TT Ads

ඕනෑම ගැහැණු කෙනෙක් නියම වයසට වඩා අඩු පෙනුමක් තියෙනවා නම් හරිම කැමතියි. නමුත් ශ‍්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවල ඉන්න අය බොහෝවිට නියමිත වයසට වඩා වැඩියෙන් මිස අඩුවෙන් පෙනෙන්නේ නැති තරම්. ඒකට හේතුව මොකක් ද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ ගැන හරිම අපූරුවට පැහැදිලි කරලා දෙන සුරූපිණියන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් චීන ජාතික නිළියක් සහ ව්‍යාපාරිකාවක්. ඇගේ නම ලියු ෂියෝකිං. අනිත් කෙනා ජපන් ජාතික නිරූපිකාවක්. නම මසාකෝ මිසුටනි. වරක් ”සුපර් ලයිව්” වෙබ්අඩෙවිය මේ දෙන්නාට සමාන ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් සාකච්ඡාවක් කළා.
1.සුපර් ලයිව්
මම කැමතියි ඔබ දෙදෙනාගේ ඇත්ත වයස දැන ගන්න.
ලියු
මම ඉපදුනේ 1955 අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා. මේ වෙද්දි වයස අවුරුදු 64 යි.
මසාකෝ
මට වයස 51 යි. උපන්නේ 1968 මැයි 11.

2.සුපර් ලයිව්
ඔබ දෙදෙනා ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය වෙලා ඉන්නේ රංගනය හෝ නිරූපණයට වඩා තරුණ පෙනුම නිසා කියලා මට හිතෙනවා.
ලියු
80 දශකය තමයි මගේ පීක් එක. ඒ කාලෙ මගේ පෙනුම නිසා මට ගොඩක් නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඒ නිසා තමයි ඒ පෙනුම දැනටත් පවත්වා ගන්න මහන්සි වෙන්නේ. මේ වෙද්දි නම් වැඩිය නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. ව්‍යාපාරික කටයුතු නිසා. ඒත් පෙනුම නිසා ජනප‍්‍රියත්වය එහෙමම තිබෙනවා.
මසාකෝ
නිරූපිකාවක් විදියට පැවැත්මක් තියෙන්නේ රූපය සහ සිරුරේ හැඩය නිසයි. එය පවත්වා ගන්න ගත්තු උත්සාහය නිසා අදටත් ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්න අවස්ථාව ලැබිලා තියනවා. මගේ වයසේ අනිත් අය මේ වෙද්දි විශ‍්‍රාම අරන්.

          ලියු                                                       මසාකෝ

 

