TT Ads

මේ දවස්වල සමාජ මාධ්‍යවල එක්තරා අනුදෙව්නීය වීඩියෝවක් සංසරණය වෙනවා. එහි සටහන් වෙලා තියෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ඇති වෙලා තියෙන ලැව් ගින්නට හසු වී ඉන්න කෝලා පැටවෙකු කාන්තාවක විසින් බේරා ගන්නා විදියයි. ඇය කෝලා පැටවාගේ පිළිස්සුණු සිරුරට වතුර දමා සිසිල් කර තමන්ගේ උඩුකයට ඇඳ සිටි ඇඳුම ගලවා පුංචි කෝලා පැටවා එහි ඔතාගෙන කෝලා සතුන් සඳහා පිහිටුවා ඇති පෝට් මැකෝරි රෝහල වෙත රැුගෙන ගෝස භාරදෙනු ලැබුවා. මේ වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය වීම නිසා එකී කාන්තාව වෙත විශාල ජනප‍්‍රසාදයක් ඇති වී තිබුණා. අවසානයේ ඇය පිළිබඳ තොරතුරු සොයා ගත් 9news.com වෙබ් අඩෙවිය මේ සිදුවීම ගැන ඇය සමග කතාබහක නිරත වුණා. ඇය නමින් ටෝනි ඩොරති. ඒ ගැන ටෝනි කිව්වේ මේ වගේ දෙයක්.
”මම මගේ සැමියා ඇලන්බර්ග් ලූවිස් එක්ක ඔහුගේ මිතුරෙකුගේ ගෙදර යමින් හිටියේ. අපේ ගමන යෙදී තිබුණේ ලැවිගිනි ඇති වෙමින් පැවතුණු ප‍්‍රදේශය වූ නිව් සවුත් වේල්ස් හි ලෝන්ග් ෆ්ලැට් නගරය හරහායි. ඒ පැත්තේ පාරවල බොහොමයක් වහලා දාලයි තිබුණේ. ඒ නිසා එදිනෙදා ගමන් බිමන් යන වාහනත් අඩුයි. කොහොම හරි අපි ඒ ප‍්‍රදේශය පහු කරමින් හිටියේ ඉතාම හෙමින්. ඒ කියන්නේ පැයට කිලෝ මීටර් 15 ක 20 ක විතර වේගයෙන්. ඔය අතරෙ මම එකපාරටම දැක්කා පාර අයිනේ ඉඳලා අපේ කාර් එක දැකලා බය වෙලා නැවතත් අර ගිනි ගෙන දැවෙන කැලෑව පැත්තට දුවන කෝලා කෙනෙක්ව. කෝලාව දැකලා මට කෑගැසුණා. ඔහු ඒ වෙද්දිත් හොඳටම පිලිස්සිලයි හිටියේ. ලූවිස් එක පාරටම කාර් එක නතර කළා. මම කාර් එකෙන් බැහැලා කෝලා දුවපු පැත්තට දිව්වා. කෝලා පිලිස්සුණු ගහක කඳ දිගේ බඩගාමින් හිටියේ හරිම වේදනාවෙන්.”
එසේ පැවසූ ඇය සිය කඳුළු සගවා ගන්නට මෙන් මොහොතක් නිහඩව දෙතොල් සපාගෙන හිටියා. තත්පර කීපයකට පස්සේ ඇය නැවතත් කතා කරන්න පටන් ගත්තා.


