TT Ads

කුඩා ඉඩකඩක ඉදිකළ ඉතාමත් හුරු බුහුටි අලංකාර දෙමහල් නිවසක සැලසුමකි මේ. සම්පූර්ණ වැඩ නිම වන විට ලක්ෂ 45ක් පමණ වැය විය හැකි මුත් සැලසුමට අනුව මෙම නිවස කොටසින් කොටස ඉදි කරගත හැකි වීම විශේෂත්වයක්.

Ground Floor plan

 

1st Floor plan

ඉඩකඩ සීමා සහිත බැවින් පැන්ටි්‍රය සහ කෑම කාමරය යාබදව පිහිටන අයුරින් මෙම සැලසුම නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම සාලයෙන් කිසිම කාමරයක් සඳහා දොරවල් යොදාගෙන නොමැති අතර සාලයේ සිට බලන කෙනෙකුට දිස් නොවන පරිදි කෑම කාමරයෙන් අනෙකුත් කාමරවලට හා නාන කාමරය සඳහා පිවිසුම් යොදාගෙන තිබීම මෙහි ඇති විශේෂත්වයක්.

මෙම සැලසුමට අනුව බිම් මහලේ “x” කතුර සලකුණක් යොදා ඇති ස්ථානය නිවසේ මධ්‍ය ලක්ෂ්‍ය හෙවත් “ගිනි කතුර” පිහිටන ස්ථානයයි. එය ආගමික ස්ථානයක් ලෙස භාවිතයට ගත හැකියි.
මෙම නිවාස සැලසුමේ ඇති විශේෂත්වය වන්නේ පඩිපෙළ පිටතින් යොදා තිබීමයි. ඒ නිසා ඔබට අවශ්‍ය විටෙක එක් මහලක් කුලියට හෝ බද්දට ලබාදී ආදායමක් උපයා ගත හැකියි.

මෙම සැලසුම දකින විට තෙමහල් නිවසක් සේ පෙනුණත් සැබෑවටම සැලසුම සකස් වී ඇත්තේ මහල් දෙකක් සඳහායි. නමුත් පළමු මහලේ වහලය ලෙස භාවිත කර තිබෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් නිසා එය මිදුලක් වශයෙන් හෝ ගෙවත්තක් වශයෙන් භාවිතයට ගැනීමටත් පුළුවන්. ඒ වගේම වතුර ටැංකිය සඳහා වෙනමම කොටසක් මෙම ඉඩකඩ තුළ වෙන් කර තිබෙන අතර නිවසේ පැවැත්වෙන පුංචි සාදයක් වැනි විශේෂ අවස්ථාවකට වුවද මෙය භාවිතයට ගත හැකියි.

දෙවන මහලේ කාමර දෙකට වෙනම සඳළුතල දෙකක් සහ සාලය සඳහාද සඳළුතලයක් ඇති නිසා එම ස්ථාන තුළ විසිතුරු ශාක වර්ග, මල්බඳුන් තබා අලංකාර කළ හැකියි. ඒ වගේම සැලසුමට අනුව පඩිපෙළ එළියෙන් යොදා තිබෙන නිසා පවුල් දෙකකට වුණත් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි දිවි ගෙවිය හැකියි.
පිටත බිත්ති සඳහා වර්ණ කිහිපයක් හෝ විවිධ වර්ණයන්ගෙන් යුතු ටයිල් වර්ග යොදා ගැනීම තුළින් මෙම නිවසේ අලංකාරය තව තවත් වැඩි කර ගන්නට හැකියාව තිබෙනවා.

ගොතටුවේ ,දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී ,වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>