TT Ads

පර්චස් දහයක පමණ ඉඩකඩක ප්‍රේත පාදය මඟහැර නවීන ක්‍රමයට ඉදිකළ තනි මහල් නිවහනක සැලසුමකි මේ. සාමාන්‍ය ප්‍රමාණයේ පවුලකට ගැළපෙන මෙය ලක්ෂ විසිපහක පමණ මුදලකට වැඩ නිම කර ගත හැකිය.

නිදන කාමර තුනක්, විසිත්ත කාමරයක්, පැන්ට්‍රියක්, විවෘත ආලින්දක්, කෑම කාමරයක්, නාන කාමර දෙකක් හා වාහන නවතා තැබීමේ ස්ථානයක් ආදී නිවසකට අවශ්‍ය සියලුම අංගයන් මෙම නිවාස සැලසුමට ඇතුළත්ය.
මෙම නිවාස සැලසුමේ ඇති විශේෂත්වයක් වන්නේ නිවසේ විසිත්ත කාමරයට සමීපව පැන්ට්‍රිය ඉදිකර තිබීමයි. එසේම එය මෙම නිවාස සැලසුමෙ ඉදිරියට ගෙන තිබීම විශේෂත්වයකි.

නවීන ක්‍රමයට ඉදිකර ඇති මෙම නිවහනේ ඉදිරියෙන් බලනවිට වාහන තබන ස්ථානයේ හා විවෘත ආලින්දයේ වහල පමණක් දිස්වන පරිදි ඉදිකර තිබීම විශේෂය. වියදම් අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම වහල කොටස් දෙක සඳහා වහලයටම සවිකළ සිවිලිම යොදාගෙන ඇති අතර ගෙයි අනිත් කොටසේ වහල සඳහා සාමාන්‍ය එල්ලන සිවිලිම භාවිතා කර තිබේ.

ගොතටුවේ දිනුදා හෝම්ස්හි

ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

new 01

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>