TT Ads

රාබු සුවඳට, රාබු රසට අකැමැති අය බොහොමයි. ඒත් සූපවේදි කලාව රස මවන සොඳුරු විෂයක් නිසා අකැමැති කෑම ආස හිතෙන විදිහට පිළියෙළ කරන්නත් ඒ තරම් අමාරු නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ රසම රස රාබු සැලඞ් එක.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • සුද්ද කර ග්‍රේට් කරගත් රාබු ග්‍රෑම් 200ක්
  • රට ලූනු ග්‍රෑම් 100ක්
  • තක්කාලි ග්‍රෑම් 100ක්
  • සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 01ක්
  • බෙල් පෙපර් (අවශ්‍යනම් රතු, කහ පැහැයන් වලින්)
  • උම්බලකඩ අවශ්‍ය තරම්
  • දෙහි බෑයක දෙහි යුෂ
  • ලුණු අවශ්‍ය තරම්

සාදා ගන්නා ආකාරය

ග්‍රේට් කරගත් රාබු ලුණු මිශ්‍ර වතුරේ දමා හොඳින් මිරිකා බෝල් එකකට දමා ගන්න. එයටම සිහින්ව ලියාගත් රට ලූනු, අමුමිරිස් එක් කරන්න. එසේම තරමක ප්‍රමාණයේ කොටු කපාගත් තක්කාලි, බෙල් පෙපර් ප්‍රමාණයද එකතු කරන්න. අනතුරුව උම්බලකඩ මිශ්‍රකර හොඳින් මිශ්‍රකර රස අනුව ලුණු එකතු කරන්න. අවසානයේ දෙහි යුෂ දමා පිළිගන්වන්න.

උපදෙස්
ප්‍රවීණ සූපවේදී ප්‍රියාල් පෙරේරා
මව්න්ට් ලැවීනියා කේටර්ස්
B.M.I.C.H. ශාඛාව
සූපවේදී
නිශාන්ත සිල්වා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>