TT Ads

අපේ රටේ බර වැඩි අය ගැන සලකන විට පිරිමින්ට වඩා කාන්තාවෝ ඉදිරියෙන් සිටිති. කාන්තාවන් අතරිනුත් වැඩියෙන්ම බර වැඩි තත්ත්වයට පත්ව හිඳින්නේ විවාහක කාන්තාවන්ය.

මෙසේ වීමට හේතුව කුමක්ද?

කාන්තාවන්ගේ පරිවෘත්තීය වේගය පිරිමින්ට වඩා අඩු මට්ටමක පවතී. එනිසා ඔවුන්ගේ ශක්ති අවශ්‍යතාවයද පිරිමින්ට වඩා අඩුය. එනිසා පිරිමින්ට වඩා අඩුවෙන් ආහාර ගත්තත් කාන්තාවන්ගේ බර වැඩි වීමට ලොකු අවකාශයක් පවතී.
සාමාන්‍යයෙන් අපේ රටේ මව්වරුන් ආහාර බෙදා ගන්නේ පවුලේ සියලූ දෙනා ආහාර ගත්තාට පසුවය. එහිදී ඇය ව්‍යංජන දීසිවල මෙන්ම ආහාර පිසූ බදුන්වල අඩියේ රැුඳුණු තෙල් අධික කොටස් වැනි දෑ බොහෝ විට ආහාරයට ගනී. මේ නිසා ඇයට නොදැනීම අනවශ්‍ය ශක්ති ප‍්‍රමාණයක් ශරීරයට එකතු වේ. එසේම බොහෝ විට ඉතිරි වන ආහාර ඉවත දැමීම අපරාදයක් නිසා එ්වාද ආහාරයට ගැනීමට කාන්තාවෝ පෙළඹෙති.
පිරිමින්ට වඩා කාන්තාවන් අතර ශරීර ක‍්‍රියාකාරකම් අඩුය. එනිසා ශක්තිය වැය කිරීමද අඩුවේ. මේ නිසා ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇති වී එය තරබාරු වීම සඳහා මං පාදයි.
අනෙක් අතට කාන්තාවන් සිය ගර්භනී අවදියේදී සහ දරුවකු බිහිකළ පසු කිරි දෙන අවදියේදී වැඩිපුර ආහාර ගැනීමට පෙළඹේ. මේ පුරුද්ද එම කාන්තාව තුළින් ඉන්පසුවද අත් නොහැරෙන නිසා එයද තරබාරුව සදහා මං සලසාලයි.
අපේ රටේ පවුලේ කළමනාකාරීත්වය දරන්නේ ගෘහනියයි. මේ නිසා පිරිමියාට වඩා ඇය මානසික ආතතියට ගොදුරු වීම වැඩිය. මෙසේ ආතතියට ගොදුරු වූ විටත් බොහෝ දෙනෙක් වැඩියෙන් ආහාර ගැනීමට පෙළඹෙති. මෙහි ප‍්‍රතිඵලය වන්නේද තරබාරු වීමයි.
ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ පරිවෘත්තීය ක‍්‍රියාවන්හි වෙනසක් ඇති වන නිසා එයද කාන්තාවන්ගේ තරබාරු වීමට හේතුවක් වෙයි. විශේෂයෙන්ම ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ උදර ප‍්‍රදේශයේ අධික ලෙස මේදය තැන්පත් වී උදරය ඉදිරියට නෙරා එ්මත්, එල්ලා වැටීමත් සිදු වනු ඇත.
ලැජ්ජාව, උසුළු විසුළුවලට ලක්වීම, වැරදි සමාජ ආකල්ප ආදිය නිසා සාමාන්‍ය සමාජයේ කාන්තාවන් ව්‍යායාමවලට පෙළඹීමද අඩුය. මේ නිසා තරබාරු බවින් මිදීමට තිබෙන අවකාශද අවම වෙයි.
මේ සියලූ හේතු තරබාරු බවට බලපාන අතර මෙම තරබාරු වීම පාලනය කර නොගතහොත් දියවැඩියාව හෘදයාබාධ ආදී රෝග රාශියකට භාජනය වීම සිදුවනු ඇත.
එබැවින් මේ තත්ත්වය ව්‍යායාම හා ආහාර පාලනය මගින් වළක්වා ගැනීම ඉතා වැදගත් කටයුත්තක් බව කාන්තාවන් විශේෂයෙන් මතකයේ තබාගත යුතු වේ.

උපදෙස් – වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
සටහන – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>