TT Ads

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් ජාලය වන ලංකා සතොස සිය නවතම ලෝයල්ටි කාඞ්පත වන “අභිමාන” පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. ලංකා සතොස ඩිජිටල්කරණයේ ආරම්භය ලෙස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති මෙම උත්සවයේදී ලංකා සතොස “අභිමාන” ලෝයල්ටි කාඞ්පතට අමතරව, සතොස තේමා ගීතය, ලංකා සතොස App මෙනුව, හඳුන්වාදීමද මීට සමගාමීව සිදුවිය. මෙම කාඞ්පත රජයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, රාජ්‍ය නිලධාරීන්ට හා රණවිරුවන් හට ඇගයීමක් ලෙස නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
දේශයේ මිල තීරකයා ලෙස විරුදාවලිය ලත් ලංකා සතොස ආයතනය වර්තමානයේ අලෙවිසැල් 423කින් සමන්විත ලංකාවේ විශාලතම අලෙවිසැල් ජාලයට හිමිකම් කියන අර්ධ රාජ්‍ය ආයතනයකි. ඔවුන්ගේ නවතම ලෝයල්ටි කාඩිපත මගින් ඉදිරියේදී පාරිභෝගිකයන් හට සුවිශේෂී වට්ටම් ලබා දීම මෙම හඳුන්වාදීමේ ප්‍රධානතම අරමුණ වේ. අනෙකුත් සහෝදර රාජ්‍ය ආයතන හා සම්බන්ධවෙමින් එම ආයතන සඳහාද සුවිශේෂී වට්ටම් ලබා එහි ප්‍රතිලාභ පාරිභෝගිකයන් හට ලබා දීමද මෙහි එක් අභිලාෂයකි. ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා සම්බන්ධ වී මෙම කාඞ්පත හර කාඞ්පතක් වශයෙන් පාරිභෝගිකයන්ට ලබාදී ඒ හරහා තවදුරටත් විශිෂ්ට සේවාවක් ලබාදීමට ලංකා සතොස බලාපොරොත්තු වේ.
මෙහිදී ලංක සතොස අලෙවිසැල් ජාලයෙහි විශිෂ්ට සේවකයන් ඇගයීමට ලක් කිරීමද මීට සමගාමීව සිදුවූ අතර දීප ව්‍යාප්තව එහිදී විශේෂ දක්ෂතා දැක්වූ සේවකයන් 45ක් පමණ ඇගයීමට ලක්විය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>