත් වෛද්‍යවරයා වෙත ගිය විටදී හෝ රෝහලේ දසුන දකින විටදී හෝ රුධිර පීඩනය වැඩිවීම සිදුවෙයි. මේ තත්ත්වය White Coat hypertension නමින් නම් කර ඇත.
සාමාන්‍යයෙන් අධි රුධිර පීඩන තත්ත්වයට විශේෂිත වූ රෝග ලක්ෂණ නොමැත. රුධිර පීඩනය ඉතා අධික වූ විට හිසරදය ඇතිවිය හැක. නමුත් මේ තත්ත්වය හඳුනා ගන්නේ එහි සංකූලතා ඇති වීමෙන් අනතුරුවය.

ඇති විය හැකි සංකූලතා

අධි රුධිර පීඩනය ශරීරයේ ප‍්‍රධාන අවයව රැසකට සෘජුවම බලපෑම් ඇති කරයි. හෘදය වස්තුව, මොළය, වකුගඩුව සහ ඇස් ඉන් ප‍්‍රධාන වේ. හෘදයාබාධ, අංශබාගය, හෘද අකර්මණ්‍ය වීම , වකුගඩු අකර්මන්‍යතා ඇස් අන්ධතා ආදිය එමගින් ඇතිවන රෝගයි.

මේ සංකූලතා ඇති වන්නේ කෙසේද?

මේද (කොලෙස්ටරෝල් ) අඩංගු තෙල් තට්ටු ඉහත අවයවවලට රුධිර සපයන ධමනිවල තැන්පත් වී ඒවාට ලේ සැපයුම අඩාල කෙරේ. මේ මගින් හෘදයාබාධය (Ischaemic Stroke)  අංශභාග වැනි රෝග ඇති විය හැක.
අධි රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී ඇතුළත පීඩනය වැඩවීමේ ප‍්‍රතිඵයක් ලෙස විශේෂයෙන් මොළයේ කුඩා රධිර නාල පුපුරා යෑමෙන්ද ආඝාතය Hemorrhagic stroke ඇතිවිය හැක.
හෘදයේ පවතින පේශීමය බිත්තිය ඝනකම් වී පසුව දුර්වල වී හෘද අකර්මණ්‍යතාවය heart failure  ඇතිවේ. එලෙසම වකුගඩුවලට ද එම තත්ත්වය උදාවිය හැකියි. වකුගඩුවල සියුම් රුධිර වාහිනී ඝනකම් වී වකුගඩුද අකර්මණතාවයට පත්වේ. Renal failure රුධිර පීඩනය නිසා ඇසේ සියුම් රුධිර නාල දුර්වල වී ඇස තුළට ලේ වහනය වීම හේතුවෙන් ඇස් අන්ධ විය හැක.

වයසට යනවිට ඇතිවන රුධිර පීඩනය

අවුරුදු 40 න් පසුව අධි රුධිර පීඩනය ඇති වීමට බලපාන ප‍්‍රධානතම හේතුව කුඩා රුධිර නාල සිහින් වීමයි. එය වයස් ගතවනවිට ක‍්‍රමයෙන් වැඩිවේ.ලූණු භාවිතය අවම කිරීම, ස්ථුල භාවය අඩු කිරීම, දිනපතා ව්‍යායාම් කිරීම මානසික ආතතිය අඩු කිරීම, රාත‍්‍රියේ පැය 6-7 නිදා ගැනීමට යොමු වීම, භාවනාව මගින් රුධිර පීඩනය පාලනය කළ හැකියි.

ඖෂධ භාවිතය

බොහෝවිට අධි රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට නොපැමිණි විට ඖෂධ භාවිත කළ යුතුයි. ඖෂධ ගැනීමේදී වෛද්‍යවරයකුගේ නිර්දේශය මත සිදු විය යුතුයි. මුළු ජීවිතය පුරා ඖෂධ ගත යුතුයි. අධි රුධිර පීඩනය සුව කළ නොහැකියි. එය නොකඩවා බෙහෙත් ගැනීම මගින් පාලනය කළ හැකියි.අධි රුධිර පීඩනයට ගනු ලබන ඖෂධ වලට ඉතා සුළු වශයෙන් සංකූලතා ඇතිමුත් එම ඖෂධ නොගත්තොත් වෙනත් රෝග ඇති වී මරණය පවා සිදුවිය හැක.අඩු වයසින් ඇතිවන අධි රුධිර පීඩනය ප‍්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකියි. එනම් වකුගඩු ආශ‍්‍රිත රෝග, හෝර්මෝන ස‍්‍රාවය වැඩි වීම තුළින් ඇතිවන රුධිර පීඩන තත්ත්වය ඉවත් කර ගත හැකියි. මෙම රෝග, පරීක්ෂණ මගින් සොයා ඊට පිළියම් යෙදීම මගින් ඔවුන්ගේ අධි රුධිර පීඩනය පාලනය වේ.සියලූම දියවැඩියා රෝගීන් රුධිර පීඩන තත්ත්වය රසදිය මිලි ලීටර් 130/80 හෝ ඊට අඩු පවත්වා ගත යුතුයි.හෘදයාබාධ, ආඝාතය, වකුගඩු ආබාධ දැනටමත් වැලඳී ඇති අය හා ගර්භණීන් විශේෂයෙන් අධි රුධිර පීඩනයෙන් වැළකීමට පියවර ගත යුතුයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>