TT Ads

ධනය, වාසනාව වැඩි කරලීමේ විශ්මිත බලයක් ජලයට හා ජලය වැටෙන ශබ්දයට ඇති බවට විශ්වාසයක් පවතී. නිවසේ උතුරේ හෝ ගිනිකොණ පෙදෙසේ වතුර මලක් හෝ ජලය ගලා බසින ශබ්දය නිකුත්වන බඳුනක් තැබීමෙන් ධන වාසනාව උදාවන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. නමුත් නිවස ඇතුළත ඇති වතුර මලකින් ජලය පිටතට ගලා යෑම සුදුසු නැත.

කෙසේ නමුත් නිවසේ මැද කොටසට ජලය සම්බන්ධ කර ගැනීම අශුභ දායකය. විශේෂයෙන් මාළු ටැංකියක් වතුර මලක් හෝ පොකුණක් තිබීම අයහපත් බව සැලකේ. ඒ තුළින් රෝග පීඩා හා ධන හානි සිදුවිය හැකිබව වාස්තු විද්‍යානුකූලව පිළිගැනේ.

නිවස ඇතුළත ගිනිකොණ දෙසින් මාළු ටැංකියක් තැබීම තුළින් යහපත් ප්‍රතිඵල ඇති වේ. ඒ අතරම පැළ සහිත පෝච්චි කිහිපයක්ද ගිනිකොණ දිශාවේ තැබීම ඉතා යහපත් වේ. නමුත් ගිනිකොණ පැත්තේ නිදන කාමරයක් ඇත්නම් ඒ පැත්තේ ජලය හෝ මල් පැළ තැබීම නුසුදුසුයි. එසේම නිදන කාමරයේ පැළෑටි, විසිතුරු ශාක හෝ ජල බඳුන් හෝ වතුර මල් තැබීම සුදුසු නැත. නමුත් ගිනිකොණ පැත්තේ නිදන කාමර නොමැති නම් විසිතුරු පැළ සහ ගස් වර්ග වැවීම තුළින් ධන සම්පත වර්ධනය වන බව විශ්වාස කෙරේ. විශේෂයෙන් ඝනකම් පත්‍රසහිත විසිතුරු ශාක වලින් නිවස ධන උල්පතක් කරගත හැකි බව වාස්තු විද්‍යානුකූලව පිළිගැනේ.

(වාස්තු විද්‍යා උපදෙස් ඇසුරිනි)

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>