TT Ads

නිදන කාමර තුනකින් සමන්විත මෙම නිවස වර්ග අඩි 1500ක පමණ ඉදිවුණු තනි තට්ටුවේ නිවහනකි.
පිටත පෙනුම සම්ප්‍රදායික නිවෙසක ආකාරයට නිර්මාණය කර ඇති මෙම නිවහනේ සාලයට ඇතුළු වූ විට පසෙකින්  Room – 03 ලෙසින් නිදන කාමරයක් දක්වා ඇත. එය අමුත්තන් සඳහා භාවිතයට ගත හැකි නිදන කාමරයකි.

සාලය, කෑම කාමරය, පැන්ටි්‍රය එකිනෙකට සම්බන්ධ වන අයුරින් විවෘත අවකාශයක් සහිතව නිර්මාණ කර තිබීම මෙම සැලසුමේ ඇති විශේෂත්වයයි. නිවස සඳහාම එක නාන කාමරයක් පමණක් ඉදිකර තිබෙන අතර එය සාලය මඟහැර භාවිත කළ හැකිවන පරිද්දෙන් අමුත්තන්ගේ කාමරයට යාබදව නිර්මාණය කර තිබේ.
ප්‍රධාන වහලය පලු දෙකේ වහලක් ලෙස යොදා ඇති අතර එල් හැඩයේ ආලින්දය නිවසට ගෙන දෙන්නේ අපූරු පෙනුමකි.

සාමාන්‍ය පවුලකට සුදුසු වන පරිදි නිර්මාණය කර ඇති මෙම නිවස නැගෙනහිර දිශාවට ප්‍රධාන පිවිසුම තබා පිළියෙළ කරගත හැකි නම් ඉතාමත් සුබඵල දෙන පිහිටීමක් වනු ඇත.
පර්චස් අටක්, දහයක් වැනි ඉඩකඩක ඉදිකළ හැකි මෙම නිවස සාමාන්‍ය පිහිටි පොළොවක ඉතාමත් පිරිමැසුම් දායක අන්දමින් මුදල් යොදවා කටයුතු කළහොත් ලක්ෂ තිහකට ආසන්න මුදලකට ඉදිකරගත හැකි වෙයි.

ගොතටුවේ
දිනුදා හෝම්ස්හි ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>