TT Ads
  •  ශීතකරණයේ ඇතුළත පැන්ට්‍රියේ මතුපිට වගේ තැන් ඉක්මනින්ම අපිරිසිදු වෙනවා. පිරිසිදු කිරීමත් පහසු නැහැ. කරන්න තියෙන්නෙ පුංචි දෙයක් විතරයි. මඳ උණුසුම් වතුර කෝප්ප කාලකට බේකිං සෝඩා මේස හැඳි 4ක් දාලා හොඳින් මිශ්‍ර කරලා ස්පොන්ජ් එකකට ඒ දියර අරගෙන පිස දමන්න. ඉක්මනින් පිරිසිදු වේවි.
  •  සමහර සපත්තු පැළඳුවාට පස්සේ දුගඳ හමන එක ලොකු ප්‍රශ්නයක්. සපත්තු දුගඳ නැති කරන්න නම් බේකිං සෝඩා ටිකක් අරගෙන සපත්තු ඇතුළත ඉහින්න. හැමදාම සපත්තුව පැළඳ ගලවා තැබුවාට පසු මෙසේ බේකිං සෝඩා ඉස ආලෝකයට නිරාවරණය වන තැනක තබන්න. නැවතත් දුගඳ හමන එකක් නැහැ.
  •  පාට පැන්සල් හෝ ප්ලැටිග්නම් වලින් ලී බඩුවල ඇන්දොත් ඒවා මැකෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් බොහොම පහසු උපක්‍රමයක් අත්හදා බලන්න. දත් මදින බෙහෙත් එදදඑය ච්ිඑැ ටිකක් රෙදි කැබැල්ලකට අරගෙන ලී බඩු පිස දමන්න. ප්ලැටිග්නම් හෝ පාට පැන්සල්වල පැහැය නැවතත් ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැති බව විශ්වාසයි.
  •  කුණු දාන බෑග් එක හෝ කුණු බඳුනින් දුගඳ හමනවාද? නැත්නම් කුණු දමන වළ ගඳයිද? දෙහි හෝ ලෙමන් ගෙඩි කීපයක පොතු කුණු බඳුනට, එහෙමත් නැත්නම් කුණු වළ අසලට දමා තබන්න. සුළු වේලාවකින්ම දුගඳ නැති වී යාවි.
  •  බිත්තියේ තිබෙන පාට කූරු හෝ ප්ලැටිග්නම් ඉරි සේදුවාට මැකෙන්නේ නැහැ. එහෙනම් කරන්න තිබෙන්නේ බේකිං සෝඩා ටිකක් තෙත ස්පොන්ජ් එකකට දාලා හොඳින් ඇතිල්ලීම විතරයි. බොහොම පහසුවෙන් ඒවා ඉවත් කර පිරිසිදු කර ගන්න පුළුවන්.
  •  කොණ්ඩය පීරන පනාව පිරිසිදු කරන එක ටිකක් අමාරු දෙයක්. නමුත් ඔබ මුළුතැන්ගෙයි භාජන සෝදන්න පාවිච්චි කරන පිරිසිදුකාරක දියර ටිකක් උණු වතුරට දාලා පනාව එයට දමා තැබුවහොත් පනාවල ඇති කුණු බොහොම ලේසියෙන් ඉවත් වී යනවා. අතුල්ලන්න වුවමනා වෙන්නෙත් නැහැ.
  •  කුෂන් කවර අපිරිසිදු වීමත් එක්කම ඒවායින් ඉක්මනින් දුගඳ හමන්න පටන් ගන්නවා. නමුත් කුෂන් කවර පිරිසිදු කිරීම පහසු නැහැ. ඔබ කුෂන් කවර මතට බේකිං සෝඩා ඉස විනාඩි 15ක් තිබෙන්නට හැර වැකුම් කර බලන්න. දුගඳ හෝ අපිරිසිදු බව ක්ෂණිකව අතුරුදන් වේවි.
  • කුස්සියේ සින්ක් එකේ වතුර හිර වෙලාද? එහෙනම් විනාකිරි කෝප්ප කාලකට බේකිං සෝඩා කෝප්ප කාලක් දමා හොඳින් මිශ්‍ර කර සින්ක් එකේ වතුර බහින සිදුර ළඟට දමන්න. නළ මාර්ග ගලවා ගෙන මහන්සි වෙන්න වුවමනා වෙන්නේ නැහැ.
  •  අපිරිසිදු සපත්තු හොඳින් පිරිසිදු කර ගන්න කරන්න තිබෙන එකම දේ තමයි ටූත් පේස්ට් දමා අතුල්ලන එක.
  •  ඔබ පළඳින රත්තරන් ආභරණවල දීප්තිමත් බව අඩු වෙලාද? එහෙනම් ආභරණ මත බේබි පවුඩර් ටිකක් දාලා හොඳින් මදින්න. අලුත්ම අලුත් ආභරණයක් බවට පත් වේවි.
  •  පාවිච්චි කරපු තුවා සෝදන කොට මේ උපක්‍රමය පාවිච්චි කරලා බලන්න. මද උණුසුම් ජලයට ඇමෝනියම් ටිකක් දාලා තුවාය එහි පෙඟෙන්නට හරින්න. විනාඩි 10කට පසු මිරිකා වේලෙන්නට දමන්න. තුවාවල ඇති අව පැහැය නැති කර ගන්න පුළුවන්.
  •  කටිං බෝඞ් එක අවපැහැ වෙලා? දුගඳ හමනවද? දෙහි බෑයක් අරගෙන අතුල්ලන්න. එහෙමත් නැත්නම් ලුණු ටිකක් හෝ බේකිං සෝඩා ටිකක් ඉස විනාඩි 10ක් විතර තබා සෝදා හරින්න. අපිරිසිදු බව වගේම දුගඳත් නැති වී යාවි.
  • රිදී ආභරණ අවපැහැ වෙලා නම් ටූත් පේස්ට් ටිකක් අරගෙන ආභරණවල ආලේප කර හොඳින් අතුල්ලන්න. බොහොම පහසුවෙන් අවපැහැය නැති කර ගන්න පුළුවන්.
  • ආහාරවල ඇති කහ පැල්ලම් ඇඳුම්වල වැදුණොත් කොච්චර සේදුවත් යන්නේ නැහැ. නමුත් එක වරක් භාජන සෝදන පිරිසිදුකාරක දියර ටිකක් දමා සෝදා බලන්න. දැන් ඉතිං ඔබ කොහෙත්ම කහ පැල්ලම්වලට බිය වෙන එකක් නැහැ.
  •  පෝසිලේන් භාණ්ඩ පිරිසිදු කරන්න සාමාන්‍ය පිරිසිදුකාරකවලට වඩා හොඳ දෙයක් තියෙනවා. ඒ මොනවද දන්වද? වොඩ්කා, වොඩ්කාවලින් තරම් වෙන කිසිම දෙයකින් පෝසිලේන් හොඳින් පිරිසිදු වෙන්නේ නැහැ
  • ප්‍රතිභා රත්නසූරිය
TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>