3.සුපර් ලයිව්
තරුණ බව රැුකගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා නම් කියන්න එපා.
ලියු
තරුණ බව රැුක ගන්න කරන දේවල් නෙවෙයි, කරන්නේ නැති දේවල් මොනවද කියලා ඇහුවොත් තමයි හරි. පළමුවෙනි කාරණය තමයි මම මේක් අප් කරන්නේ නැහැ. මේක් අප් නිසා සමට සිද්ධ වෙන හානිය අපිට පෙනෙන්න ගන්නේ වයසට යද්දි. මම මේක් අප් කරන එක නතර කළේ අවුරුදු 26 දි. මේ වෙද්දි ලිප්ස්ටික් එකක් සහ රෝස් පවුඩර් එකක් හැර වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. දෙවෙනි කාරණය ආහාර. උදේට සහ දවල්ට හොඳට කනවා. හැබැයි එළවළු සහ පළතුරු. බර දේවල් කන්නේ නැහැ. ?ට සුප් එකක් හෝ පළතුරු ජූස් එකක් බොනවා. මදි වගේ නම් එළවළු ටිකක් තම්බලා කනවා. පිටි සහිත කෑම මගේ ගෙදර හැදෙන්නෙම නැහැ. උදේ 4 ත් 5 ත් අතර නැගිටලා දවසකට විනාඩි 40 ක් ව්‍යායාම කරනවා. මේ පහුගිය අවුරුදු 40 පුරාම මම ජීවත් වෙන විදිය තමයි ඒ.
මසාකෝ
රූපය පවත්වා ගන්න වගේම තරුණ බව පවත්වා ගන්නත් පුංචි දේවල් ටිකක් කරනවා. හැබැයි වියදම් වැඩි දේවල් නම් නෙවෙයි. කෑම පාලනය කරන එක තමයි පළවෙනි දෙය. උදේ කෑම එක තමයි හොඳටම කන්නේ. මස් හෝ මාළු වර්ගයක්, සලාදයක් එක්ක බත් කෝප්පයක් ප‍්‍රමාණවත්. දවල්ට බත් කෝප්ප බාගයක් එක්ක මාළු, එළවළු, ධ්‍යාන වර්ගයක් සහ සලාද වර්ගයක්. එහෙමත් නැත්නම් නූඞ්ල්ස් කෝප්පයක්. ?ට නම් කන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට සුප් එකක් විතරයි. පෙනුම රැුක ගන්න හොඳම සහ පහසුම ක‍්‍රමය තමයි ආහාර. මේක් අප් ගැන කියනවා නම් මොන තරම් නිරූපණ ප‍්‍රසංග තිබුණත් මම පැය 3 කට වඩා වැඩියෙන් මේක් අප් ආලේප කරගෙන ඉන්නේ නැහැ. ඒ වගේම මේක් අප් කරද්දි මගේ මේක් අප් සෙට් එක විතරක්ම පාවිච්චි කරන්න පරෙස්සම් වෙනවා. මට මම මිලදී ගන්නා නිෂ්පාදනවල ප‍්‍රමිතිය ගැන විශ්වාසයි. බාල නිෂ්පාදන නිසා සමට හානි වුණු අවස්ථා මම ඕනෙ තරම් දැකලා තියනවා.
4.සුපර් ලයිව්
තරුණ බව රැුක ගන්න උපදෙසක් දෙන්න පුළුවන් ද?
ලියු
පුරුද්දක් විදියට ව්‍යායාම කරන්න. හරියට මුහුණු සෝදනවා, දත් මදිනවා වගේ. එහෙම වුණාම එය නොකර බැරි තත්වයකට පත් වෙනවා. ව්‍යායාම කරන්න හොඳම වේලාව උදේ කාලය. හවසට ව්‍යායාම කළාම මහන්සියට වැඩිපුර බඩගිනි වෙනවා. එතකොට වැඩිපුර කන්න හිතෙනවා. ඒ නිසා කවදාවත් හවසට ව්‍යායාම කරන්න එපා. මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ක‍්‍රීඩාවක් පුහුණු වීම ගැන නෙවෙයි මම මේ කියන්නේ. සෞඛ්‍යය තත්වය පවත්වා ගන්න ව්‍යායාම කරන් එක ගැනයි. අනිත් එක ඔබව ලස්සන කරනවා කියලා හිතන මේක් අප් තමයි ඔබව කැත කරන්නේ. ඒ නිසා මේක් අප්වලට වෛර කරන්න.
මසාකෝ
හැම තිස්සේම හිනා වෙන්න. කරදරයක් වුණත් හිනා වෙන්න. අනිත් අයට නෙවෙයි, තමන්ටම. එතකොට හිත ලස්සන වෙනවා. හිත ලස්සන වුණාම මුහුණත් ලස්සන වෙනවා. කෑම කද්දි කන දේ ගැන අවදානයෙන් හොඳට වෙලාව අරගෙන කෑම කන්න. දඩිබිඩියේ කන එකෙන් කොච්චර ගුණදායී කෑමක් වුණත් ඇ`ගට වැඩක් නැහැ. වැදගත්ම දේ තමයි ”මම ලස්සනයි, මම තරුණයි” කියලා හැමතිස්සේම හිතන්න. ”අයියෝ මම වයසට ගිහිල්ලනේ, මහත් වෙලානෙ, කැත වෙලානෙ” කියලා හිතන්නවත් එපා. මාස 3 ක් ඇති ඔබටත් මම වගේ වෙන්න.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>