”මට හිත හිත ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මගේ අතේ අඩුම තරමින් සර්වියට් එකක්වත් තිබුණේ නැහැ. මට මතක් වුණේ ඇඳගෙන හිටපු කමිසය ගැන විතරයි. මම ඉක්මනටම කමිසය ගලවලා කෝලාව එහි ඔතා ගත්තා. ඒ වෙද්දිත් ඔහු වේදනාවෙන් කෙඳිරි ගාමින් හිටියේ. මම කෝලාව අරගෙන ආපහු දුවගෙන එද්දි ලූවිස් කාර් එකේ තිබුණු වතුර බෝතල් දෙක තුනකුත් අරගෙන ඉස්සරහාට ආවා. මම කෝලාව බිමින් තියලා වතුර පෙව්වා. ඇගටත් වතුර වත්කළා. ඊට පස්සේ කෝලාව කමිසයේම ඔතාගෙන ඉක්මනටම අරගෙන ගියේ පෝට් මැකෝරි රෝහලට. ඒ වෙද්දි මම කමිසයක් ඇඳලා හිටියේ නැති නිසා ලූවිස් තමයි කෝලාව රෝහලට භාර දුන්නේ. ඒ ඔහුගේ නමින්. රෝහල් කාර්ය මණ්ඩලය කෝලා හඳුන්වලා තිබුණේ ඔහුගේ නමින්. ඒ කියන්නේ ඇලන්බර්ග් ලූවිස් කියලයි. ඉන් පස්සෙ දවස් කීපයක්ම අපි ඇලන්බර්ග් ලූවිස්ව (කෝලාව) බලන්න පෝට් මැකෝරි රෝහලට ගියා. ඔහුගේ පාද දෙකක් සහ එක අතක් හොඳටම පිලිස්සී තිබුණු නිසා වෙළුම් පටි යොදා තිබුණා.”
රෝහල් කාර්ය මණ්ඩලය කියන විදියට නම් මේ ලැව්ගින්න නිසා මේ විදියට පෝට් මැකෝරි රෝහලට ගෙනවිත් භාරදුන් කෝලාවුන්ගෙන් 150 ක් විතර මිය ගිහින් තියනවා. සමහර කෝලාවුන් භාරදෙන විටත් මියගොස් අවසන්. ලැව්ගින්න නිසා කෝලාවුන් ඇතුළු සත්ව විශේෂ රැුසක්ම විනාශ වී යාමේ අවධානමක් තිබෙන බවටත් ඒ සඳහා මහජන ආධාර අවශ්‍ය බවටත් වාර්තා කරමින් සත්ව අරමුදලක් ආරම්භ කර තිබුණා. නමුත් ඒ සඳහා බොහෝ අයගේ අවදානය යොමු වෙලා තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මිනිසුන් ලැව්ගින්න ගැන මිස සතුන් ගැන අවදානය යොමු නොකර සිටීම. නමුත් ටෝනි ඩොරති ඉහත කී කෝලා පැටවා බේරා ගැනීමේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන් ගත්තාට පස්සේ බොහොමයක් මිනිසුන්ගේ ඇස් ඇරෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරියාට පස්සේ සත්ව අරමුදලේ තැන්පතු සීග‍්‍රයෙන් වැඩි වුණා. ඒ වෙද්දි ඩොලර් 25000 ක්ව තිබුණු අරමුදලේ ශේෂය අර වීඩියෝව මුදා හැරීමෙන් දවස් කීපයකට පස්සේ ඩොලර් මිලියන 2 කට කිට්ටු වෙලා තිබුණා. ඉතින් මේ මුදල් මේ වනවිටත් ලැව්ගින්න නිසා විනාශ වෙමින් පවතින සතුන් බේරා ගැනීමට යොදා ගනිමින් පවතිනවා. ඕස්ටේ‍්‍රලියාවේ පාරිසරික, වනජීවී සහ වන සංරක්ෂණ ඇමතිනී සූසන් ලී පාර්ලිමේන්තුවේ දී ටෝනි ඩොරතිගේ මේ ක‍්‍රියාවට විශේෂ ස්තුතියක් කරන්නත් අමතක කර තිබුණේ නැහැ.
”ලැව්ගින්න නිසා විනාශ වෙමින් යන සතුන් වෙත මිනිසාගේ අවදානය යොමු කරවීමේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෙ ඔබට. ඒ නිසා ටෝනි ඩොරති කියන්නේ අපේ රටේ පුරාවෘත්තයක්” කියලා 9news.com සම්මුඛ සාකච්ඡුාවෙදි නිවේදනය කරපු වෙලාවේ මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කඳුළු එකපාරටම ඩොරතිගේ ඇස්වලින් කඩා හැලෙන්න පටන් ගත්තා.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>