TT Ads

කටු අනෝදා යනු ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ රසවත් පලතුරකි. දියවැඩියාව පාලනය කිරීම සහ වකුගඩු ආරක්ෂා කිරීමේ හැකියාවෙන් පිරිපුන් කටු අනෝදා පිළිකා නාශක ආහාරයක් ලෙසද සැලකෙයි.

ඉදුණු කටු අනෝදා ග්‍රෑම් 100ක පෝෂණය.
 ශක්තිය කැලරි 61.3
 ප්‍රෝටීන් ග්‍රෑම් 1.4
 කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 15.7
 පොස්පරස් මිලි ග්‍රෑම් 27.7
 කැල්සියම් මිලි ග්‍රෑම් 10
 විටමින් A මයික්‍රොග්‍රෑම් 33
 රයිබොග්ලේවන් මයික්‍රො ග්‍රෑම් 50
 නියැසින් මයික්‍රො ග්‍රෑම් 12

කටු අනෝදාවල අඩංගු සංයෝගවල පිළිකා නාශක ගුණය ඉතා ඉහළය. පිළිකා වැළැක්වීමට කටු අනෝදා වලට ඇති හැකියාව පර්යේෂණවලින්ද තහවුරු වී ඇත. විශේෂයෙන් අග්න්‍යාශ පිළිකා, සමේ පිළිකා වැළැක්වීමේ හැකියාවක් කටු අනෝදාවල තිබේ. මීට අමතරව කටු අනෝදා යනු ප්‍රතිඔක්සිකාරක ගුණ, ප්‍රතිජීවක ගුණ, හෘදය වස්තුව සහ ආරක්ෂා කිරීමට ඇති හැකියාව, ප්‍රතිප්‍රදාහ ගුණ, ප්‍රතිශක්තිය, ඉහළ නැංවීමේ හැකියාව, LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිපරයිඞ් අඩු කිරීම, තුවාල සුව කිරීම, වලිප්පුව ඇතිවීම වැළැක්වීම සහ දියවැඩියාව පාලනය කිරීම යන ඖෂධීය ගුණාංගවලින්ද සමන්විත පලතුරක් බව මේ වන විට පර්යේෂණවලින් සනාථ වී තිබේ.

කටු අනෝදාවල ඖෂධීය ගුණය එතෙකින් හමාරවන්නේද නැත. එයට මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක්ද ඉතා ඉහළය. කටු අනෝදා ආහාරයට ගැනීමෙන් වකුගඩු ගල් දියවන බවද පර්යේෂණාත්මකවද සොයාගෙන ඇත. එමෙන්ම අනෝදා යුෂ මිරිකා පානය කිරීම අර්ශස් රෝගයට ඉතා සුදුසුය. කටුඅනෝදා මල් කැස්සට සහ පීනසයට ගුණදායකය. විදුරු මස් වලින් ලේ ගලන විට කටු අනෝදා කොළ ඖෂධයක් වශයෙන් ආහාරයට ගනී.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>