TT Ads

ඔබගේ සිරුරේ විශේෂ ස්ථාන වලින් ලේ ගලන විට කළ යුතු ප්‍රථමාධාර ඔබ දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ මන්දයත් කුඩා තුවාලයක් වුවද විශාල ලේ ප්‍රමාණයක් සිරුරෙන් ඉවතට යාම නිසා අනතුරුදායක තත්ත්වයක් උදාවීමට හැකියාවක් පවතින නිසයි. එම නිසා කුඩා තුවාලයකින් වුවද ලේ ගැලීමට පටන් ගතහොත් ඔබ එම ලේ ගැලීම නැවැත්වීමට වහාම පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා වන පහසුවෙන් කළ හැකි ප්‍රථමාධාර කිහිපයක් අද හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා.

කම්මුලෙන් හා තොල්වලින් ලේ ගලන විට

කැපීමක් හෝ සිදුරු වීමක් නිසා තුවාල වීමකින් ඔබගේ කම්මුලෙන් හෝ තොල් වලින් හෝ ලේ ගැලීමට පුළුවන්. එවිට ඔබ පළමුවෙන් කළ යුත්තේ මේ ලේ ගැලීම හෙවත් රක්තපාතය නැවතීමට පියවර ගැනීමයි.

ප්‍රථමාධාර

කළ යුතු දේ:-

ලේ ගලන තුවාලය මතට කීපවරක් නවන ලද පිරිසිදු රෙදි කැබැල්ලක් ලේන්සුවක් හෝ ගෝස් කැබැල්ලක් තබා විනාඩි 10 ක පමණ කාලයක් මහපටැඟිල්ලෙන් හෝ අත්ලෙන් පීඩනය යොදන්න. රුධිරය ගැලීම නැවතුන පසුව එම තුවාලය විෂබීජ නාශකයකින් පිරිසිදු කර සැරහුමක් යොදන්න. තුවාලයේ ප්‍රමාණය හා ස්ථානය අනුව වහාම වෛද්‍යාධාර ලබා දීමට පියවර ගන්න.

 

නාසයෙන් ලේ ගලන විට

නාසය යමක ගැටීම නිසා හෝ නාසයට පහරක් වැදීම නිසා හෝ නාසයෙන් ලේ ගැලීමට පුළුවන. එම නිසා රෝගියාට ප්‍රථමාධාර ලබා දෙන අතරතුරම නාසයට වූ අනතුර ගැන විමසා බලා, නිරීක්ෂණය කර බලන්න. සමහර විට මෙසේ නාසයෙන් ලේ ගලන්නේ නාසය අභ්‍යන්තරය තුවාල වීම නිසා වීමට පුළුවන්. තවත් අවස්ථාවකදී පීනස නිසා ලේ ගැලීමටත් පුළුවන්. ඒ වාගේම හිසට හා මොළයට දැඩි ලෙස පහරක් වැදීමෙන් අභ්‍යන්තර ලේ ගැලීම හේතුවෙන්ද නාසයෙන් ලේ ගලන්නට පුළුවන්. එම නිසා ප්‍රථමාධාරකරුවා වඩාත් ප්‍රවේශම් විය යුතුයි.

ප්‍රථමාධාර

කළ යුතු දේ:-

තුවාලකරු කෙළින් වාඩි කරවන්න. හිස ඉදිරියට ටිකක් නවන්න. බෙල්ල අවට ඇඳුම් බුරුල් කරන්න. කටින් හුස්ම ගැනීමට උපදෙස් දෙන්න.
නාසයෙන් ලේ ගලන්නේ සාමාන්‍ය පහරක් වැදීම හෝ ගැටීමක් නිසා පහළින් ඇති කොටස ඔබගේ මහපටැඟිල්ලෙන් හා දබරඟිල්ලෙන් විනාඩි 10ක් පමණ තදින් අල්ලා ගෙන සිටින්න.
විනාඩි 10 කට පසු යළිත් ලේ ගලන්නේ නම් යළිත් නාසය තද කරගෙන අල්ලා සිටීමටත් වහාම වෛද්‍යාධාර සඳහා රෝහලකට රැගෙන යන්න.

නොකළ යුතු දේ:-

නාසය තුළට විවිධ දියර වර්ග දැමීමෙන් හෝ රෙදි කැබැලි ඇතුළු කිරීමෙන් වළකින්න. නාසයෙන් හුස්ම ගැනීමෙන් වළකින්න. සොටු සූරා දමීමෙන් වළකින්න.

අවධානයට

හිස්කබලේ සිදු වූ භග්නයක් නිසාම මොළයට හානි සිදුවීමෙන් මෙසේ නාසයෙන් ලේ ගැලීමට පුළුවන්. එම නිසා වහාම ප්‍රථමාධාර ලබා දෙන්න.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>