TT Ads

ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික )  සමාගමෙන් MG  මාදිලියට අයත් (SUV) ජීප් රථ  මිලදීගන්නා පාරිභෝගිකයන්ට සිංගප්පූරු සවාරියක් දිනාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වාදෙන මෙම විශේෂ  ප්‍රවර්ධන වැඩසටහන යටතේ, ඔක්තෝබර් 10   වැනිදා  සිට නොවැම්බර් 10 දක්වා වන මාසයක කාලය තුළ MG  ජීප් රථ මිලදීගන්නා මුල්ම පාරිභෝගිකයන් 50දෙනාට සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්, MG විශේෂඥයා ලෙස සැලකෙන වාසනා ට්‍රේඩිං ලංකා වෙතින් හිමිවේ.

මෙම දීමනාව හිමිවන්නේ   වාසනා ට්‍රේඩිං ලංකා විසින් පිරිනමන, අමතර කොටස් සැපයීමේ වගකීමද ඇතුළුව අන් කිසිදු ආයතනයකින් නොලැබෙන වසර 5ක අද්විතීය වගකීමක් , නොමිලේ සේවාවාර 3ක් සහ තවත් සුවිශේෂී  ප්‍රතිලාභ රැසක්ද සමගිනි.

රථ වාහන ක්ෂේත්‍රයේ වසර 27ක පළපුරුද්දක් සහිත, ශ්‍රී ලංකාව තුළ කීර්තිමත් නාමයක් දිනාසිටින  වාසනා ට්‍රේඩිං ලංකා පුද්ගලික සමාගම සහ  කල්බදු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන   මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ   එකමුතුව හරහා අඩුම පොළියට, අසමසම ලීසිං පහසුකම් යටතේ  මේදිනවල  වඩාත්ම ජනප්‍රිය උසස්ම තත්ත්වයේ MG ජීප් රථයක් මිලදීගැනීමේ අවස්ථාව  පාරිභෝගිකයන් වෙත උදාවන්නේ  අංක 312,මීගමු පාර,වැලිසර,රාගම දරන ලිපිනයේ පිහිටි වාසනා ට්‍රේඩිං ලංකා ප්‍රධාන අලෙවි ප්‍රදර්ශනාගාරයේදීය. . ඉතා කඩිනමින් ලීසිං පහසුකම් ලබාදෙන බැවින් ,සියලු අවශ්‍යතා එක් දිනක් තුළ සපුරාගනිමින් වාහනය එවේලේම ගෙදර ගෙනයාමේ පහසුකම  ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන පාරිභෝගිකයන් වෙත හිමිවේ. මිලදී ගන්නා  සෑම  MG ජීප් රථයක්  සඳහාම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙතින්   වසර 5ක් දක්වා ලීසිං පහසුකම් ලබා ගත හැකි අතර  ,මෙහිදී හිමිවන තවත්  සුවිශේෂී      වරප්‍රසාදයක් වනුයේ මුලින් රුපියල් ලක්ෂ 8ක් පමණක්  ගෙවා  වාහනය ගෙදර ගෙනයාමේ අවස්ථාව සලසාදී තිබීමය.

බ්‍රිතාන්‍යයේ පිහිටි MG මවු සමාගමේ අධීක්ෂණය සහ තාක්ෂණයට අනුව නිෂ්පාදනය කෙරෙන MG ජීප් රථ , එම වාහන පිළිබඳ මෙරට විශේෂඥයා වන වාසනා ට්‍රේඩිං ලංකා වෙතින් කඩිනමින් වෙන්කරවා ගෙන කලාතුරකින් හිමිවන මෙම අසමසම දීමනාව අත්විඳගන්නා  ලෙස සියලුම MG ජීප් රථ ලෝලීන්ට ආරාධනා කරසිටින බව  ප්‍රවර්ධන වැඩසටන පිළිබඳ අදහස් දක්වමින්  සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අවශ්‍ය නම් මේ පිළිබඳ තවත් විස්තර 0112241333 දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකිය.

MG ජීප් රථ  සඳහා ඉහළම අලෙවියක් වාර්තාකරමින්, එම ජීප් රථ වෙනුවෙන් මෙරට නිල නොලත් ඒජන්තවරයා ලෙස රථ වාහන ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටින වාසනා ට්‍රේඩිං ලංකා වාහන බලපත්‍ර හිමියන්ටද (Permit Holders) විශේෂ වාසි රැසක් හඳුන්වාදී ඇති අතර,තමන් සතු බලපත්‍රය වාසනා ට්‍රේඩිං ලංකා වෙත ලබාදීමෙන් වෙළෙඳපොළේ දැනට පවතින මිලට වඩා වැඩි මුදලක් ඒ වෙනුවෙන් ලබාගෙන MG ජීප් රථයක් එවේලේම ගෙදර ගෙනයාමේ පහසුකමද  සලසාදී ඇත. එමෙන්ම තමන් සතු පැරණි වාහනය සඳහා උපරිම මිලක් ලබාගෙන නවීන MG ජීප් රථයක සාඩම්බර හිමිකරුවකුවීමේ මහඟු අවස්ථාවද මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට හිමිවෙයි.

වාසනා ට්‍රේඩිං ලංකා වෙතින් මිලදී ගන්නා සියලුම වාහන සඳහා වාසනා කෙයාර් වෙතින් පිරිනමන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවයද හිමිවන අතර, පාරිභෝගිකයන් සඳහා පන්ති පවත්වමින් MG ජීප් රථ පිළිබඳ තාක්ෂණික දැනුම ලබාදීමටද ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>