TT Ads

ලංකා බැංකුව QR (quick response)කේත පදනම් වූ ඩිජිටල් ගෙවීම් අවකාශයක් වන SmartPay හරහා මොබිටෙල් පාරිභෝගිකයන් වෙත මූල්‍ය හුවමාරු සුවපහසුව ලබාදීමට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමග අත්වැල් බැදගනී. පහසුව, ඉහළ ආරක්ෂාව සහ වේගවත් ක‍්‍රියාවලියක් හරහා සුවිශේෂී මූල්‍ය අත්දැකීමක් අපේක්ෂා කරන අද කාලේ කාර්යය බහුල පාරිභෝගිකයන්ට මෙය ඉතාම සුදුසු විසදුමකි. තම දෛනික අවශ්‍යතාවයන් සඳහා කාඞ් රහිත සහ මුදල් රහිත ගනුදෙනු සිදුකරගැනීමේ පහසුව SmartPay හරහා පාරිභෝගිකයින්ට අත්විදිය හැක. මෙය පාරිභෝගිකයා මූලික කරගත් ගෙවීම් ක‍්‍රමවේදයක් (Push Payment)   නිසා සිදුවිය හැකි වැරදීම් හා අතපසුවීම් ඉතාම අවම වේ. android  සහ IOS මෙහෙයුම් භාවිතා කරන ජංගම දුරකථන හරහා ඉතාම පහසුවෙන් මෙම SmartPay app එක බාගත කරගත හැක. ඉතාම සරල සහ ආරක්ෂිත ලියාපදිංචි ක‍්‍රමවේදයක් හරහා මෙම app එක සඳහා තමාටම ලියාපදිංචි වීමටත්, තමාගේ ඉතිරිකිරීමේ හෝ ජංගම ගිණුම් ගෙවීම් ක‍්‍රමයක් ලෙස එකතු කිරීමටත් ගනුදෙනුකරුවන්හට අවස්ථාව සැලසේ. Lanka QR සහතිකකරණය ලත් අනෙක් බැංකු වල ජංගම දුරකතන app භාවිතා කරන්නන් හටද Lanka QR සහතික කළ QR කේතය භාවිතයෙන් ගෙවීම් කිරීමට හැකියාව ලැබේ. එලෙසම SmartPay app භාවිතා කරන්නන් හට මොබිටෙල් වල Lanka QR එක ස්කෑන් කර තමන්ගේ බිල් ගෙවීමක් හෝ රීලෝඞ් කිරීමක් පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබේ. මෙම ගනුදෙනුව සහතික කිරීමේ කෙටි පණිවිඩය ඔබේ දුරකථන අංකයට ක්ෂණිකව ලැබෙනු ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>